Diriya

සේවකයෙකු තෝරා ගැනීම: මුල් තැන දිය යුත්තේ අධ්‍යාපනයටද? පළපුරුද්දටද?

choose an employee

රැකියා භූමිකාවක් සඳහා වඩාත්ම සුදුසු අපේක්ෂකයෙක් බඳවා ගැනීමේදී, උසස් උපාධියක් සහිත අයෙකු සුදුසුද? එසේත් නැතිනම් රැකියා පළපුරුද්දක් ඇති අයෙකු සුදුසුද යන්න තීරණය කිරීම ඉතා වැදගත් වේ. ඔබ අවසානයේදී බදවාගන්නා සේවකයා ඔහුට හෝ ඇයට ලබාදී ඇති තනතුර ඉතාම හොදින් සපුරාලිය හැකි අයෙකු වීම අත්‍යාවශ්‍ය වේ.

උසස් අධ්‍යාපනය සහ ප්‍රායෝගික අත්දැකීම් යන කරුණු දෙකෙහිම වාසි සහ අවාසි ඇත. එසේනම්, රැකියා අපේක්ෂකයින් තුළ ඔබ සැබවින්ම සෙවිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව සොයා බලමු.

උසස් අධ්‍යාපනයවෘත්තීය පළපුරුද්ද
ඔවුන්ට කර්මාන්තයට අදාළ, වඩා හොඳ න්‍යායික දැනුමක් ඇත.අදාළ කර්මාන්තයේ සැබෑ ජීවිතයේ අත්දැකීම් පිළිබඳ ඔප්පු කළ පළපුරුද්දක් ඔවුන්ට ඇත.
ඉගෙනීමට ආශාවක් ඇති අතර වසර ගණනාවක් වෙහෙස මහන්සි වී ස කැපවී සිටිය හැකිය.සැබෑ ජීවිතයේ සන්දර්භයක් තුළ, ඔවුන්ගේ හැකියාවන් ඔප්පු කිරීමට අවශ්‍ය බැවින්, රැකියාව තුලින් ඉගෙනීමට ඔවුන් උනන්දු විය හැකි අතර, එමගින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ඔවුන්ට හැකියාව ඇත.
ඔවුන් වසර ගණනාවක හරහා ඉගෙනගත් විශේෂිත කුසලතා සමූහයක් සමඟ පැමිණෙනු ඇත. කෙසේ වෙතත්, ඔවුන්ට එම කුසලතා යෙදිය හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් යම් යම් සීමා තිබිය හැකිය.ඔවුන් වැඩ කරන අතරතුර ලබාගත් කුසලතා රාශියක් සමඟින් රැකියාවට පැමිණෙනු ඇත. නිපුණතා යෙදීම සම්බන්ධයෙන් ඔවුන් වඩාත් ගතික සහ බහුකාර්ය කුසළතා පෙන්විය හැක.

 

ඔවුන් හොඳ සම්බන්ධතා ජාලයක් සමඟ පැමිණෙන අතර, බොහෝ විට අනෙකුත් අය සමග ගණුදෙණු කිරීමේදී ඉතා උසස් ප්‍රතිඵල අත්කරගනු ඇත.

ඔවුන්ට පුළුල් පරාසයක සම්බන්ධතා සඳහා ප්‍රවේශය නොතිබිය හැකිය. විශේෂයෙන් ඔවුන් විශ්ව විද්‍යාලයෙන් පිටත්වු නවකයන් නම්, මිනිසුන් සමග වැඩ කිරීමේදී කුසලතා වර්ධනය කිරීමට ඔවුන්ට යම් කාලයක් අවශ්‍ය විය හැකිය.අදාළ කර්මාන්තයේ සැබෑ ජීවිතයේ අත්දැකීම් පිළිබඳ ඔප්පු කළ පළපුරුද්දක් ඔවුන්ට ඇත.

 

ඔවුන් හොඳ සම්බන්ධතා ජාලයක් සමඟ පැමිණෙන අතර, බොහෝ විට අනෙකුත් අය සමග ගණුදෙණු කිරීමේදී ඉතා උසස් ප්‍රතිඵල අත්කරගනු ඇත.

වැටුප් ගැන ඔබ දැන ගත යුත්තේ කුමක්ද?

උපාධියක් හෝ බහුවිධ උපාධි ඇති අයෙකු රැකියා පළපුරුද්දක් පමණක් ඇති කෙනෙකුට වඩා වැඩි වැටුපක් ඉල්ලා සිටින බවට සාමාන්‍යයෙන් පූර්ව නිගමනයක් ඇත. ඇත්ත වශයෙන්ම, සමහර රැකියා සඳහා පමණක් අදාළ විනය පිළිබඳ උපාධියක් ඇති අපේක්ෂකයින් සෙවිය යුතුය. කෙසේ වෙතත්, තාර්කිකව කිවහොත්, ලබාදෙන වැටුප සේවායෝජකයාගේ අභිමතය පරිදි තීරණය කරනු ලබන අතර, සාමාන්‍යයෙන් අපේක්ෂකයාගේ කුසලතා සහ හැකියාවන් අනුව මෙය තීරණය වේ. සම්මුඛ පරීක්ෂණයේදී අපේක්ෂකයාගෙන් ඔවුන්ගේ වැටුප් අපේක්ෂාව කුමක්දැයි විමසීම ඔබට වඩාත් සුදුසු වනු ඇත. පසුව ඔවුන් ඉල්ලන වැටුප, නිශ්චිත රැකියා භූමිකාව සහ, දැනටමත් වෙන් කර ඇති වැටුප් පරාසය සමග ගැලපේද යන්න තීරණය කරන්න.

සේවා යෝජකයෙකු ලෙස ඔබ සැබවින්ම සෙවිය යුත්තේ කුමක්ද?

උපාධි සහ රැකියා පළපුරුද්ද අතර විවාදය ගැන සිතන විට, බොහෝ සේවා යෝජකයින් රැකියා භූමිකාවේ සහ කර්මාන්තයේ විශේෂතා මත පදනම්ව තීරණ ලබා දෙනු ඇත. සමහර විට එය සම්පූර්ණයෙන්ම අපේක්ෂකයා මත පදනම් වනු ඇත.

සේවා යෝජකයින් බොහෝ විට අධ්‍යාපනය සහ අත්දැකීම් සම්මිශ්‍රණයක් සහිත අපේක්ෂකයන් සොයයි. ඔබ අධ්‍යාපනය පමණක් තෝරා ගන්නේ නම්, වැදගත් කුසලතා වර්ධනය කිරීම සඳහා සීමාවාසික පුහුණුවක් හෝ වෙනත් සේවා පළපුරුද්දක් සම්පූර්ණ කිරීමට ඔවුන් දිරිමත් කිරීම සලකා බලන්න. ඔබ අත්දැකීම් පමණක් තෝරා ගන්නේ නම්, අයදුම්කරුවන්ට ඔවුන්ගේ විශේෂඥභාවය තහවුරු කර ගැනීම සඳහා අදාළ සහතික කිරීම් හෝ පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දෙන්න.

තවත් වටිනා ව්‍යාපාරික දැනුම සඳහා අපේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Exit mobile version