Diriya

වත්මන් අර්බුදය තුළ සන්නිවේදන උපාය මාර්ග

Communication Blueprint

මේ වන විට රට අර්බුදයකට වැටී ඇති අතර, දිවයිනේ සෑම පුද්ගලයෙකුටම මොනයම් ආකාරයකින් හෝ මින් බලපෑම් එල්ල වෙමින් පවතී. ව්‍යාපාරවලට ලාභය නැති වී ඇති අතර ව්‍යාපාරයක සරලතම මෙහෙයුම් වල වියදම් දැරීමට පවා නොහැකි වීමේ අවදානම වැඩි වෙමින් පවතී. නමුත් ඔබට උපකාර වන වත්මන් අර්බුදය තුළ සන්නිවේදන උපාය මාර්ග ගොඩනගා ගත හැකි ක්‍රම පිළිවෙත් කිහිපයක් මෙන්න.

කල් වේලා ඇතිව සැලසුම් කරන්න

සිදුවිය හැකි සෑම අර්බුදයක්ම, සහ ඊට සුදුසු ප්‍රතිචාරයක් ගෙනහැර දක්වන සවිස්තරාත්මක සැලැස්මක් සාදන්න. මෙම සැලසුම් සදහා කාළය බෙහෙවින් වැය වන අතර, බොහෝ සංවිධාන ඒවා නිර්මාණය නොකරන්නේ එබැවිනි. කෙසේ වෙතත්, අර්බුදයකට මුහුණ දෙන විට, මෙම සැලසුම් සැබවින්ම ඔබට කාලය සහ සම්පත් ඉතිරි කර දෙනු ඇත. අර්බුදයකදී විධායක, සන්නිවේදන සහ මෙහෙයුම් කණ්ඩායම්වල සෑම සාමාජිකයෙකුටම ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකි සැලැස්මක් ළඟ තබා ගැනීම බුද්ධිමත් ක්‍රියාවකි.

ඔබේ පාරිභෝගිකයාට මුල් තැන දෙන්න

අර්බුදයක් සාමාන්‍යයෙන් දැඩි සෘණාත්මක හැඟීම් ගෙන එයි. ඔබේ සමාගම අතින් වරදක් වූයේ නම්, ඔබේ අසතුටුදායක ගනුදෙනුකරුවන් ‍Yelp වැනි සමාලෝචන අඩවිවල හෝ සමාජ මාධ්‍යවල සෘණාත්මක අදහස් ලිවිය හැකිය. මෙය සිදු වූ විට, දොස් පැවරීම් නොකරන්න. ඔබේ සමාගම් බ්ලොගය ඇතුළුව ඔබේ සමාජ මාධ්‍යවල මිත්‍රශීලී, සුහද සහ, නිහතමානී සන්නිවේදනයක් ඇති කිරීමට උත්සාහ කරන්න. මේ සදහා වත්මන් අර්බුදය තුළ සන්නිවේදන කටයුතු වලදී ඔබට දිය හැකි ප්‍රතිචාර කිහිපයක් වනුයේ;

කඩිනම්ව නමුත් නිවැරදිව වැඩ කරන්න

කඩිනම් භාවය අත්‍යවශ්‍යයි, නමුත් ඔබට නිරවද්‍යතාවය ඒ වෙනුවෙන් කැප කළ නොහැක. කොරෝනා වයිරස් වසංගතය මෙන්ම දැනට පවතින තත්වය පිළිබදවද සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රවෘත්ති රාශියක් තිබේ. සාවද්‍ය තොරතුරු, අර්බුදයකදී ඔබේ පාරිභෝගිකයන් කලබලයට පත් කරයි. ඔබ ඔබේ වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍යවල පළ කරන හෝ මාධ්‍යවේදීන්ට පොදු ප්‍රතිචාර ලෙස ලබා දෙන සියලුම තොරතුරු සහ උපකාරක ද්‍රව්‍ය නිවැරදි බවට වග බලා ගන්න. අවිනිශ්චිතතාවය, කාංසාව සහ කටකතා අඩු කිරීම සඳහා නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම් සපයන්න. හැකි නම්, ඔබේ සමාගම සඳහා තනි ප්‍රකාශකයෙකු නම් කරන්න. ඔබ විවිධ නාලිකා හරහා යවන සියලුම තොරතුරු (ජන මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ ඔබේ සමාගම් වෙබ් අඩවිය) අවංක, විවෘත, විනිවිද පෙනෙන සහ ස්ථාවර විය යුතුය.

අර්බුදය තුළ සන්නිවේදන කටයුතු වලදී අව්‍යාජ වන්න

ගනුදෙනුකරුවන්/මිනිසුන් විශ්වාසදායක සහ අව්‍යාජ තොරතුරු මාර්ග කෙරෙහි ඉතා ධණාත්මක ප්‍රතිචාර දක්වයි. ඔබගේ සියලුම ලිඛිත හෝ ශ්‍රව්‍ය සන්නිවේදන අවංක විය යුතුය. හැකිතාක් දුරට පාරිභෝගිකයා සමඟ අව්‍යාජව, ඉවසිලිවන්තව සහ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට ඔබේ කාර්ය මණ්ඩලයට උගන්වන්න. ගනුදෙනුකරුවෙකු සන්සුන් වූ පසු යම් අවස්ථාවක කෝපයට පත් වුවද, ඔබ අව්‍යාජ බව ඔවුන්ට වැටහෙනු ඇත.

මේ මොහොතේදී අප සියළුම දෙනා ඉතාමත්ම අස්ථීර කාළ වකවානුවක් ගතකරන නිසාවෙන්ම, මෙම කරුණු සිහි තබාගැනීමෙන් ඔබගේ ව්‍යාපාරයට සෙතක් පමනක්ම සිදුවනු ඇත.

තවත් වටිනා ව්‍යාපාරික දැනුම සඳහා අපේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

Exit mobile version