Diriya

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ආරම්භක පියවරේ ගිණුම්කරණය සහ පොත් තැබීම

පොත් තැබීම සහ ගිණුම්කරණය යනු ඕනෑම ව්‍යාපාරයක දී, විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව තුල ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දී, දැඩිව අවධානය යොමු විය යුතු අංශයන්. මෙවැනි මූල්‍ය භාවිතයන්, හොඳින් ග්‍රහණය කර ගැනීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුල දැනුම්වත් තීරණ ගැනීමට, ව්‍යාපාරයෙහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට, සහ බදු රෙගුලාසි සමඟ අනුකූලව ගිණුම් ක්‍රියාත්මක වන්නේ දැයි තහවුරු කර ගැනීමට, පහසුවෙන් ඉඩ කඩ සකසා දෙයි.

පහත ඇත්තේ, ශ්‍රී ලංකාව තුල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වන ආරම්භක මට්ටමේ පොත් තැබීමේ සහ ගිණුම්කරණයේ පියවර:

පොත් තැබීමේ මූලිකාංග

පොත් තැබීම යනු, මූල්‍යමය ගනුදෙනු පිළිබඳ වාර්තා තබා ගැනීමේ ක්‍රියාවලියයි. ඔබේ ව්‍යාපාරය තුලට පැමිණෙන මුදල් සියල්ල (ආදායම) සහ එයින් ඉවතට යන මුදල් සියල්ල (වියදම) පිළිබඳ වාර්තා තබා ගැනීම මෙයට ඇතුළත් වෙයි.

මෙය ඔබේ පොත් තැබීමේ පද්ධතියේ අඩිතාලමයි. ඔබේ ව්‍යාපාරයට අයිති මුදල්, විකුණුම්, වියදම් වැනි ගිණුම් පිළිබඳ වාර්තා මෙහි තැබෙයි. සෑම ගිණුමකට ම අදාළ ව සිදු වන ගනුදෙනු, හර සහ ණය ලෙස මෙහි සටහන් වෙයි.

මෙය වඩාත් සුලබ පොත් තැබීමේ ක්‍රියාවලියයි. සෑම ගනුදෙනුවක් පිළිබඳවම දෙවතාවක් වාර්තා තැබීම මෙහි දී සිදු වේ. එක ගිණුමක හර පැත්තෙන් වරක් සහ, තවත් ගිණුමක ණය පැත්තෙන් වරක් ලෙස මෙය සිදු වේ. මෙය ඔබගේ පොත් වල ගණනයන් නිවැරදි බවට ඔබට නිරන්තරයෙන් තහවුරු කරයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් තුල පොත් තැබීමේ දී ගත යුතු ක්‍රියාමාර්ග

ඔබ මිල දී ගැනීමක් හෝ විකිණීමක් කරනා සෑම මොහොතකම, ඔබ එය පොතක වාර්තා තැබිය යුතුය. ගනුදෙනුවලට අදාළ සියලු ඉන්වොයිසි සහ රිසිට් පත් ළඟ තබා ගැනීම ද මීට ඇතුළත් වේ.

ඔබේ බැංකු ප්‍රකාශන ඔබේ සාමාන්‍ය ලෙජරය සමඟ ගැළපෙනු පිණිස නිතිපතා ප්‍රතිසන්ධාන කරන්න.

ඔබට සේවකයින් සිටී නම්, ඔබ ඔවුන්ගේ වැටුප්, කපා හැරීම් සහ බදු ගෙවීම් පිළිබඳ වාර්තා තබා ගත යුතුය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ගිණුම්කරණය

ගිණුම්කරණය යනු ගනුදෙනු පිළිබඳ වාර්තා කිරීමට එහා දෙයකි. මූල්‍යමය දත්ත විශ්ලේෂණය කොට ඔබේ ව්‍යාපාරයේ මූල්‍යමය සෞඛ්‍යය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ද ඊට ඇතුළත් වේ. මෙම දත්ත උපයෝගී කර ගනිමින් ගිණුම්කරුවන් මූල්‍ය ප්‍රකාශන සකසයි. ඒවා පහත පරිදි වේ:

ආදායම් ප්‍රකාශය: යම් කාලයක් සඳහා, ඔබේ ආදායම, වියදම් සහ ශුද්ධ ලාභය මෙහි පෙන්වනු ලබයි.

තුලන පත්‍රය: මෙය යම් මොහොතක, ඔබ සතු වත්කම්, ශක්‍යතාවන් සහ හිමිකරුගේ භාරය පෙන්වනු ලබයි.

මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය: මෙය ඔබගේ ව්‍යාපාරය තුලට පැමිණෙන සහ ඔබගේ ව්‍යාපාරයෙන් ඉවතට යන මුදල් පෙන්වයි.

සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුල පොත් තැබීමේ සහ ගිණුම්කරණයෙහි වාසි

මිල සඳහන් කිරීම, ආයෝජන සහ තොග කළමනාකරණය වැනි කටයුතු සඳහා අවශ්‍ය දැනුම්වත් තීරණ ගැනීම සඳහා මූල්‍ය දත්තවලට සහය විය හැක.

බැංකු සහ අනෙකුත් ණය දෙන්නන් වඩා හොඳ මූල්‍ය වාර්තා සහිත ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට වැඩි ඉඩක් ඇත.

නිසි පොත් තැබීම ඔබට නිවැරදිව ගණනය කිරීම් සිදු කිරීමට සහය වන අතර, ඔබේ බදු ගෙවීමට ඇති හැකියාව සහතික කරයි.

ඔබේ මූල්‍ය වාර්තා පිළිවලින් ඇති බව දැන ගැනීම, ඔබගේ සිතේ නිදහසට හේතු වනු ඇති අතර, ඔබට ඔබේ ව්‍යාපාර වර්ධනයට මනස යොමු කිරීමට එය හේතු වනු ඇති.

ශ්‍රී ලාංකේය සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සම්පත් මූලාශ්‍ර

ශ්‍රී ලංකාව තුල සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි පොත් තැබීම සහ ගිණුම්කරණය ඉගනුම සඳහා ඕනෑ තරම් සම්පත් මූලාශ්‍ර පවතී. මේ එයින් කිහිපයකි.

ශ්‍රී ලාංකේය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අමතරව සලකා බැලිය හැකි කරුණු කිහිපයක්

ශ්‍රී ලංකාව සතුව භාණ්ඩ හා සේවා බද්දක් (GST) ඇති අතර ව්‍යාපාර ඒ සඳහා ලියාපදිංචි වී එයට අනුකූලව කටයුතු කළ යුතුය. ඔබේ පොත් තැබීමේ සහ ගිණුම්කරණ පද්ධතියට භාණ්ඩ හා සේවා බදු ගණනය කිරීම් සහ වාර්තාකරණය හැසිරවීමට හැකි විය යුතුය.

ඔබේ පොත් තැබීමේ සහ ගිණුම්කරණ කාර්යයන් ස්වයංක්‍රීය කිරීමට ඔබට උපකාර කළ හැකි ගිණුම්කරණ මෘදුකාංග වැඩසටහන් ගණනාවක් තිබේ. මෙම මෘදුකාංගවලට ඔබේ කාලය සහ මුදල් ඉතුරු කර හැකි අතර, නිරවද්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ද උපකාරී විය හැකි. QuickBooks, Xero, සහ Zoho Books යනු මෙවැනි ජනප්‍රිය මෘදුකාංග කිහිපයකි.

පොත් තැබීමෙහි සහ ගිණුම්කරණයෙහි මූලිකාංග හඳුනා ගැනීමෙන් සහ පවතින සම්පත් මූලාශ්‍රවල ප්‍රයෝජනය ලබා ගැනීමෙන්, තම ව්‍යාපාරයේ මූල්‍ය සෞඛ්‍යය සහ දියුණුව සාක්ශාත් කර ගැනීමට ශ්‍රී ලාංකේය සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හැකි වනු ඇත.


Exit mobile version