Diriya

නවෝත්පාදනයේ බලය උපයෝගී කර ගැනීම: ආර්ථික බිඳ වැටීම්, අවස්ථා බවට පත් කර ගැනීම

Disaster Risk Reduction

ව්‍යාපාරවලට සැලකිය යුතු කැලඹීමක් ඇති කරමින් අනපේක්ෂිත ලෙස ආර්ථික විපත් ඇති විය හැකි. කෙසේ වෙතත් ව්‍යාකුල තත්වයන් යටතේ නව්‍යකරණය සහ අනුවර්තනය විය හැකි ව්‍යාපාර නොනැසී පැවතුණා පමණක් නොව පසුව දියුණු වූ බව ද ඉතිහාසය විසින් පෙන්වා දෙනවා.

මෙම ලිපිය හරහා ආර්ථික අර්බුද කාලවල දී සිදු වූ විපත් සිය අවස්ථා බවට පරිවර්තනය කර ගත් ව්‍යාපාරවල විශිෂ්ට කතා ගවේෂණය කරමින් ආර්ථික පසුබෑම් සඳහා ඔරොත්තු දිය හැකි ව්‍යාපාර ගොඩනගා ගැනීමට සහ ශක්තිමත් ව නැගී සිටීමට හැකි වූ උපාය මාර්ග පිළිබඳ අපි හඳුනා ගනිමු.

කඩිසර සහ නම්‍යශීලී වීම:

ආර්ථික අවපාත වල දී වෙනස් වන වෙළඳපොළ තත්වයන්ට ඉක්මනින් අනුවර්තනය වන ව්‍යාපාර බොහෝ විට ජයග්‍රාහකයින් බවට පත් වෙයි. කඩිසර වන සමාගම් ඔවුන්ගේ ව්‍යාපාර ආකෘති නැවත ඇගයීමට ලක් කරන අතර, සිය මෙහෙයුම් කටයුතු ද විධිමත් කරවයි. එමෙන්ම තවදුරටත් තරගකාරී ව සිටීම සඳහා සම්පත් ප්‍රශස්තකරණය සිදු කරයි.

නිදසුනක් ලෙස 2008 ආර්ථික අවපාතයේ දී එවකට ආරම්භක තාක්ෂණික සමාගම් වූ Airbnb සහ Uber වැනි ආයතන සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් බෙදා ගැනීමේ ආර්ථික රටාවකට අනුගත විය. විකාශනය වීමට සහ පරිණාමය වන පාරිභෝගික ඉල්ලීම් සපුරාලීමට ඔවුන්ට ඇති හැකියාව නිසා අන් අය අඩපණ වූ තැන්වල ඔවුන්ට සාර්ථක වීමට හැකි විය.

නවෝත්පාදනය සහ නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම:

නවෝත්පාදන සහ නිර්මාණශීලී සංස්කෘතියක් පෝෂණය කිරීම අර්බුද කාලවල දී ව්‍යාපාර සඳහා ඉතා වැදගත් වේ. රාමුවෙන් පිටත සිතමින් නව විසඳුම් ගවේෂණය කිරීමට සේවකයින් දිරිමත් කිරීම ව්‍යාපාරික භූ දර්ශනයේ ඉදිරි ගමනකට හේතු විය හැකි.

General Electric වැනි සමාගම් ආර්ථික අවපාතයක දී පුනර්ජනනීය බලශක්ති තාක්ෂණික අංශයට මුදල් ආයෝජනය කිරීම මගින් සිය වර්ධනය සඳහා නව මං සොයා ගැනීමට සමත් වූ අතර මෙම උපාය මාර්ගික පියවර ඔවුන්ගේ පරාසය පුළුල් කළා පමණක් නොව නැගීඑන හරිත ආර්ථිකයේ නායකයින් ලෙස ද ඔවුන් ව ස්ථාන ගත කිරීමට හේතු වුනා.

විවිධාංගීකරණය වූ ආදායම් මාර්ග පැවතීම:

තනි ආදායම් මාර්ගයක් මත අධික ලෙස රඳා පැවතීම නිසා ව්‍යාපාර ආර්ථික කම්පන වලට ගොදුරු විය හැකි. සිය ආදායම් ප්‍රභවයන් විවිධාංගීකරණය කරන අය විශේෂිත අංශවල අවපාතයන් සඳහා හොඳින් සන්නද්ධ වේ. උදාහරණයක් ලෙස විලාසිතා වෙළෙන්දන් විසින් ඔවුන්ගේ අන්තර්ජාල සබැඳිය පුළුල් කරමින් COVID-19 වසංගතය තුළ ජාත්‍යන්තර වෙළඳපළ තුළට ඇතුළු වීම සඳහන් කළ හැකි. එමෙන්ම ගඩොල් සහ බදාම ගබඩා වැසීමෙන් සිය පාඩුව පියවා ගැනීමට ද සමත් වුනා.

තාක්ෂණයට සහ ඩිජිටල් පරිවර්තනයට උත්තේජනය ඇති කිරීම:

තාක්ෂණික දියුණුවට ආර්ථික ව්‍යසනයන් මග හැරීම වෙනුවෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකි. ඩිජිටල් පරිවර්තනයකට යොමු වන ව්‍යාපාරවලට සිය කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීම, පුළුල් පාරිභෝගිකයින් පිරිසක් වෙත ළඟා වීම සහ නව ආදායම් ප්‍රවාහයන් අගුළු හැර ගැනීම වැනි තරගකාරී ප්‍රවේශයන් ලබා ගැනීමට හැකි වේ. COVID-19 වසංගතය දුරස්ථ සේවා සැපයීම් වල වැඩි කිරීමක් සිදු කළ අතර එමෙන්ම ඩිජිටල් සහයෝගිතා මෙවලම් භාවිත කිරීමට සහ අතත්‍ය ක්‍රියා පරිසරයකට (Virtual Work Environment) සාර්ථකව අනුවර්තනය වීම සඳහා සමාගම් පෙළඹවීමට සමත් වුනා.

ආර්ථික ව්‍යසනයන් යනු ඉතා ප්‍රබල අභියෝග වන නමුත්, ඒවා ව්‍යාපාරවලට නව්‍යකරණය වීමට සහ වර්ධනය වීමට ද අවස්ථා සලසා දෙයි. කඩිසර වීම, නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම, ආදායම් මාර්ග විවිධාංගීකරණය කිරීම සහ තාක්ෂණය උපයෝගී කර ගැනීම මගින් ව්‍යාපාර වලට අර්බුදකාරී කාලවල දී නොනැසී පවතිනවා පමණක් නොව දියුණු වීමට පවා අවස්ථාව සලසයි. අන් අයගේ සාර්ථක වීම් වලින් ඉගෙන ගැනීමෙන් සමාගම් වලට ඔරොත්තු දෙන සහ සමෘද්ධිමත් අනාගතයකට මග පාදා ගත හැකි වේ.

Content Provided by Content Commune – the.content.commune@gmail.com

Exit mobile version