Diriya

ඔබේ ව්‍යාපාරය හොඳින් ක්‍රියාත්මක වෙනවා ද යන්න දැන ගන්නේ කෙසේ ද?

ආදායම් ඉහළ දමා ගැනීම, පිරිවැය අවම කිරීම සහ අවසන් වශයෙන් ලාබ ලබා ගැනීම කියන දේවල් එක්ක ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම ඉතා සරලයි කියලා හිතෙන්න පුළුවන් නේද? 

ඉතින් ඒ සඳහා මූලිකවම ඔබ නිරන්තරයෙන් ම සහ අඛණ්ඩව අවධානය යොමු කළ යුතු වන්නේ ඔබේ ආදායම සහ ලාභය උපරිම කිරීම සඳහායි. 

එය ඉතා සරල බව හැඟෙන අතර, සමහර විට එය සත්‍ය ලෙස ම සරල වීමට ද හැකි. එමෙන්ම ඔබේ ව්‍යාපාරය කෙතරම් සාර්ථක ද යන්න ඔබට ම මැන බැලිය හැකි පියවර කිහිපයක් ද තිබෙනවා. ඔබේ ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක වනවා ද යන්න තහවුරු කර ගැනීමට ඔබට මෙම සාධක කෙරෙහි අවධානය යොමු කිරීමෙන් දැන ගත හැකි වනු ඇති. 

Lead Generation: මාසිකව හෝ වාර්ෂිකව ඔබ නව විකුණුම් අපේක්ෂාවන් කොපමණ ප්‍රමාණයක් ලබා ගන්නේ ද? 

Lead Conversation: ඔබේ විකුණුම් අපේක්ෂාවන්ගෙන් කොපමණ ප්‍රමාණයක් අවසාන විකුණුම් බවට පත් වනවා ද? 

ගනුදෙනු සංඛ්‍යාව: නියමිත කාලයක් තුළ කොපමණ ගනුදෙනු ප්‍රමාණයක් සිදු වනවා ද සහ එය අඩු හෝ වැඩි වනවා ද, නැතිනම් ස්ථාවර ලෙස පවතිනවා ද? 

ගනුදෙනු ප්‍රමාණය: ඔබේ ගනුදෙනු සංඛ්‍යාව වෙනස් වුවත්, ගනුදෙනුවක සාමාන්‍ය අගය සලකා බැලීමේ දී ගනුදෙනු ප්‍රමාණය වෙනස් ම තත්වයක පැවතීමට ද ඉඩ ඇත. 

අලෙවිය සඳහා ලාබ ආන්තිකය: ඔබ වෙනස් කාලසීමාවකට එදිරිව අද දිනයේ විකිණීම මගින් ව්‍යාපාරයක් සඳහා වැඩි හෝ අඩු ලාබයක් ලබා ගන්නේ ද? 

මිල ඉහළ යාම: වෙළඳපොළ මිල ඉහළ දැමීමකට සූදානම් ද? ඔබට විකල්ප පවතී ද? තරගය විසින්  කුමක් සිදු කරන්නේ ද? 

බිඳ වැටීම් ලක්ෂණ අවම කිරීම: 

බිඳ වැටීමේ ලක්ෂ්‍ය යනු ඔබ උපයන සෑම අමතර රුපියලක් ම ලාභය වෙත යන බව ඔබ දැන ගන්නා අවස්ථාවයි.  

ඔබට ඔබේ ව්‍යාපාරය වර්ධනය කළ හැකි බිඳ වැටුම් ලක්ෂ්‍ය අවම කළ හැකි නම් ඔබේ ව්‍යාපාරය පුළුල් වන විට ඇති වන නව වියදම් සහ අවශ්‍යතා නොතකමින් ඔබේ ලාභය වැඩි කර ගැනීමට හැකි වනු ඇති. 

මිල අධික ක්‍රියාකාරකම්වලින් ඈත් වීම: සියලු වියදම් එක හා සමාන නොවේ. ව්‍යාපාරයක දී සෑම අංශයකම සිටින කළමනාකරුවන් විසින් අනවශ්‍ය වියදම් කපා හැරීමෙන් සහ මිල අඩු සහ හොඳ මාර්ග සොයා ගැනීමෙන් සෑම විටම ඉතිරියක් සොයමින් සිටිය යුතුයි. 

පෙර සඳහන් කළ පරිදි මුදල් ගලා ඒම, මුදල් පිටතට යාමට වඩා අඩු නම් ඔබට ඉන් ගැටලු මතු වනු ඇති. මන්දයත් එයින් අදහස් වන්නේ ඔබේ ව්‍යාපාරයට මුදල් හිඟ වනු ඇති බවයි. මුදල් හිඟයක් තිබීම ගැටලුවක් නොවේ. සමහර විට Uber, Amazon වැනි තාක්ෂණික ව්‍යාපාර එවැනි තත්ව යටතේ දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වන නමුත් අවසානයේ ඒවා ගෙවිය යුතු වෙයි. මෙම ගෙවීම ණය හෝ ප්‍රාග්ධන ආයෝජන ලෙසින් විය හැකි. 

හොඳ ආදායමක් උපයන්න, ඔබේ වියදම් අවම කර ගනිමින් හොඳ ලාබයක් ලබා ගන්න. යම් සාධක කිහිපයකට අනුගත වීමෙන් එය කියනා තරම් ම පහසු දෙයක් වනු ඇති. 

Exit mobile version