Diriya

දියුණු වෙමින් පවතින රටක කුඩා පරිමාණ ව්‍යාපාරයක් ගොඩනගන්නේ කෙසේද?

How to Grow a Small Business

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක, කුඩා පරිමාණ ව්‍යාපාරයක් වර්ධනය කිරීමට වසංගතයට පෙර සිටම යම් ප්‍රමානයක අවධානමක් දැරීමට ව්‍යාපාරිකයන්ට සිදුවිය. දැන් මුළු ලෝකයම ආර්ථික අර්බුදයක පොරබදමින් සිටින විට එය නිතැතින්ම අභියෝගාත්මක ය. එසේ වුවද, සංවර්ධනය වෙමින් පවතින රටක කුඩා ව්‍යාපාරයක් සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම කළ නොහැක්කක් නොවේ. ඔබටත් කුඩා ව්‍යාපාරයක් හිමි නම්, ඔබගේ ව්‍යාපාරය දියුණු කිරීමට අවැසි වන වැදගත් කරුණු කිහිපයක් මෙන්න.

අවපාතයට මුහුණ දීම

ඔබේ ව්‍යාපාර උපාය මාර්ගයේ හෝ ආකෘතියේ කොටසක් ලෙස ඔබට අවශ්‍ය වන පළමු දෙය වන්නේ, පවත්නා ආර්ථික අවපාතය සමඟ කටයුතු කිරීමට ඔබට උපකාර වන ක්‍රමවේදයන් වේ. ඔබ සැලසුම් කළ මුල් ක්‍රියාමාර්ග තවදුරටත් ප්‍රයෝජනවත් නොවන බව හෝ කිසියම් හේතුවක් නිසා යල්පැන ගොස් ඇති බව ඔබට වැටහෙන්නේ නම්, ඔබේ ව්‍යාපාරයට සරිලන පරිදි නව ක්‍රමවේදයන් සාදා ගත යුතු වේ. අවපාතයට මුහුණ දීම සඳහා ඔබ තෝරා ගන්නා හදිසි අවස්ථා උපාය මාර්ග හෝ විකල්ප, ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය මෙන්ම රට තුළ ඔබේ පිහිටීම සහ අත්‍යවශ්‍ය සම්පත් වෙත ඔබට ඇති ප්‍රවේශ අවස්ථා මත බොහෝ සෙයින් වෙනස් වේ. ඔබ ඕනෑම දෙයකට මුදල් ආයෝජනය කිරීමට පෙර මේ පිළිබඳ විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කරන ලෙස අපි නිර්දේශ කරමු. හැකි නම්, හොඳ මුල්‍ය ආයෝජන විශේෂඥයෙකු සමඟ කතා කිරීමද ඔබට උපකාර වනු ඇත.

සමාජ මාධ්‍ය උපරිමයෙන් භාවිතා කරන්න

සංවර්ධනය වෙමින් පවතින රටක ඔබේ කුඩා ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට ඔබට අවශ්‍ය නම්, හොඳම අඩිතාලම මෙන්ම ඉදිරි ප්‍රවේශය වන්නේ ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමයි. ගෝලීය ආර්ථික අස්ථාවරත්වය පවතින අවස්ථාවක, මෙයට හොදම විසදුම වනුයේ සමාජ මාධ්‍ය හරහා ලැබෙන මුදල් ඉපැයීමේ හැකියාව උපරිම කිරීමයි. එය Facebook, Instagram, LinkedIn, ‍YouTube, Twitter, TikTok යන සියලුම සමාජ මාධ්‍ය ජාලා හරහා ඔබට සිදුකල හැක.

ඔබට මෙය ආරම්භ කිරීමට ප්‍රයෝජනවත් වන උපදෙස් කිහිපයක් මෙන්න:

පාරිභෝගිකයන් විසින් නිර්මානය කරන ලද අන්තර්ගතය යොදාගැනීම

අවපාත කාලවලදී පවා කුඩා ව්‍යාපාරයක් වර්ධනය කිරීමට පහසු සහ අඩු ප්‍රාග්ධන ක්‍රමයක් වනුයේ, ඔබේ ගනුදෙනුකරුවන් හරහා ඔබට ලැබිය යුතු විශ්වාසය සහ විශ්වසනීයත්වය දිනා ගැනීමයි. ඔබේ ප්‍රේක්ෂකයන්ට ඔබේ වටිනාකම් සහ උසස් ප්‍රමිතීන් දේශනා කරනවා වෙනුවට, පාරිභෝගිකයන් විසින් ඔබගේ සන්නාමය සම්බන්දයෙන් නිර්මානය කරන ලද අන්තර්ගතය පළ කරන්න. අවංක ප්‍රතිපෝෂණ සහ සමාලෝචන පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා ඒවා පළ කරන්න.

සැමවිටම කුඩා පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කරන්න

ඔබේ ව්‍යාපාර අදහස කුමක් වුවත්, කුඩාවෙන් ආරම්භ කිරීම සැමවිටම ඥානවන්ත ය. භෞතික වෙළඳසැලක් ආරම්භ කිරීම වෙනුවට ඔබට සැමවිටම අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරයක් කළ හැකිය. ඔබේ පොදු කාර්‍ය පිරිවැය අඩු වන පරිදි ඉතා කුඩා උපකාරක කණ්ඩායමක් තිබීම ගැන සලකා බලන්න. ඔබ උපයන දෙයින් කොටසක් ව්‍යාපාරයේ දියුණුව සඳහා නැවත ආයෝජනය කරන්න. පරම අවශ්‍යතාවයක් නොවන වියදම් අවම කරන්න.

යථාර්ථය නම් සංවර්ධනය වෙමින් පවතින රටක කුඩා ව්‍යාපාරයක් වර්ධනය කිරීම අභියෝගාත්මක විය හැකි බවයි. කෙසේ වෙතත්, ඔබ ඔබේ පර්යේෂණ සිදු කරන්නේ නම්, නිසි පරිදි නීති කිහිපයක් අනුගමනය කර ඔබේ ව්‍යාපාරයේ දිගටම ආයෝජනය කරන්නේ නම්, එය වර්ධනය නොවීමට හේතුවක් නැත.

අපගේ බ්ලොගය දිගටම කියවීමට මතක තබා ගන්න. ඔබට ශ්‍රී ලංකා ආර්ථිකය තුළ දියුණු විය හැකි ආකාරය පිළිබඳ තවත් උපදෙස් සහ උපාය මාර්ග සමඟ අපි නැවත පැමිණෙන්නෙමු.

කුඩා පරිමාණ ව්‍යාපාරයක් වර්ධනය කිරීමට සහ තවත් වටිනා ව්‍යාපාරික දැනුම සඳහා අපේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Exit mobile version