Diriya

සමාජ මාධ්‍ය තුල විකුණන්නේ කොහොම ද ? – ව්‍යවසායකයන් හට ආරම්භක මග පෙන්වීමක්

ඔබ ළඟ ඉතා හොඳ නිපැයුමක් තියෙනවා ‍යැයි සිතමු. නමුත් කොහොමද ඔබ මුළු ලෝකයම මෙය දකින තැනට ගෙන එන්නේ ? සමාජ මාධ්‍ය තුලින්, ඔබව ඔබේ නිපැයුමට කැමති ශ්‍රී ලාංකිකයන් වෙතට රැගෙන යාමට හැකි. මේ ඒ වෙනුවෙන් වන සරල මග පෙන්වීමක්.

ඔබේ මාධ්‍යය තෝරාගන්න:

සමාජ මාධ්‍ය තුල විකුණුම් සිදු  කරන්නේ කොහොම දැයි සැලසුම් කරන්න. ඔබට පහසු මාධ්‍යයකින් මෙය අරඹන්න. Facebook ඉතා හොඳ බහු කාර්ය මාධ්‍යයක් වන නමුත් දෘශ්‍ය ප්‍රචාරණයන් සඳහා Instagram පිළිබඳව ද, වඩාත් නාභිගත වූ සේවාදායක පිරිසක් වෙනුවෙන් Facebook සමූහ පිළිබඳව ද, සලකා බලන්න.

ඔබේ වෙළඳසැල ස්ථාපනය කරන්න.

බොහෝ මාධ්‍යයන් තුල ඔබට ව්‍යාපාරික පිටු නිර්මාණය කිරීමට ඉඩ සලසා ඇත. ආකර්ෂණීය ඡායාරූපවලින්, ඔබේ නිපැයුම පිළිබඳ පැහැදිලි විස්තරයකින්, සහ සේවාදායකයන් හට ඔබව සම්බන්ධ කර ගත හැකි අන්දම ආදියෙන් එම පිටුව පුරවන්න. මෙටාහි (Meta) ඇති ව්‍යාපාරික කට්ටලය, නවකයන් හට ඉතා හොඳ මග පෙන්වීමක් සිදු කරයි. එය ව්‍යවසායකයන් හට Post එකකින් උපරිමය ලබා ගන්නේ කෙසේ ද යන්න කියා දෙයි.

ඉතා හොඳ ඡායාරූප පළ කරන්න:

ශ්‍රී ලාංකිකයන් ලස්සන දේවල්වලට ආදරය කරයි. ඔබේ නිපැයුමෙහි උසස් ගුණාත්මක බවකින් යුත් ඡායාරූප, විවිධ කෝණයන්ගෙන් ලබා ගන්න. හොඳ ආලෝකකරණයක් සහ පැහැදිලි පසුබිමක් භාවිතා කරන්න. පෙනෙනා දේ සියල්ලට වඩා බලපෑමක් කරයි.

සරල මාතෘකා (Caption) ලියන්න:

ලස්සන වචන ගැන එතරම් වද නොවන්න. ඔබේ නිපැයුම කුමක් ද යන්න සහ එය අවශ්‍ය වන්නේ කුමකට ද යන්න පමණක් කියන්න. සිංහල හෝ දමිළ ඔබේ සේවාදායකයන් සමග සම්බන්ධ වීම සඳහා මෙය භාවිතා කරන්න.

නොකඩවා Posts පළ කරන්න:

සේවාදායකයන්ගේ මනසෙහි නැවුම්ව රැඳී සිටීම සඳහා, සතියකට Posts කිහිපයක් පළ කරන්න. ඔබේ නිපැයුමෙහි ක්‍රියාත්මක භාවය හෝ නිපැයුම භාවිතා කළ අයගේ අදහස්වලට අවස්ථාව ලබා දෙන්න.

සරල ප්‍රවර්ධන වැඩසටහන් ගෙනයන්න.

විකුණුම් කරන අතරතුර වට්ටම් සහ තරග ආදිය තුලින් උද්යෝගය වර්ධනය කළ හැකිය. තරගයට සහභාගී වීමට නම්, Like කරන්න, Share කරන්න, සහ මිතුරෙකු Tag කරන්න යැයි කියන්න.

අදහස් වලට ප්‍රතිචාර දක්වන්න:

අදහස් දක්වන මිනිසුන් උනන්දුවක් දක්වන්නන්‍ ය. ඉක්මනින් සහ සීරුවෙන් ඔවුන් අසන ගැටලුවලට පිළිතුරු දෙන්න. ඔවුන්ගේ උනන්දුව ගැන ස්තුතිවන්ත වන්න. 

විනෝදාත්මක සහ සත්‍ය මුහුණුවරකින් එය පවත්වා ගෙන යන්න:

ඔබේ ව්‍යාපාර මුහුණත පිටුපස ඉන්නා මිනිසුන් එළියට පෙන්වන්න. ඔබේ කතාව සහ ඔබ කරන කටයුත්ත පිළිබඳ ඇති ආශාව එළියට පෙන්වන්න.

මතක තබා ගන්න: සමාජ මාධ්‍ය හැම විටම සබඳතා ගොඩනගා ගැනීමේ මෙවලමකි. උපකාරශීලී වන්න, මිත්‍රශීලී වන්න, සහ ඔබ ඔබම වන්න. Followers ලා වැඩි වන විට සහ ඔබ ඔවුන්ගේ විශ්වාසය ගොඩනගා ගන්නා විට, ඔබගේ නිෂ්පාදනය පිළිබඳව වන උනන්දුව වැඩි වන අයුරු ඔබටම දකින්නට ලැබෙනු ඇත.

Bonus Tip: ශ්‍රී ලංකාව තුල සාර්ථකත්වය ලබා ඇති අනෙකුත් ව්‍යාපාර සමාජ මාධ්‍ය හසුරුවන ආකාරය දෙස බලන්න. ඔවුන්ගෙන් ආදර්ශ ගන්න. ඔවුන්ගේ උපාය මාර්ගයන් ඉගෙන ගන්න.

සමාජ මාධ්‍ය තුල විකුණුම් සිදු කිරීම සංකීර්ණයයි පෙනෙනා නමුත්, එය සරල මෙන්ම වඩා බලපෑම් සහගතය. කුඩාවට ආරම්භ කරන්න. නොකඩවා Posts පළ කරන්න. ඔබේ සේවාදායකයන් සමඟ සම්බන්ධ වන්න. ඉතා ඉක්මනින් ඔබට සමාජ මාධ්‍ය ජාල තුල විකුණුම් ප්‍රවීණයෙක් වනු ඇත!

දිරිය කණ්ඩායමෙන් ඔබට සුබ පැතුම්!


Exit mobile version