Diriya

සැපයුම් දාම කලමනාකරණය සහ තොග පාලනය

වර්තමාන තරඟකාරී ව්යාපාරික ලෝකය තුළ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඔවුන්ගේ මෙහෙයුම් ස්ථාපිත කිරීමට සහ පවත්වා ගෙන යාමට  අභියෝග රාශියකට මුහුණ දෙයි. මෙම අභියෝගයන්ට මුහුණ දිම සඳහා ක්‍රමොපායන් රාශියක් පවතින අතර සැපයුම් දාම කළමනාකරණය එයින් ප්‍රධාන තැනක් ගනි. යම් ව්‍යාපාරයක් නිවැරදිව මෙම ක්‍රියාවලිය සිදුකරන්නෙ නම් එම ව්‍යාපාරයට ඔවුන්ගේ නිශ්පාදන කටයුතු සුමටව පවත්වාගෙන යාමටත් එපමණක් නොව කලට වෙලාවට භාණ්ඩ වෙළඳපොලට සැපයීම තුළින් පාරිභෝගිකයන් තෘප්තිමත් කකිරීමටත් සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීම මගින් ව්‍යාපාරයේ සමස්ත පිරිවැය අඩු කරගැනීමටත් හැකි වනු ඇත.  මෙම ලිපිය තුලින් ඔබට සැපයුම් දාම කලමනාකරණය හා ව්‍යාපාරයේ භාන්ඩ තොග හැසරවිම සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් සහ එය කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර  ඔවුන්ගේ ව්‍යායාපාර සඳහා යොදාගත හැකි ආකරය සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ලබාගත හැක.

සැපයුම් දාම කලමනාකරණය

අපට සරලව  සැපයුම් දාම කලමනාකරණය, සැපයුම්කරුවන්ගෙන් භාන්ඩ ලබා ගැනීමේ සිට නිෂ්පාදිත භාණ්ඩය අවසන් පාරිභෝගිකයා දක්වා ලඟා වනතුරු සමස්ත ක්‍රියාවලිය කලමනාකරණය කිරිම ලෙස හැදින්විය හැකිය.  අප සැපයුම් දාම කලමනාකරණය පිලිබඳ සාකච්ජා කිරීමේදී බොහෝ දෙනෙක් සිතන්නේ එය සැපයුම්කරු සහ ව්‍යායාපාරය අතර පවතින්නා  වු කටයුතු පමණක් කියායි. නමුත් ඔබ සිහි තබාගත යුතු කරුණක් වන්නේ මෙම ක්‍රියාවලිය අවසන් පාරිභෝගිකයා දක්වා දිව යන බවයි. අප උදාහරණයක් ලෙස කුඩා බේකරියක් ගතහොත් ඔවුන්ගේ සැපයුම් දාමය අදියර කිහිපයකින් සමන්විත වේ. ප්‍රථමයෙන්ම ඔවුන් නිශ්පාදන කටයුතු ආරම්භ කිරිම සඳහා පිටි,සිනි,බිත්තර සහ බටර් යානාදි අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්ගෙන් ලබා ගත යුතුය. අප මෙම අදියරට සැපයුම් දාම කළමනාකරණය යෙදවීමේදී: විශ්වාසනීය සැපයුම්කරුවන් තෝරාගැනීම, අමුද්‍රව්‍ය සදහා සාධාරණ මිල ගනන් සාකච්ජා  කිරිම සහ ගුණාත්මක බවින් ඉහල අමුද්‍රව්‍ය නිරතුරුවම ලබාගැනීම සහතික කිරීම යානාදි කාර්යයන් දැක්විය හැකිය. නිශ්පාදන අමුද්‍රව්‍ය ලැබුණු පසුව බේකරිය නිශ්පාදන කටයුතු ආරම්භ කරයි. මෙම අදියර තුල: නිශ්පාදන සැලසුම්කරණය, පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සදහා අවශ්‍ය නිවැරදි ප්‍රමාණය හා වෙළඳපොලට යැවිය යුතු නිවැරදි වේලාව තීරණය කිරීම යනාදි කාර්යයන් මෙම අදියරේදී සැපයුම් කළමනාකරණයට අදාල වේ. එපමනක් නොව, සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාවය ඉහල දැමිම සඳහා නිශ්පාදන කාලසටහන් කලමනාකරණය මෙහි තවත් කාර්යයකි.  ලබාගත් අමුද්‍රව්‍ය එකවරම නිශ්පාදනය සදහා භාවිතා නොකරන අතර එම තොගය ගබඩා කර තැබිමට සිදු වේ. මෙම අදියරයේදී ව්‍යායාපාරයට සැපයුම් කළමනාකරණය තුලින්: ප්‍රශස්ථ තොග මට්ටම්, විකුනුම් ප්‍රවණතා, නිශ්පාදන ධාරිතාවය යනාදිය සම්බන්ධයෙන්  නිවැරදිව තිරන ගැනිමට ක්‍රමෝපායන්  සලසයි. භාන්ඩ නිශ්පාදනය කිරීමෙන් පසුව එව පාරිභෝගිකයන් දක්වා ළඟා කරවිය යුතුය. මෙම කාර්යය කාර්යක්ෂම හා සඵලදායී ලෙස ඉටු කර ගැනීමට සැපයුම් කලමනාකරණය තුළින් නිවර්දි භාන්ඩ නිවැරදි වෙලාවට නිවැරදි වෙළඳපොලට ළඟා කරවිමට අවශ්‍යය පරිසරය සකස් කර දේ. අපගේ උදාහරණය මගින් මෙය පැහැදිලි කිරීමේදී බෙදාහැරීමේ කාලසටහන් සකස් කිරිම, ප්‍රවාහන පිරිවැය කලමනාකරණය යනාදිය දැක්විය හැකිය. ව්‍යායාපාරයක වැදගත්ම පාර්ශවය වන්නේ පාරිභෝගිකයන්ය. සැපයුම් දාම කළමනාකරණයේ තවත් වැදගත් කාර්යක් වන්නේ පාරිභෝගික සේවා සැපයීමයි. සාර්ථක සැපයුම් දාම කළමණාකරනය කරන සැම ව්‍යාපාරයක්ම ඔවුන්ගේ අරමුණු හා වටිනාකම් පාරිභෝගික සේවා ඉලක්ක කරගෙන පවත්වාගෙන යාමට සෑම උත්සාහයක්ම ගනි.

මෙම ලිපිය තුල අප සාකච්ජා කරන්නා වු අනෙකුත් වැදගත් අංගය වන්නේ තොග කළමණාකරනයයි. මෙය අප ඉහලින් කතා කරන ලද සැපයුම් දාම කළමනාකරණය යටතේ එන එක් සුවිශේෂී ක්‍රියාවලියකි.  තොග කළමණාකරනය අප සරලව හැදින්වුවහොත් එය ව්‍යායාපාරයේ භාන්ඩ තොග  කාර්යක්ෂමව හා ඵලදායී ලෙස පාලනය කරන්නා වූ ක්‍රියාවලිය  ලෙස හැදින්විය හැක. තොග පාලනයේදී භාවිතා කරන්නාවූ ක්‍රම රාශියක් තිබේ නමුත් එවා අතුරින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ක්‍රමයක් තොරා ගැනීමේදී එම ක්‍රමය ප්‍රායෝගික, අඩු පිරිවැය සහ ව්‍යායාපාරයේ අවශ්‍යතා වලට ගැළපෙන ක්‍රමයක් තොරා ගැනීමට සැලකිලිමත් විය යුතුය.  පහතින් දක්වා ඇති තොග හැසරවීම් ක්‍රම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් වර්තමානයේ  බහුලව භාවිතා කරනු ලබයි.

  1. ආර්ථික ඇණවුම් ප්‍රමාණය (EOQ)

මෙහි අදහස වනුයේ, ඇණවුම් පිරිවැය සහ ගබඩා පිරිවැය අවම වන අන්දමින් වරකට ඇණවුම් කල යුතු ප්‍රමාණයයි. මෙය පහත සූත්‍රය මගින් ගනණය කල හැක .

EOQ = √ ((2 * වාර්ෂික ඉල්ලුම * ඇණවුමක පිරිවැය) / ඒකකයකට වාර්ෂික රඳවා ගැනීමේ පිරිවැය)

  1. Just In Time (JIT)

මෙහිදී ව්‍යාපාරය අමුද්‍රව්‍ය සපයන්නන් සමග සමීප සම්බන්දතා පවත්වාගනිමින් පාරිභෝගික ඉල්ලුමට සරිලන භාන්ඩ නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් ඇණවුම් කිරීම සිදු කරයි.මෙහෙදි ව්‍යාපාරයට විශාල වශයෙන් තොග රැස් කර තබාගැනීමට අවශ්‍ය නොවන අතර පාරිභෝගිකයාට නැවුම් නිෂ්පාදිත ලබා දීමට හැකියාව උදා වේ.

  1. ABC විශ්ලේෂණය  

මෙහිදී ව්‍යාපාරයේ භාන්ඩ තොගය ඒවායේ වටිනාකම හා විකුණුම් දායකත්වය මත ඛාණ්ඩ A, B සහ C යනාදී වශයෙන් ඛාණ්ඩ වලට බෙදා වෙන්කරනු ලබයි. ඛාණ්ඩ A සදහා  ඉහල ප්‍රමුඛත්වයක් ලබාදෙන අතර අනෙකුත් ඛාණ්ඩ සඳහා ප්‍රමුකතාවය අඩුවන ආකාරයෙන් තොග පාලනය සිදු කරයි. මෙමගින් ව්‍යාපාරයට ඔවුන් සතු තොග පිලිබඳ ඉහල අවබෝධයක් ලැබෙන අතර ඉහල ඉල්ලුමක් ඇති භාන්ඩ සඳහා විශේෂ අවදානයක් යොමු කල හැක.

  1. Vendor-managed inventory (VMI)

මෙහෙදි ව්‍යාපාරයේ භාන්ඩ තොග පිලිබඳ විස්තර සෘජුවම සැපයුම්කරුවන්ට සන්නිවේදනය වන අතර ඔවුන් විසින් එම අවශ්‍යතා ව්‍යායාපාරයට ඉතාමත් වේගයෙන් සපුරාලීම සිදු කරයි. මෙහෙදී ව්‍යාපාර භාන්ඩ තොග හැසරවීමේ වගකීම එම භාන්ඩ සපයන්නට පැවරිම සිදු කරයි.  

වර්තමානයේ ව්‍යාපාර සාර්ථකත්වය සදහා සැපයුම් දාම කලමනාකරණය හා තොග පාලනය අනිවාර්ය අංගයක් වි ඇත. එ මක් නිසාද කියතොත්, වර්ථමානයේ බොහෝමයක් ව්‍යාපාර මාර්ගගත ක්‍රම ඔස්සේ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සිදු කරයි. එහිදී එම ව්‍යාපාරය ලෝකයේ බොහෝමයක් රටවලට විවෘත වන් අතර විශාල පාරිභෝකියන් සංඛ්‍යාවක් නිරතුරුවම භාන්ඩ ඇණවුම් සිදු කරයි. එහිදි එම ඇණවුම් කලට වෙලාවට සපුරාලීම සඳහා සාර්ථක සැපයුම් දාම කලමනාකරණයක් ව්‍යාපාරය තුල තිබිය යුතුය. ප්‍රශස්ත තොග මට්ටම් පවත්වාගැනීම තුලින්, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කරගැනිම තුළින්, සමස්ත පිරිවැය අඩු කරගැනිම තුළින් සහ අවදානම් අවම කරගැනිම තුළින් ව්‍යාපාරයට අනෙකුත් ව්‍යාපාර ඉදිරියේදී විශාල  තරඟකාරී වාසියක් අත්කරගත හැකිය.  එමනිසා ඉහලින් දක්වා ඇති කරුණු සහ ක්‍රමවේදයන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට යොදා ගැනීම තුළින් පවතින තරගකාරීත්වයට සාර්ථකව මුහුණදීමට එම ව්‍යාපාරවලට හැකියාව ලැබෙනු ඇත.


මෙම අන්තර්ගතය CeFEnI/COSME විසින් පහසුකම් සපයන ලද අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කෝට්ටේ විසින් සකස් කරන ලදී.

Exit mobile version