Diriya

ශ්‍රමය; ව්‍යාපාරය අභ්‍යන්තරයෙන් හෝ බාහිරින් ලබා ගත යුතුද?

Outsourcing

ඔබ ඔබේ ව්‍යාපාරයේ එදිනෙදා මෙහෙයුම් කළමනාකරණය කරමින් කාර්‍යබහුල වන විට මෙන්ම, ඔබ ව්‍යාපාරයේ වැදගත් රැකියා භූමිකාවක් හිස් වන විට, ඔබේ පළමු සිතුවිල්ල එම පුරප්පාඩුව පිරවීමයි. අදාල කම්කරු ශ්‍රමය බාහිරින් ලබා ගන්නේද නැතහොත් ස්ථිර, අභ්‍යන්තර සේවකයෙකු රැකියාවට ගෙන තනතුර පුරවන්නේද යන්න පිළිබඳ තීරණය බොහෝ විට ඔබ මීට පෙර සිදු කළ දෙය සමඟ සමාන වනු ඇත. නමුත් නිශ්චිත භූමිකාවක් සඳහා හෝ, සමස්ත රැකියා කාණ්ඩයක් සඳහා වුවද සුදුසු ප්‍රවේශය කුමක්දැයි මෙනෙහි කිරීම ප්‍රයෝජනවත් වේ.

ස්ථීර ලෙස ලබාගන්නා ශ්‍රමය සහ බාහිරින් ලබා ගන්නා ශ්‍රමය යන දෙකම ඒවාට ආවේණික වූ වාසි සහ අවාසි සමඟ පැමිණේ. කෙසේ වෙතත්, අප මෙහි සළකා බලන්නේ, කුඩා හා වර්ධනය වන ව්‍යාපාරයක් සදහා හොඳම තේරීඉම කුමක්ද යන්න වේ.

අත්‍යාවශ්‍ය ව්‍යාපාරික කටයුතු පාලනය කරගන්න

ඔබගේ තරඟකාරී වාසියට අදාළ කාර්යයන් ව්‍යාපාරය තුළ තබා ගන්න. එසේ නොමැතිනම්, ඔබේ ව්‍යාපාරය බාහිරින් ලබාගන්නා උපකාර මත අනවශ්‍ය ලෙස රඳා පවතිනු ඇත.

විශේෂයෙන්ම කුඩා හා වර්ධනය වන ව්‍යාපාර සඳහා ව්‍යාපාරයේ මූලික අංශ මොනවාද යන්න පිළිබඳව ගැඹුරින් බැලීම වැදගත් වේ. එය සරල බවක් පෙන්වුවද, සමාගමේ තරඟකාරී වාසිය කිසි විටෙකත් බාහිරින් ලබා නොගැනීම ඉතා වැදගත් වේ. මෙය ඔබේ සමාගමේ සංස්කෘතියට සහ සමස්ත සෞඛ්‍යයට අහිතකර විය හැක. ඔබ මූලික ක්‍රියාවලීන් ඕනෑවට වඩා බාහිරින් ලබා ගන්නා විට, ඔබට අවසන් වශයෙන් ඉතිරි වන්නේ නඩත්තු කරන පුද්ගලයන් ගෙන් හෙබි සංස්කෘතියකි. එනම්, ආශ්වාදයක් නැති, ඔබ කියන දෙය පමනක් කරමින් ක්‍රියාත්මක වන ශ්‍රම බළකායක්ය.

ඔබේ සේවකයින්ට සමාගමේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය කාර්යයන් ලබා දීම සාමාන්‍යයෙන් ඔවුන් අභිප්‍රේරණය කිරීමට හොඳ ක්‍රමයකි. ඔවුන් සිත්ගන්නාසුළු වන කාර්යයන් මත වැඩ කරන විට සේවකයින් වැඩි වශයෙන් ඔබගේ ව්‍යාපාරයෙහි දියුණුව උදෙසා උනන්දු වේ. ඔබ සේවකයින්ට ආශ්වාදමත් කාර්යයක් ලබා දෙන්නේ නම් සහ ඔවුන්ගේ කාර්යය සමාගමට උපකාර කරන්නේ කෙසේදැයි පෙන්වන්නේ නම්, ඔවුන් ඔවුන්ගේ සේවාවන් වඩාත් හොදින් සිදුකරන්ය් ඇත.

ඔබට නිපුණතා හෝ විශේෂඥතාව නොමැති විට සේවාවන් බාහිරින් ලබා ගන්න

ඔබේ ව්‍යාපාරයේ සේවකයින් තාක්‍ෂණය පිළිබඳ ප්‍රවීණයන් නොවුනද, ව්‍යාපාරයට වැදගත් එහෙත් තීරණාත්මක නොවන තාක්‍ෂණික කාර්යයන් කිහිපයක් තිබේ නම්, එම සේවාවන් බාහිරින් ලබා ගැනීම බුද්ධිමත් තීරණය විය හැකිය. නිදසුනක් වශයෙන්, කාබනික එළවළු විකිණීම කෙරෙහි අවධානය යොමු කරන කුඩා ව්‍යාපාරයකට සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවේ, නමුත් බාහිර සමාජ මාධ්‍ය පුද්ගලයෙකු රදවා ගැනීමටත් විකුණුම් ඉහළ නැංවීමටත් උපකාරී වේ. ඔබේ ව්‍යාපාරයේ තරඟකාරී වාසියට අත්‍යවශ්‍ය නොවන ක්ෂේත්‍රයක් පිළිබඳව ඔබට දැනුමක් නොමැති නම්, එවන් සේවාවන් බාහිරින් ලබා ගැනීම ලාභදායී සහ පහසු විසඳුමක් විය හැකිය.

ඔබේ සමාගමේ ප්‍රවීණතා ක්ෂේත්‍රය සමඟ සමපාත වන කාර්යයන් බාහිරින් ලබා ගැනීම වෙනුවට දැනුම හිඩැස් පිරවීම සඳහා මාර්ගයක් ලෙස බාහිරින් ලබා ගැනීම භාවිතා කරන්න.

ඔබ කාල සීමාවන් ද සලකා බැලිය යුතුය. උදාහරණයක් ලෙස, පාරිභෝගික සේවය කාලය ගතවන කාර්යයක් විය හැකිය. මෙවන් අවස්ථාවකදී, බාහිරින් බදවා ගන්නා ලද ඇමතුම් මධ්‍යස්ථානයක් හෝ, සජීවී කතාබස් විසඳුමක් භාවිතා කිරීමෙන් පාරිභෝගික අවශ්‍යතා සඳහා ඔබේ ව්‍යාපාරික කාලය ඉතිරි කර ගත හැක.

අභ්‍යන්තර කාර්ය මණ්ඩලය බඳවා ගන්නේද නැතහොත් බාහිරින් ලබා ගන්නේද යන්න තීරණය කිරීමේදී, විකල්ප දෙකෙහිම වාසි සහ අවාසි ඇති බැවින්, ඔබ ඔබේ ව්‍යාපාර අවශ්‍යතා දෙස බැලිය යුතු බව මතක තබා ගන්න. ඔබේ ව්‍යාපාරය අන් ව්‍යාපාරයන්ට සැසදීම නොකරන්න. උදාහරණයක් ලෙස ගතහොත්, බේකරියක් පවත්වාගෙන යන අයෙකුට ගිණුම්කරණය පිළිබඳ පසුබිමක් තිබිය හැකිය. එම ව්‍යාපාරය එහි ආරම්භකයාගේ ප්‍රවීණත්වය නිසා ගිණුම්කරණය බාහිරින් ලබා නොගන්නවා විය හැක, නමුත් ඔබේ ව්‍යාපාරයට ගිණුම්කරණ දැනුමේ ඌනතාවයක් තිබිය හැකි අතර එම වගකීම බාහිරින් ලබා ගැනීමට අවශ්‍ය වනු ඇත. බාහිරින් සේවාවන් ලබා ගැනීම සහ අභ්‍යන්තර කාර්ය මණ්ඩල සාමාජිකයින් බඳවා ගැනීමේ අවාසි සහ ප්‍රතිලාභ දැකීම ද වැදගත් වේ.

Exit mobile version