Diriya

කුඩා විකුණුම් ප්‍රගුණ කිරීම: කුඩා ව්‍යාපාර සඳහා මූලික විකුණුම් ක්‍රමයක්

තරගකාරී ව්‍යාපාර ලෝකයේ විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල කුඩා හා මධ්‍යම ව්‍යාපාර (SMEs) සඳහා හොඳ පළමු හැඟීමක් (First Impression) ඇති කිරීම ඉතා වැදගත් වේ. හොඳින් සකසන ලද විකුණුම් මාර්ගයක් (Pitch) නව සේවාදායකයෙකු අත්පත් කර ගැනීම සහ වටිනා අවස්ථාවක් අහිමි වීම අතර වෙනස විය හැකිය. නමුත් එය ගැටලුවක් කර නොගන්න. ජයග්‍රාහී මාවතක් සකසා ගැනීමට ඔබ උපතින් ම විකුණුම්කරුවෙකු වීමට අවශ්‍ය නැත. මෙන්න ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ප්‍රතිඵලයක් ගෙන දෙන මූලික විකුණුම් මාර්ගයක් සකසා ගැනීම වෙනුවෙන් මාර්ගෝපදේශ කිහිපයක්.

1.ඔබේ ගැනුම්කරුවන් හඳුනා ගන්න:

ඔබ ඔබේ සංවාදය පටන් ගැනීමට පෙර ඔබේ ඉලක්කගත ගැනුම්කරුවන් හඳුනා ගැනීමට කාලය වෙන්කරන්න. ඔවුන්ගේ අවශ්‍යතා සහ අභියෝග මොනවා දැයි හඳුනා ගනිමින් ඔවුන් සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න වටහා ගනිමින්, ඔවුන්ට අවශ්‍ය අයුරින් ඔබේ සේවා විශේෂීකරණය කිරීමෙන් ඔබට ඔවුන්ගේ අවධානය ලබා ගනිමින්  ඔවුන්ගේ ව්‍යාපාර තත්ව හඳුනා ගත හැකි වනු ඇත.

2. ආරම්භයේ සිටම අවධානය ලබා ගන්න:

පළමු තත්පර 30 රන් හා වටී. ඔබේ නිෂ්පාදනය හෝ සේවාව මගින් විසඳුම් ලබා දෙන සංවේදී ලක්ෂයක් හඳුනා ගනිමින්, එය උලුප්පා දක්වන අන්දමේ කතාවක් ආරම්භ කරන්න. එහි දී ඔවුන් ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන්න. නමුත් ඔවුන්ට දේශනා හෝ උපදෙස් ලබා දීම සිදු නොකරන්න.

3. ගැටලුව, විසඳුම සහ ප්‍රතිලාභ:

මෙය ඔබ ගමන් කරන මාර්ගයේ හරය වේ. ඔබේ ඉලක්කගත ගනුදෙනුකරුවන් මුහුණ දෙන ගැටලුව කෙටියෙන් ඔවුන්ට පැහැදිලි කරන්න. ඉන්පසු ඔබේ නිෂ්පාදනය හෝ සේවාව එම ගැටලුවට පරිපූර්ණ විසඳුමක් වන්නේ කෙසේ දැයි පහදා දෙන්න. ඔබේ විශේෂාංග ලැයිස්තුගත නොකරන්න. ඒවා ප්‍රතිලාභ බවට පරිවර්තනය කරන්න. ඔබේ පිරිනැමීම ඔවුන්ගේ ජීවිත පහසු කරන්නේ කෙසේ ද? මුදල් ඉතිරි කරන්නේ කෙසේ ද? නැතහොත් ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට ඔවුන්ට උපකාර කරන්නේ කෙසේ ද? යන්න පිළිබඳ ව සඳහන් කරන්න.

4. කෙටි සහ මිහිරි ලෙස කතාව පවත්වා ගන්න:

ඔබේ ගනුදෙනුකරුවන්ගේ වටිනා කාලයට ගරු කරන්න. තත්පර 30 සිට මිනිත්තු 2 දක්වා වන කාලයක් ඉලක්ක කරන්න. ප්‍රධාන කරුණු කෙරෙහි පමණක් අවධානය යොමු කරන්න, අනවශ්‍ය පැති වෙත යාම සිදු නොකරන්න.

5. සමාජ සාධනය බලවත් වේ:

මිනිසුන් නිර්දේශ විශ්වාස කරන අතර ඔබට තෘප්තිමත් පාරිභෝගිකයින්ගෙන් හෝ ඔබේ සාර්ථකත්වය පෙන්නුම් කරන සිද්ධි විශ්ලේෂණ සාක්ෂි තිබේ නම් ඒවා ඔබේ කතාවට සම්බන්ධ කරන්න. සමාජ සාක්ෂි විශ්වාසය සහ විශ්වසනීයත්වය ගොඩනඟයි.

6. ඔබ සැම විටම ක්‍රියාත්මක බව හඟවන්න:

පැහැදිලි මට්ටමකින් ඔබේ කතාව අවසන් කරන්න. අනාගත සේවාදායකයා ලෙස ඔවුන් මීළඟට කුමක් කළ යුතු ද යන්න අවබෝධ කර ගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. හමුවීමක් පිළියෙල කිරීම, ඔබේ වෙබ් අඩවියට පිවිසීමට ඇරයුම් කිරීම ආදී වශයෙන් ඊළඟ පියවර ගැනීම ඔවුන්ට පහසු කරන්න.

ප්‍රසාද ඉඟිය: අභ්‍යාසය ඔබව පරිපූර්ණ කරනු ඇත!

මිතුරෙකු හෝ සගයෙකු ඉදිරියේ ඔබේ මෙම කතාව ශබ්ද නඟා පෙර පුහුණු වන්න. මෙය ඔබට ඔබේ කථනය සකසා ගැනීමට, විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ ඔබ කාල සීමාව තුළ රැඳී සිටීමට ඇති හැකියාව සහතික කරනු ඇති.

මෙම පියවර අනුගමනය කිරීමෙන්, ඔබේ කුඩා ව්‍යාපාරය විසින් පිරිනමන වටිනාකම් ඵලදායී ලෙස සන්නිවේදනය කරන ආකාරයේ මූලික විකුණුම් මාර්ගයක් සකසා ගැනීමට ඔබට හැකි වනු ඇති. ජයග්‍රාහී මාවතක් නිර්මාණය කර ගැනීම යනු සංවාදයක් මිස ඉදිරිපත් කිරීමක් නොව බව මතකයේ තබා ගන්න. උද්යෝගිමත් වන්න, ක්‍රියාශීලීව සවන් දෙන්න, එමෙන්ම ඔබේ ගනුදෙනුකරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න. කුඩා සූදානමක් සහ පුහුණුවක් සමඟින් අනාගත ගනුදෙනුකරුවන් විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් බවට පත් කිරීම සඳහා ඔබ ඔබේ මාවත සකසා ගනු ඇති.


Exit mobile version