Diriya

ඔබේ සේවකයින්ට ‘වෙනස්වීම්’ වල බලපෑමට ලක්වීමට ඉඩ නොදෙන්න.

Be The Change

මිනිසුන් බොහෝ විට ‘වෙනස්වීම’ ඉදිරියෙහි ප්‍රතිචාර දක්වන්නේ ඊට එරෙහිව සටන් කිරීමෙන් හෝ පළා යාමෙනි. සමාගමක් ලෙස, අප හට එම දෙවිදියම අයහපත් වනු ඇත. මක් නිසා ද කිවහොත්, එමඟින් සමාගමේ ක්‍රියාවලීන් කඩාකප්පල් කර ඒ ඔස්සේ සමාගමේ කාර්යක්ෂමතාවයට බලපෑම් කළ හැකි බැවිනි. එබැවින්, වෙනස්වීම්වලට එරෙහිවීම නොව මිනිසුන් ඔවුන්ගේ නව සේවා පරිසරය වැළඳ ගන්නා තත්වයට ගෙන ඒමට අප වග බලා ගත යුතුයි.

ඇතැම්විට, කාර්‍යය පරිසරයක වෙනසක් සිදුවන්නේ නම් එය  සමාගමට වඩා සේවා නියුක්තිකයින් හට විශාල බලපෑමක් ඇති කරන බව නොරහසකි. සමාගමක් ඒකාබද්ධ කිරීමකදී ඔබ සිදු කරන නීතිමය, මූල්‍ය හා ව්‍යුහාත්මක වෙනස්කම් ගැන සිතන්න. එහෙත් සංවිධානාත්මක පරිවර්තනයක වඩාත්ම අභියෝගාත්මක හා විවේචනාත්මක අංගය වන්නේ මිනිසුන්ගේ වෙනස කළමනාකරණය කිරීමයි.

සමාගමක එවැනි වෙනස්කම් හැසිරවීම සඳහා වඩාත් ප්‍රචලිත ශිල්පීය ක්‍රමවලින් එකක් වන්නේ සිරසෙන් හදවතටද හදවතින් හස්තයටද (Head to heart to hand method) දක්වා වූ ක්‍රමයයි. එය පහත පරිදි හඳුනාගත හැක,

එනයින්, එම ක්‍රියාවලිය තුළ  මුලිකවම  ඇත්තේ තමා මූලිකවම වන්නේ තමා වෙනස් විය යුත්තේ ඇයිදැයි තේරුම් ගැනීම සහ සංවේදී ව එම වෙනස්වීම තුළ තමාට හිමි වන දේ පිළිබඳව වටහා ගැනීමයි. 

රැකියා ස්ථානයේ මෙය ක්‍රියාවෙහි යෙදවීම

සිරසට අනුගත වීම – වෙනස අවශ්‍ය වන්නේ ඇයි සහ ඔබ එම තීරණය ගැනීමට හේතු වූයේ ඇයි ද යන්න   ඔබේ කාර්ය මණ්ඩලය දන්නා බව සහතික කළ යුතුයි. එය කණ්ඩායමට සන්නිවේදනය කරන විට, ඔබේ පැහැදිලි කිරීම:

යන ගුණාංගවලින් සමන්විත විය යුතුයි.

හදවත අනුගමනය කරන විට – වෙනස්වීම් කිරීමට  මිනිසුන්ව බලගන්වන්න සහ ඔවුන්ව විශ්වාස කරන්න.

හස්තය අනුගමනය කරන විට – අවසාන වශයෙන් සේවකයින් වෙනස වැළඳගෙන ඒ අනුව ක්‍රියා කිරීමට වග බලා ගත යුතුයි.

සේවකයින් සම්බන්ධ කර ගැනීමට අමතක නොකරන්න!

අවට සිදුවන්නේ කුමක්ද යන්න ඔබේ සේවකයින් දැන ගැනීමට සුදුසු බව අමතක නොකරන්න. ඔවුන්, සමාගම කෙබඳු ස්ථානයක්ද යන්න නිර්ණය කරලීම උදෙසා වැදගත් වන පුද්ගලයින් වේ. ඔබගේ සමාගමේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය මත යි.  ඔබට ඒ සියලු දෙනාම  සමාගමේ වෙනස් කිරීමේ නියෝජිතයන් ලෙස හඳුනාගත හැක. වෙනසකට හෝ සමාගමේ යම් ක්‍රියාවලියට තමන් සම්බන්ධ යැයි ඔවුන්ට හැඟෙන තාක් කල්, ඔවුන්ට සමාගමේ කොටස්කාරීත්වයක් පිළිබඳව හැඟීමක් දැනෙනු ඇත. එය ඔවුන්ගේ කාර්ය සාධනයට ද  පැහැදිලිවම  එය  බලපානු ඇත.

දැන් අපි  අවධානය විශේෂ අවස්ථා දෙකකට යොමු කරලමු.

සමාගමේ හිමිකරු ඔබ වෙත පැමිණ, ඉදිරියේදී සිදුවීමට නියමිත වෙනසක් ගැන පවසන්නේ යයි සිතන්න. මීළඟට, ඔබේ ආසන්නතම අධීක්ෂක විසින් තමන් වෙනසකට භාජනය වන අතරේ ඔබවත් වෙනසකට යොමු කරන්නේ යැයි සිතන්න.

මේ අවස්ථා දෙකෙන් වඩා ඵලදායි වන්නේ කුමක්දැයි සිතා බලන්න.

ඔව්, අවශ්‍ය වන්නේ තීරණ ගැනීමේදී  ඔබේ සේවකයින් සම්බන්ධ කර ගැනීම  හා ඒ අනුව ඔවුන්ව හැඩගස්වා ගැනීමයි.

විශාල පියවර ගනු වෙනුවට, වෙනස්වීමේ ක්‍රියාවලියේ පියවර එකින් එක ඔවුන්ට සන්නිවේදනය කරන්න!

වෙනස්වීමේ වගකීම   ඔබේ සේවකයින් මත  අධික ලෙස පැටවීම නොකළ යුතුය. වෙනස්වීමේ ක්‍රියාවලියකදී ඔබට අවශ්‍ය අන්තිම දෙය වන්නේ  ඔවුන්ව තරමක්  කම්පනයකට ලක් කිරීමක්. සිදුවෙමින් පවතින ඕනෑම දෙයක් වටහා ගැනීමට  හා ධාරණය කිරීමට ඔබ ඔවුන්ට ඉඩක් තබන බවට වග බලා ගන්න. ඔවුන්ට අනුගමනය කිරීම සඳහා එදිනෙදා උදාහරණ සහ කාර්යයන් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන්න. අපේක්ෂිත වෙනස සපුරාලීමේදී ඵලදායීතාවය  වැඩි කිරීමට ඔබට ඔවුන්ට ප්‍රතිලාභ ලබා දිය හැකියි.

ඇගයීම අත්‍යවශ්‍යයි!

අනුවර්තනය වන ආකාරය සහ ක්‍රියාවලියේ  ඵලදායීතාවය පිළිබඳ වාර්තාවක් තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඔබ එසේ නොසිතන්නේද? මෙය ඔවුන්ගේ සියලු ක්‍රියා නිරීක්ෂණය කිරීමට සහ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අනුව ඔවුන්ට උපදෙස් දීමට උපකාරී වනවා. PDCA චක්‍රය මෙහි දී  ප්‍රයෝජනවත් වනු ඇත..

Exit mobile version