Diriya

ඔබේ මුදල් අවශ්‍යතා පුරෝකථනය  සහ පාලනය

ඔබේ ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා වැදගත්ම සාධකය, ප්‍රමාණවත් මුදලක් අතැති වීම බව පැවසුවහොත් එය නිවැරදියි. පිරිවැය පාලනය සහ අයවැය පාලනය යන කරුණු දෙකම වැදගත් වූවත්, ව්‍යාපාරයකදී ඔබ අතැති මුදල්වලට නිසඟයෙන් ම පළමු තැන හිමි වේ. එම නිසා, ඔබ මුදල් අවශ්‍යතා පිළිබඳ පෙරැයීම ඉතා වැදගත්. ව්‍යාපාරයක මුල්‍ය ගලනය (Cash Flow) පුරෝකථනය කළ හැකි නම්, එහි අනාගත මුල්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඔබට ලබා ගත හැකියි. ව්‍යාපාරයට මුදල් ගලා ඒම (Cash Inflow) හා ව්‍යාපාරයෙන් මුදල් ගලා යාම (Cash Outflow) යන සාධක දෙක මත එම පුරෝකථනය පදනම් වෙනවා.

ඔබ ගිණුම්කරණ කටයුතු සඳහා ගිණුම්කරණ මෘදුකාංග (Accounting Software) හෝ ‘Microsoft Excel’ වැනි පැතුරුම්පත් මෘදුකාංග (Spreadsheet Software) භාවිත නොකරන්නේ නම්, ඔබට සාමාන්‍ය පරිදි කොළ කැබැල්ලක් හෝ ගිණුම්කරණ‍ය සඳහා වන පොතක් භාවිතයෙන් හෝ මෙය සිදුකළ හැකියි. ඔබ පැතුරුම්පත් මෘදුකාංගයක් භාවිතා කරන්නේ නම්, ගිණුම්කරණ කටයුතු සඳහා මෘදුකාංගය සමඟම බොහෝ අච්චු (Templates) නොමිලේ ලබා දී තිබිය හැකියි. නොඑසේ නම්, අප විසින් සපයා ඇති අච්චු මඟින් ඔබට අවශ්‍ය ආකාරයේ ආකෘතියක් නිර්මාණය කරගත හැකියි. වඩාත් හොඳ අච්චු අවශ්‍ය නම් අන්තර්ජාලය තුළින් ඒවා පහසුවෙන් ලබා ගත හැකියි.

මුල්‍ය ගලනය පිළිබඳව පුරෝකථනය කරන්නට නම්, ඔබ ප්‍රථමයෙන්ම ව්‍යාපාරය වෙත මුදල් ගලා එන ආකාර පිළිබඳව දැන ගත යුතුයි. මුදල් ගලා ඒම්, පහත ආකාර විය හැකියි.

මීළඟට අපි වියදම් ගණනය සිදු කරමු. මෙහිදී ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු සඳහා වන වියදම්වලට අමතරව වන වෙනත් වියදම් ද හඳුනා ගත හැකියි.

මුල්‍ය ගලනය පිළිබඳව පුරෝකථන කිරීමෙිදී මූල්‍යමය ආරක්ෂාව උදෙසා, අපේක්ෂිත මූල්‍ය ගලා ඒම් අපේක්ෂිත දිනයට වඩා ප‍්‍රමාද වෙතැයි සලකා කටයුතු කළ යුතුයි. එසේම ඔබේ වියදම් ද බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් සිදු වනු ඇතැයි උපකල්පනය කිරීම ද ඉතා වැදගත්.

ඔබේ ව්‍යාපාරය සහ ඒ ආශ්‍රිත පරිසරය පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ඇත්නම්, පූර්වෝපායක් ලෙසින් මුදල් ගලායාම් අපේක්ෂිත අගයයන්ට වඩා ස්වල්ප වශයෙන් ඉහළ ලෙසත්, මුදල් ගලා ඒම් අපේක්ෂිත අගයයන්ට වඩා ස්වල්ප වශයෙන් පහළ ලෙසත්, ගණන් තැබිය හැකියි. මෙමඟින්, ඔබගේ මුදල් ගලනයේ ඇති විය හැකි අනපේක්ෂිත විචලනයන් තුළින් ඔබගේ ව්‍යාපාරයට විය හැකි හානිය අවම කර ගත හැකියි.

පුරෝකථනය (Forecasting) මඟින් ඔබේ මුදල් තත්ත්වය නිරීක්ෂණය කිරීමට සහ සහ ඔබගේ ක‍්‍රියාකාරකම් පාලනයට ලක් කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ හරහා, ඔබේ මුල්‍ය ගලනයට අභියෝග කරන යමක් දුටුව හොත්, එය උත්සන්න වන තෙක් බලා නො සිට එය විසඳා ගත හැකියි.

ඔබට මුදල් ගැට‍ළු ඇති විට, ඒවා විසඳීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කළ හැකියි.

Exit mobile version