Diriya

පවුලේ ව්‍යාපාර පාලනය

Image by Alena Darmel from Pexels

පවුල් ව්‍යාපාරයක සාර්ථකත්වය, පවුලක ඇති වන වෙනස් වන ගතිකයන් මත හා ඒවාට අපි හැඩ ගැසෙන ආකාරය මත රඳා පවතිනවා. මෙය ක්‍රියාවට නැංවූ විට, පවුලේ ව්‍යාපාරය ‘හිමිකරු කේන්ද්‍රීය’ වන අවධියේ සිට සියලු පවුලේ සාමාජිකයන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් (වැඩිදුර කියැවීමට මෙම සබැඳිය ක්ලික් කරන්න) පවතින සංකීර්ණ අවධියක් දක්වා ගමන් කරනවා. එය පවුල් ව්‍යාපාරයක සබඳතා සහ ශක්‍යතාවන්  ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට උපකාරී වනවා.

පවුල් පාලන ව්‍යවස්ථාවන් (වැඩිදුර කියැවීමට මෙම සබැඳිය ක්ලික් කරන්න) පහත සඳහන් අංග ආවරණය කරනවා:

ශක්තිමත් ව්‍යාපාරික පවුලක් පිහිටුවීමේදී  එහි යහපත් වූ පාලනයට බලපාන ආකාර 3 ක් පහත දැක්වේ.

එය පවුලේ ව්‍යාපාරයේ ශක්තීන් සහ දුර්වලතා හඳුනා ගැනීමට උපකාරී වේ.

මී ළඟට අපි ඒ සියල්ල තනිව සලකා බලමු.

  1. පවුලේ ව්‍යාපාරයේ හවුල්කරුවන්ට හිමිකාරිත්වයේ වගකීම් පිළිබඳව දැනුවත් කරන්න
    සමාගමක් පවත්වාගෙන යාම පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා විශාල ධෛර්යයක්, අධිෂ්ඨානයක්  හා වෙහෙස මහන්සි වී වැඩ කිරීම අවශ්‍යය. ව්‍යාපාරයේ හිමිකරු විසින් ව්‍යාපාරය සම්බන්ධයෙන්, පවුලේ සහ පවුලේ නොවන සමාජිකයන් සමඟ පවත්වන ආකාරය පිළිබඳ දැක්වීමත් සමඟ, උචිත තීරණ ගැනීමේ ක්‍රියාවලියක්   හඳුන්වාදීමට පහසු වේ.
  2. පවුලේ තරුණ සාමාජිකයන් අනාගතය සඳහා සූදානම් කරන්න
    අනුප්‍රාප්තික සැලැස්ම (succession planning) තුළින් දැනට සිටින ප්‍රධාන විධායක නිලධාරියා ඉලක්කගත කාලය තුළ ඉවත්වන විට සමාගම භාර ගැනීම සඳහා අනුප්‍රාප්තිකයා ගොඩනැගීම සිදුවනවා. පවුල් ව්‍යාපාරයට ස්වයං පාලනයක් හඳුන්වාදීමත් සමඟ ව්‍යාපාර  හිමිකරුවන් පවතින තත්වයට වැඩි හැඟීම් එකතු කරනවාට වඩා ව්‍යාපාරය පිළිබඳ විශාල ප්‍රතිරූපය  ගැන අවධානය යොමු කරනු ඇත.
  3. පුද්ගලික සහ පවුලේ සන්ධිස්ථානයන්, සිදුවීම්  හවුලේ  සමරන්න
    පවුල් ව්‍යාපාරයක් ප්‍රධාන වශයෙන් පවුලේ සාමාජිකයන් වටා විකාශනය වීම සිදු වේ. එබැවින් ඔවුන්ගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ව්‍යාපාරයට විශාල බලපෑමක් කරයි. ව්‍යාපාරයේ සේවය කරන හෝ හිමිකාරීත්වය දරන පවුලේ සාමාජිකයෙකු කිසියම් අධ්‍යාපනික, වෘත්තීය හෝ පෞද්ගලික වැදගත් ජයග්‍රහණයක් අත්කර ගන්නේ නම් හෝ පවුල එවැනි ජයග්‍රහණයක් කරා සන්ධිස්ථානයක් කරා ළඟා වන්නේ නම්, ඔවුන්ගේ සාර්ථකත්වය සැමරීම සඳහා පවුල ඔවුන් වටා එක්රැස් වීම වැදගත් කරුණකි.
  4.  පවුලේ ව්‍යාපාරයේ ශක්තීන් සහ දුර්වලතා හඳුනා ගැනීමට උපකාරී වේ
    සෑම ව්‍යාපාරයකම විවිධ වර්ධන අවධීන් තිබේ. මෙම අධියරයන් පසු කරන විට ඔබේ ව්‍යාපාරයට අනන්‍ය විය හැකි දුර්වලතා සහ ශක්තීන් කිහිපයක් වේ. හඳුනාගත් දුර්වලතා තුරන් කළ යුතු අතර ම ශක්තීන් පවත්වා ගත යුතුයි. මෙය ඉටුකරගැනීමට නම් නිවැරදි අධියරයන්හි නිවැරදි පාලන ව්‍යුහයන් අනුගමනය කළ යුතුය.
Exit mobile version