Diriya

නිර්මාණාත්මක හැකියාව සහ පැසසුම් තුලින් ව්‍යාපාරික කාන්තාවක් වූ ශෂිකලා

Diriya-Stories-ShashiLooms

තිලානි ශෂිකලා ජයසිංහ තම සිහිනය පසුපස හඹා යෑම සඳහා, රජයේ සේවිකාවක් ලෙස රැකියාවෙන් ඉවත්ව ශෂිලූම් ආයතනය පිහිටුවා එහි රෙදි වියා විචිත්‍රවත් රෙදි සහ බතික් ද්‍රව්‍ය නිෂ්පාදන ව්‍යාපාරයක නිරතව සිටී.

Diriya Stories යනු ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින් අගය කිරීමට සහ පිළිගැනීමට මෙන්ම අන්‍යයන් දිරිගැන්වීමට ව්‍යවසායකයින්ගේ කථා සම්බන්ධ කිරීමට Diriya.lk විසින් නිර්මාණය කරන ලද මාලාවකි.

ශෂිකලාට ඉදිරිපත් කළ ප්‍රශ්න 12 මෙන්න.

ඔබේ ව්‍යාපාරය පිළිබඳව විස්තර කරන්න.

දේශීය අත් යන්ත්‍ර සහ බතික් නිෂ්පාදනය සහ අළෙවිය.

ව්‍යාපාරය පිළිබඳව අදහසක් පැමිණියේ කවදාද, කොහොමද

මා රාජ්‍ය සේවයෙන් ඉවත් වීම.
මා අතින් සිදු කරන නිර්මාණ දිනෙන් දින පැස්සුමට ලක්වීම තුළින් මෙය මුලින්ම ව්‍යාපාරයක් ලෙස දියත් කර මුදල් ඉපයීමට තීරණය කලමි.

ව්‍යාපාරයේ ආරම්භය

2017 වර්ෂයේ.

ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබව දිරිගන්වනු ලැබුවේ කවුද හෝ ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය ලැබුනේ කාගෙන්ද

මූලික අවස්ථාව තුළ කිසිදු දිරිගැන්වීමක් නොලැබුණි.

රැකියාවෙන් ඉවත් වීම නිසා දිනෙන් දිනා දින ඇතිවූ ආර්ථික අපහසුතා මෙම ව්‍යාපාරය පුළුල් කීරීමට විශාල ශක්තියක් විය. දිනෙන් දින ව්‍යාපාරයේ නම මගේ දිස්ත්‍රික්කයේ ප්‍රචලිත වීමට පටන් ගත් අවස්ථාවේ රාජ්‍ය ආයතන කිහිපයක් ම අලෙවි අවස්ථාව සහ උපදේශන සේවාවන් ලබා දුන් අතර විවිධ ඇගයීම්ද සිදු කරන ලදී.

මුහුණ දුන් ලොකුම බාධකය

උත්සව සමයන් වලදී අමුද්‍රව්‍ය හිග වීම. කලින් තොග රැස් කරගැනීම සඳහා මුදල් නොමැතිකම. 2019 වසරින් පසු අප රටෙහි පැවති පොදු ගැටලු: පාස්කු ප්‍රහාරය, කොවිඩ් ව්‍යාප්තිය, අර්බුදකාරී තත්වය, මේ වන විට ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය ,බදු නීතී. මේ සියල්ලම වයාපාරයට බෙහෙවින්ම බලපෑ අතර බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම.

ඔබව දිරි ගැන්වූ දෙයක් (කවුරුන් හෝ විසින් කියන ලද්දක් හෝ ඔබ කියවූ යම් දෙයක්)

ඉහල පෙලේ ව්‍යාපාරිකයන්ගේ ජිවිත කතා අන්තර්ජාලය හරහා සවන්දීම සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන්ගේ යම් යම් උපදේශනයන් සහ රජය මගින් ඔවුන් සංවිධානය කරන විවිධ අලෙවි අවස්ථා.

ඔබ යටතේ සේවය කරන සේවකයන් සංඛ්‍යාව

සේවකයන් 18 යි (සෘජුව හා වක්‍රව) සමන්විත වූ මගේ ව්‍යාපාරය කොවිඩ් ව්‍යසනය නිසා මේවනවිට සේවකයන් 10 දෙනෙකුට පමණ සීමාවී ඇත.

ඔබගේ ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලබන අනෙකුත් ආයතන හෝ පුද්ගලයන්

පාරිභෝගිකයන්, අමුද්‍රව්‍ය ලබාගන්න ආයතන, වයඹ ජනකලා කේන්ද්‍රය, ලංකා සළුසල සහ සේවකයින්.

ඔබට සිතෙන ආකාරයට ඔබේ ධනාත්මක ම ගුණාංගය?

සෑම අභියෝගයක්ම භාරගැනීම, මගේ සියලු පාරිභෝගිකයන් හට මගෙන් ලැබිය යුතු සේවාව ඔවුන්ට අවශ්‍ය ආකාරයටම ලබාදී ඔවුන් තුලින් ගොඩනැගෙන විශ්වාසය.

ඔබගේ සහ ඔබගේ ව්‍යාපාරයේ තිබෙන අඩුපාඩු

මගේ ව්‍යාපාරයන් සම්බන්ධ අධ්‍යාපන දැනුම හා පළපුරුද්ද අඩු කම.
ව්‍යාපාරයේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය සහ ක්‍රමවත්ව එම ක්‍රියාවලිය සකසාගැනීමට තවම නොහැකි වීම.

අනාගත සැලැස්ම

නව නිර්මාණයන් කරමින් දේශීය මෙන්ම විදේශීය වෙළඳපොල ජයගැනීම.

නව ව්‍යවසායකයන්ට ලබාදෙන උපදේශය

කල නොහැක්කක් නොමැත.
උත්සාහය උනන්දුව කැපවීම මත ඕනෑම අභියෝගයකට මුහුණදිය හැක.

ශෂිකලා ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

ඔබ ව්‍යවසායකයෙක් නම්, අප සමඟ බෙදා ගැනීමට කතාවක් ඇත්නම් කරුණාකර info@diriya.lk වෙත විද්‍යුත් තැපැල් කරන්න.

Exit mobile version