spot_imgspot_img

නිර්මාණාත්මක හැකියාව සහ පැසසුම් තුලින් ව්‍යාපාරික කාන්තාවක් වූ ශෂිකලා

තිලානි ශෂිකලා ජයසිංහ තම සිහිනය පසුපස හඹා යෑම සඳහා, රජයේ සේවිකාවක් ලෙස රැකියාවෙන් ඉවත්ව ශෂිලූම් ආයතනය පිහිටුවා එහි රෙදි වියා විචිත්‍රවත් රෙදි සහ බතික් ද්‍රව්‍ය නිෂ්පාදන ව්‍යාපාරයක නිරතව සිටී.

Diriya Stories යනු ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින් අගය කිරීමට සහ පිළිගැනීමට මෙන්ම අන්‍යයන් දිරිගැන්වීමට ව්‍යවසායකයින්ගේ කථා සම්බන්ධ කිරීමට Diriya.lk විසින් නිර්මාණය කරන ලද මාලාවකි.

Shashilooms

ශෂිකලාට ඉදිරිපත් කළ ප්‍රශ්න 12 මෙන්න.

Question Markඔබේ ව්‍යාපාරය පිළිබඳව විස්තර කරන්න.

දේශීය අත් යන්ත්‍ර සහ බතික් නිෂ්පාදනය සහ අළෙවිය.

Question Markව්‍යාපාරය පිළිබඳව අදහසක් පැමිණියේ කවදාද, කොහොමද

මා රාජ්‍ය සේවයෙන් ඉවත් වීම.
මා අතින් සිදු කරන නිර්මාණ දිනෙන් දින පැස්සුමට ලක්වීම තුළින් මෙය මුලින්ම ව්‍යාපාරයක් ලෙස දියත් කර මුදල් ඉපයීමට තීරණය කලමි.

Question Markව්‍යාපාරයේ ආරම්භය

2017 වර්ෂයේ.

Question Markව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබව දිරිගන්වනු ලැබුවේ කවුද හෝ ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය ලැබුනේ කාගෙන්ද

මූලික අවස්ථාව තුළ කිසිදු දිරිගැන්වීමක් නොලැබුණි.

රැකියාවෙන් ඉවත් වීම නිසා දිනෙන් දිනා දින ඇතිවූ ආර්ථික අපහසුතා මෙම ව්‍යාපාරය පුළුල් කීරීමට විශාල ශක්තියක් විය. දිනෙන් දින ව්‍යාපාරයේ නම මගේ දිස්ත්‍රික්කයේ ප්‍රචලිත වීමට පටන් ගත් අවස්ථාවේ රාජ්‍ය ආයතන කිහිපයක් ම අලෙවි අවස්ථාව සහ උපදේශන සේවාවන් ලබා දුන් අතර විවිධ ඇගයීම්ද සිදු කරන ලදී.

Question Markමුහුණ දුන් ලොකුම බාධකය

උත්සව සමයන් වලදී අමුද්‍රව්‍ය හිග වීම. කලින් තොග රැස් කරගැනීම සඳහා මුදල් නොමැතිකම. 2019 වසරින් පසු අප රටෙහි පැවති පොදු ගැටලු: පාස්කු ප්‍රහාරය, කොවිඩ් ව්‍යාප්තිය, අර්බුදකාරී තත්වය, මේ වන විට ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය ,බදු නීතී. මේ සියල්ලම වයාපාරයට බෙහෙවින්ම බලපෑ අතර බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම.

Question Markඔබව දිරි ගැන්වූ දෙයක් (කවුරුන් හෝ විසින් කියන ලද්දක් හෝ ඔබ කියවූ යම් දෙයක්)

ඉහල පෙලේ ව්‍යාපාරිකයන්ගේ ජිවිත කතා අන්තර්ජාලය හරහා සවන්දීම සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන්ගේ යම් යම් උපදේශනයන් සහ රජය මගින් ඔවුන් සංවිධානය කරන විවිධ අලෙවි අවස්ථා.

Question Markඔබ යටතේ සේවය කරන සේවකයන් සංඛ්‍යාව

සේවකයන් 18 යි (සෘජුව හා වක්‍රව) සමන්විත වූ මගේ ව්‍යාපාරය කොවිඩ් ව්‍යසනය නිසා මේවනවිට සේවකයන් 10 දෙනෙකුට පමණ සීමාවී ඇත.

Shashilooms Weaving

Question Markඔබගේ ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලබන අනෙකුත් ආයතන හෝ පුද්ගලයන්

පාරිභෝගිකයන්, අමුද්‍රව්‍ය ලබාගන්න ආයතන, වයඹ ජනකලා කේන්ද්‍රය, ලංකා සළුසල සහ සේවකයින්.

Question Markඔබට සිතෙන ආකාරයට ඔබේ ධනාත්මක ම ගුණාංගය?

සෑම අභියෝගයක්ම භාරගැනීම, මගේ සියලු පාරිභෝගිකයන් හට මගෙන් ලැබිය යුතු සේවාව ඔවුන්ට අවශ්‍ය ආකාරයටම ලබාදී ඔවුන් තුලින් ගොඩනැගෙන විශ්වාසය.

Question Markඔබගේ සහ ඔබගේ ව්‍යාපාරයේ තිබෙන අඩුපාඩු

මගේ ව්‍යාපාරයන් සම්බන්ධ අධ්‍යාපන දැනුම හා පළපුරුද්ද අඩු කම.
ව්‍යාපාරයේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය සහ ක්‍රමවත්ව එම ක්‍රියාවලිය සකසාගැනීමට තවම නොහැකි වීම.

Question Markඅනාගත සැලැස්ම

නව නිර්මාණයන් කරමින් දේශීය මෙන්ම විදේශීය වෙළඳපොල ජයගැනීම.

Question Markනව ව්‍යවසායකයන්ට ලබාදෙන උපදේශය

කල නොහැක්කක් නොමැත.
උත්සාහය උනන්දුව කැපවීම මත ඕනෑම අභියෝගයකට මුහුණදිය හැක.

ශෂිකලා ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

ඔබ ව්‍යවසායකයෙක් නම්, අප සමඟ බෙදා ගැනීමට කතාවක් ඇත්නම් කරුණාකර info@diriya.lk වෙත විද්‍යුත් තැපැල් කරන්න.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X