Diriya

වඩාත් හොඳ ප්‍රසම්පාදනයක් උදෙසා

Image by Chanaka from Pexels

ව්‍යාපාරයක නිරත වන විට ඔබ අවම කිරීමට බලාපොරොත්තු වන බොහෝ වියදම් අතර, ප්‍රසම්පාදනය ඔබ සලකා බැලිය යුතු වැදගත්ම සාධකයක් විය හැකිය. මෙය මහා පරිමාණ සහ කුඩා පරිමාණ ව්‍යාපාර යන අංශ දෙකටම එක හා සමාන වේ. ප්‍රසම්පාදනය සහ එය වඩාත් කාර්යක්ෂම සහ පිරිවැය-ඵලදායී ලෙස කර ගත හැකි ක්‍රම පිළිබඳ කරුණු සැකෙවින් පහත දක්වා ඇත.

ප්‍රසම්පාදන සහ සැපයුම් කළමනාකරණය යනු කුමක්ද?

ප්‍රසම්පාදන හා සැපයුම් පිළිබඳ වරලත් ආයතනයේ අර්ථ දැක්වීමට අනුව  (CIPS) ප්‍රසම්පාදන සහ සැපයුම් කළමනාකරණය යනු කිසියම් ආයතනයකට ලාභදායී සහ සදාචාරාත්මක ලෙස ක්‍රියාකිරීමට හැකි වන පරිදි භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට  සම්බන්ධ කාර්යය පටිපාටියකි. ප්‍රසම්පාදනය සඳහා වෙන් කර ඇති සම්පත් ප්‍රමාණය ගැන ඇතැමුන් වැඩි අවධානයක් යොමු නොකළත් එය ඉදිරි මෙහෙයුම්වලට බලපෑම් කළ හැකි තීරණාත්මක සාධකයක් බව සඳහන් කිරීම වැදගත්ය.

මිලදී ගැනීම සහ ප්‍රසම්පාදන අතර වෙනසක් තිබේද?

මිලදී ගැනීම සහ ප්‍රසම්පාදන අතර වෙනසක් තිබේ. මිලදී ගැනීම යනු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ හුදෙක් එක් පියවරක් පමණි. මිනිසුන් මෙම මිලදී ගැනීම සහ ප්‍රසම්පාදන යන වචන හුවමාරු කර ගනිමින් භාවිතා කළද, ප්‍රසම්පාදනය සඳහා වැඩි චින්තනයක් සහ උපාය මාර්ගික සැලසුම් අවශ්‍ය වේ.

ප්‍රසම්පාදනයේදී ඔබට මුහුණ දීමට සිදු විය හැකි අභියෝග මොනවාද?

  1. සාවද්‍ය දත්ත
  2. සැපයුම්කරුවන් සමඟ අතිවිය හැකි ගැටළු
  3. භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය
  4. බෙදා හැරීමේදී සිදුවිය හැකි ප්‍රමාද වීම්
  5. ඩිජිටල්කරණය සහ තාක්ෂණය: මෙය ඩිජිටල් යුගයේ නව අභියෝගයකි. සැපයුම් දාමයේ පරිවර්තනයන් හේතුවෙන් ඩිජිටල්කරණයට  වැඩි නැඹුරුතාවයක් ඇති වීම මධ්‍යගත වැඩසටහනක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට බාධාවක් විය හැකිය.

ප්‍රසම්පාදන වංචාවේ දර්ශක මොනවාද?

ඔබ ව්‍යාපාරයක් පවත්වාගෙන යන විට, අමුද්‍රව්‍ය, පරිභෝජන ද්‍රව්‍ය හෝ වෙනත් විවිධ වියදම්  යනාදී වශයෙන් වියදම් භාරව සිටින පුද්ගලයන් එක් අයෙකු හෝ කිහිප දෙනෙකු සමඟ කටයුතු කිරීමේදි  නාස්තිය, දුර්වල භාවිතයන් හෝ වංචාව සඳහා ඇති අවස්ථා වැඩිවේ.

ඔබේ ව්‍යාපාරයට අභියෝගයක් විය හැකි වෙනත් ඕනෑම ආකාරයක වංචාවක් මෙන්ම, ප්‍රසම්පාදන වංචාවකට යොමු වන ඇතැම් දර්ශකද සොයා බැලිය හැක. මේ සඳහා අදහසක් ගැනීමට ඔබ සමීපව නිරීක්ෂණය කළ යුතු අංශ කිහිපයක් සැකෙවින්.

ඔබගේ ව්‍යාපාරය පවත්වා ගැනීමට මහා පරිමාණ ඉතුරුම්, අනාගත අභියෝගවලට මුහුණ දීමට වැඩි සූදානමක් සහ කාර්යක්ෂමතාවයක්, අඩු මෙහෙයුම් වියදම් සහ සරල කළ ක්‍රියාවලියක් ඔබ සොයන්නේ නම්; ඔබ කළ යුත්තේ හොඳින් පුහුණු වූ කණ්ඩායමක් සමඟ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූලික පියවරයන් පිළිපැදීමයි.

උපාය මාර්ගික ප්‍රසම්පාදන ක්‍රියාවලියකට පහත පියවර ඇතුළත් වේ;

  1. නිශ්චිත අවශ්‍යතාවය හඳුනා ගැනීම සඳහා අභ්‍යන්තර අවශ්‍යතා විශ්ලේෂණයක් පැවැත්වීම.
  2. සැපයුම්කරුවන්ගේ වෙළඳපල තක්සේරු කිරීම.
  3. විශ්වාසදායක මූලාශ්‍රවලින් සැපයුම්කරුවන්ගේ තොරතුරු රැස් කිරීම.
  4. කල් ඇතිව මූලාශ්‍ර/බාහිර සේවා උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම.
  5. නිශ්චිත මූලාශ්‍ර උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීම.
  6. සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කිරීම සහ සුදුස්සන් තෝරා ගැනීම.
  7. සංක්‍රාන්ති සැලැස්මක් හෝ ගිවිසුම්ගත සැපයුම් දාම වැඩිදියුණු කිරීම් ක්‍රියාත්මක කිරීම.
Exit mobile version