Diriya

ඔබේ අලෙවි අවස්ථාවන් විකුණුම් අවස්ථා බවට පත් කර ගන්න.

පාරිභෝගිකයන් උපයා ගැනීමට ප්‍රමාණවත් අවස්ථා නැතිද? එසේ නම් මේ කුඩා ප්‍රයෝග උපයෝගී කරගන්නට උත්සාහ කරන්න. එයින් ඔබට අලෙවිකරණ අවස්ථා රැසක් සාර්ථක ලෙස සිදු කර ගැනීමට අවකාශ උදා කර ගත හැකි වනු ඇත.

ගොඩවැදුණු විට ඔබේ නිවස මෙන් හැගීමක් දැනෙන වෙළඳසැලකට ගොස් තිබෙනවාද? එම වෙළඳසැල්වලදී ඉතා සුහදශීලී ආමන්ත්‍රණවලින් ඔබව පිනවා ඇති බව ඔබට සිහි වනවා ඇති. අපව නොසලකා හරින හෝ අපට නිසි අවධානයක් ලබා නොදෙන වෙළඳසැල්වලට වඩා ඉහත විස්තර කරන ලද පරිදි පවත්වා ගෙන යන වෙළඳසැල්වලට යාමට අපි කැමැත්තක් දක්වනවා නේද? මෙය මානව සබදතා පදනම් කර ගත් අලෙවිකරණයේ පදනමයි. ඔබගේ පාරිභෝගිකයන් සමඟ හෝ වෙළඳ අවස්ථාවන්වලදී මෙම මානව සබඳතාව වර්ධනය කර ගත හැක්කේ කෙසේද ? එම සියලු දෙනා, ඔබගෙන් යමක් මිළදී ගන්නා තැනට පත් කරගන්නේ කෙසේද? මුලින්ම ඔබගේ පාරිභෝගික සබඳතාව වර්ධනය කර ගැනීම උදෙසා භාවිත කළ හැකි සරල ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබදව විමසා බලමු.

ප්‍රමිතිගත පාරිභෝගික සේවාවක් ලබා දෙන්න: ඔබ පාරිභෝගිකයෙකුට ආමන්ත්‍රණය කළ යුත්තේ කෙසේද? යම් පුද්ගලයෙකු ඔබගේ පාරිභෝගිකයෙකු කර ගැනීම උදෙසා එම පුද්ගලයාට පුද්ගලික ලෙසින් ආමන්ත්‍රණය කිරීම හා ධනාත්මක ලෙසින් යම් භාණ්ඩයක් මිළදී ගැනීමට උදෙසා පෙළඹවීම කළ හැකියි. ප්‍රමිතිගත පාරිභෝගික සේවාවක් ලෙස හැඳින්වෙන්නේ එයයි. එයට උදාහරණ කිහිපයක් දැන් විමසා බලමු.

මේ සියලුම දේ ඉතාම සරල කරුණු ලෙස ඔබ සිතනවා වන්නට පුළුවන්. එසේ වුවත් මෙවන් සරල කරුණු හුරු කර ගැනීම සුලභ නැහැ. මුළු දවසම ඉතා විඩාබරව ඔබ වෙත එන ඔබේ පාරිභෝගිකයාට ඔබ ලබා දෙන සිනහව නිසා එම පාරිභෝගිකයා ඔබේ හොඳම පාරිභෝගිකයා කර ගැනීමට අවස්ථාව පවතිනවා. එලෙසින් ඔබට එකතු වන පාරිභෝගිකයන් ඔබගේ පාරිභෝගික ලැයිස්තුවට ඇතුළත් කර ගැනීමට අමතක නොකළ යුතුයි.

Exit mobile version