spot_imgspot_img

ඔබේ අලෙවි අවස්ථාවන් විකුණුම් අවස්ථා බවට පත් කර ගන්න.

පාරිභෝගිකයන් උපයා ගැනීමට ප්‍රමාණවත් අවස්ථා නැතිද? එසේ නම් මේ කුඩා ප්‍රයෝග උපයෝගී කරගන්නට උත්සාහ කරන්න. එයින් ඔබට අලෙවිකරණ අවස්ථා රැසක් සාර්ථක ලෙස සිදු කර ගැනීමට අවකාශ උදා කර ගත හැකි වනු ඇත.

ගොඩවැදුණු විට ඔබේ නිවස මෙන් හැගීමක් දැනෙන වෙළඳසැලකට ගොස් තිබෙනවාද? එම වෙළඳසැල්වලදී ඉතා සුහදශීලී ආමන්ත්‍රණවලින් ඔබව පිනවා ඇති බව ඔබට සිහි වනවා ඇති. අපව නොසලකා හරින හෝ අපට නිසි අවධානයක් ලබා නොදෙන වෙළඳසැල්වලට වඩා ඉහත විස්තර කරන ලද පරිදි පවත්වා ගෙන යන වෙළඳසැල්වලට යාමට අපි කැමැත්තක් දක්වනවා නේද? මෙය මානව සබදතා පදනම් කර ගත් අලෙවිකරණයේ පදනමයි. ඔබගේ පාරිභෝගිකයන් සමඟ හෝ වෙළඳ අවස්ථාවන්වලදී මෙම මානව සබඳතාව වර්ධනය කර ගත හැක්කේ කෙසේද ? එම සියලු දෙනා, ඔබගෙන් යමක් මිළදී ගන්නා තැනට පත් කරගන්නේ කෙසේද? මුලින්ම ඔබගේ පාරිභෝගික සබඳතාව වර්ධනය කර ගැනීම උදෙසා භාවිත කළ හැකි සරල ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබදව විමසා බලමු.

ප්‍රමිතිගත පාරිභෝගික සේවාවක් ලබා දෙන්න: ඔබ පාරිභෝගිකයෙකුට ආමන්ත්‍රණය කළ යුත්තේ කෙසේද? යම් පුද්ගලයෙකු ඔබගේ පාරිභෝගිකයෙකු කර ගැනීම උදෙසා එම පුද්ගලයාට පුද්ගලික ලෙසින් ආමන්ත්‍රණය කිරීම හා ධනාත්මක ලෙසින් යම් භාණ්ඩයක් මිළදී ගැනීමට උදෙසා පෙළඹවීම කළ හැකියි. ප්‍රමිතිගත පාරිභෝගික සේවාවක් ලෙස හැඳින්වෙන්නේ එයයි. එයට උදාහරණ කිහිපයක් දැන් විමසා බලමු.

  • අවංකවම පාරිභෝගික අපේක්ෂාවන්ට මුල් තැන ලබා දෙන්න.
    පාරිභෝගිකයා රජෙකු ලෙස සලකන්න යැයි යෙදුම මතක තබා ගන්න. ඔබේ රාජකාරිය වන්නේ අවංකවම පාරිභෝගික අපේක්ෂාවන් හා ඔවුන්ගේ හදවතේ ඇති අවශ්‍යතා හා උවමනා අවංකවම තහවුරු කරලීම හා ඉන් පසුව පාරිභෝගිකයා වෙනුවෙන් හැකි උපරිම සේවාව ලබා දීමයි. එය ඔවුන්ට ඔබෙන් තවත් මිළදී ගැනීම්වලට යොමු වීමට අවස්ථාව සලසා දෙනු ඇත.
  • පාරිභෝගිකයාට ඔබේ මදහසින් සංග්‍රහ කරන්න.
    පාරිභෝගිකයා තමන්ට අවශ්‍ය යමක් මිළදී ගැනීමට වෙළදසැළට පැමිණීමේදී ඔහු දෙස ඔරවා බලා සිටින අයෙකු දැකීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන්ට  අවශ්‍ය වන්නේ තමන් සමඟ ගනුදෙනුවක් කළ හැකි ප්‍රියමනාප පුද්ගලයෙක්. මෙය සුවිශේෂිවම ඔබගේ වෙළඳසැලේදීම විය යුතු නැහැ. ඔබ ඔබේ වෙළඳ සංවිධානය නියෝජනය කරන සෑම තැනකදීම මෙම උපක්‍රමය ඔබට භාවිත කළ හැකියි. එය රැස්වීමක්, සම්මේලනයක් හෝ ව්‍යාපාරික අදහසක් යම් සේවාදායකයෙකුට ඉදිරිපත් කිරීමක් විය හැකියි. සතුටු මුහුණකින් ඔබගේ වත සරසා ගන්න. මෙම උපක්‍රමය ඔබගේ ව්‍යාපාරික සංවිධානයට පවතින අලෙවිකරණ අවස්ථාවවන් හා ඔබ සිතුවාට වඩා පුළුල් අනාගත වෙළඳ අවස්ථාවන් කරා යාමට උපකාරී වනු ඇති. එසේම මෙය ඔබගේ ආයතනයේ සමස්ත ප්‍රතිරූපය ගොඩනැංවිම උදෙසාත් හේතුවනවා.
  • මිත්‍රශීලී විද්‍යුත් පණිවිඩ හෝ වෙනත් ආකාරයක හිතවත් සංදේශ කිසිවෙකු නොරිදවයි.
    ඔබ සතුව ඔබේ සේවාදායකයින්ගේ දුරකථන අංක හෝ විද්‍යුත් ලිපින තිබිය හැකියි. එනිසා ඔවුන්ගේ උපන් දින හෝ ඔවුන්ගේ දිවියේ සුවිශේෂී අවස්ථා පිළිබදව ඔබ දැනුවත් වන්නේ නම් ඒ අවස්ථාවලදී ඔබගේ සුභ පැතුම ඔවුන්ට ලැබීමට සලස්වන්න. මෙය ඔබගේ ව්‍යාපාර සංවිධානය හා ඔබගේ සේවාදායකයා අතර පවතින සබඳතාව සංවර්ධනය කරනු ඇත. කෙසේ වෙතත් මේ ඩිජිටල් යුගයේ පුද්ගලිකත්වය යන සාධකය නිසා බලා සෑම කෙනෙකු සමඟම තේ සාදයකට යනවාක් මෙන් එවන් සබඳතා පවත්වා ගෙන යාම නුසුදුසු වන්න පුළුවන්. එනිසා ඔබ පුද්ගල තොරතුරු හදුනා ගැනීම් තාක්ෂණය (PII -personally identifiable information) යොදා ගන්නේ නම් සේවාදායකයන්ට ඒ බව දැන්වීම සහ ඒ සඳහා ඔවුන්ගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බවත් සිහි තබා ගන්න. නමුත් පමණට වඩා පණිවිඩ යවා ඔවුන්ට ඔබව කරදරයක් වන මට්ටමට පත් නොවන්න.

මේ සියලුම දේ ඉතාම සරල කරුණු ලෙස ඔබ සිතනවා වන්නට පුළුවන්. එසේ වුවත් මෙවන් සරල කරුණු හුරු කර ගැනීම සුලභ නැහැ. මුළු දවසම ඉතා විඩාබරව ඔබ වෙත එන ඔබේ පාරිභෝගිකයාට ඔබ ලබා දෙන සිනහව නිසා එම පාරිභෝගිකයා ඔබේ හොඳම පාරිභෝගිකයා කර ගැනීමට අවස්ථාව පවතිනවා. එලෙසින් ඔබට එකතු වන පාරිභෝගිකයන් ඔබගේ පාරිභෝගික ලැයිස්තුවට ඇතුළත් කර ගැනීමට අමතක නොකළ යුතුයි.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X