spot_imgspot_img

නායකයෙකු ලෙස ඔබ ඔබේ සේවා නියුක්තිකයන්ව රැකියාවේ ඇති පීඩනයෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේ ද?

සේවා නියුක්තිකයන් රැකියාවේ දී අති විශාල පීඩනයකට යටත් වන බව නවතම පරීක්ෂණවලින් තහවුරු කර ගෙන ඇත. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ කුඩා ව්‍යාපාර රඳා පවතින්නේ එහි සිටින සාමාජිකයින්ගෙන් සහ ඔවුන්ගේ කාර්ය සාධනයෙන් වේ. එබැවින් එවැනි ව්‍යාපාරයක අයිතිකරු වන ඔබ රාජකාරියෙහි පීඩනය හඳුනා ගෙන, එය අවම කිරීමට කටයුතු කරන්නෙ කෙසේ ද?

රැකියාවක් කිරීමේ දී ඒ සම්බන්ධයෙන් යම්කිසි පීඩනයක් දැනීම නොවැළැක්විය හැකි කාරණාවකි. නමුත් නායකයෙකු ලෙස එය හඳුනා ගෙන, රැකියාව සහ සාමාන්‍ය ජීවිතය අතර සමතුලිතතාව හොඳින් පවත්වා ගැනීම සඳහා ඔබේ සේවා නියුක්තිකයන්ට සහය වීම අතිශයින් ම වැදගත් වේ.

ඔබ විසින් ම හෝ කළමනාකාර කණ්ඩායම විසින් අවංකව සේවා නියුක්තිකයන්ගේ යහපැවැත්ම කෙරෙහි කැප වුවහොත්, ඉන් ඔබේ ආයතනය තුල රැක බලා ගැනීමේ සංස්කෘතියක් ඇති කෙරෙනු ඇත. නොපැමිණීම් අවම වීමෙන්, හොඳ සහයෝගයකින් වැඩ කිරීමෙන් සහ සේවා තෘප්තිය මගින් සංවිධානයේ අනුවර්තනය වීමේ හැකියාව ඉහළ යනු ඇත. එමගින් පාරිභෝගික සේවාවන් ද වැඩිදියුණු වනු ඇත.

පීඩනයෙන් සිටින පුද්ගලයාව හඳුනා ගැනීම

තමා උපමා කොට අනුන් ගැන සිතීම මේ සඳහා ඇති හොඳම ක්‍රමවේදයයි. යම්කිසි ප්‍රමාණයක හෝ පීඩනයකට ලක් වී ඇති අයෙකු වශයෙන්, ඔබට අනෙක් අයගේ පීඩනය සහ ආතතිය හොඳින්ම හඳුනා ගත හැකි විය යුතු ය. අයෙකු ආයතනයේ කටයුතුවලින් දුරස්ථ වීම පීඩනය හඳුනා ගත හැකි එක් ආකාරයකි. රැස්වීම්වල දී සහ හමුවල දී යම් අයකු ඊට සක්‍රියව දායක නොවෙයි නම්, උනන්දු නැති බවක් පෙන්වයි නම්, කතාවලට සම්බන්ධ නොවෙයි නම් එම පුද්ගලයා ආතතියෙන් සිටීමට වැඩි සම්භාවිතාවක් ඇත. එම නිසා එම සේවා නියුක්තිකයා සමග පෞද්ගලික සහ හෘදයාංගම කතාබහක් සිදු කිරීම මගින් ඔබට එය තහවුරු කර ගැනීමට හැකි වනු ඇත.

ඔවුන්ගේ වේදනාව භාර ගන්න

ඔවුන් සමඟ කතා කර, ඔවුන්ගේ වේදනාව තමාට තේරුම් ගත හැකි බව ඔවුන්ට දැනෙන්නට සලස්වා ඔවුන්ට ඔවුන් ගැන කතා කිරීමට ඉඩක් සාදා දෙන්න. එය, මාත් ඔතන ඉඳලා තියෙනවා. ඒක හින්දා මටත් තේරෙනවා රස්සාවේ ස්ට්‍රෙස් එක. ඒත් ඔයාට දැනෙන පීඩනයි මගේ පීඩනයි වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා කැමති නං විතරක් මාත් එක්ක ඒ ගැන කතා කරමු, වැනි සරල වාක්‍යයක් විය හැකි. එය ඔබේ සේවා නියුක්තිකයන්ට ඔබ ඔවුන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ගැන සොයා බලන බව පෙන්වීමට හොඳ අවස්ථාවකි. මොනයම් අවස්ථාවක හෝ ඔවුන්ගේ වේදනාව සුළු කොට තැකීමෙන් වළකින්න. එය එම වේදනාව තවත් විශාල කරනු ඇත.

අවංකව සහය වීමට උත්සාහ කරන්න

බොහෝ අවස්ථාවල අප සහයක් යැයි සිතා කරන දේවල් සහ ඇත්තටම සහයක් වන දේවල් අතර විශාල වෙනසක් පවතියි. අපි බොහෝ අවස්ථාවල ඔවුන්ගේ පීඩනය හොඳින්ම හඳුනා ගත්තා යැයි සිතා, ඊට අපගේ ක්‍රමයකට විසඳුම් ලබා දීමට යයි. කරුණාකර ඉන් වළකින්න. ඔවුන්ට කාලය ලබා දෙන්න, ඔවුන්ගේ පීඩනය පිට කිරීමට ඉඩ දෙන්න, විසඳුම් ලබා දීමට පෙර ඔවුන්ගේ සම්පූර්ණ කතාවට ඇහුම්කන් දෙන්න. ඒ වගේම අමතර කරුණු සොයා ගැනීමටත් උත්සාහ කරන්න. එම රාජකාරිය ම කරන වෙනත් සේවා නියුක්තිකයෙකුට කතා කරන්න. ඔවුන් ළඟ සමහර අවස්ථාවල දී ඒ පිළිබඳ ව හොඳ අදහසක් සහ විසඳුමක් තිබෙනු ඇත.

සහය වීමට හැකි හොඳම මාර්ගය සොයා ගන්න

රාජකාරිවලට සම්බන්ධ නැති පීඩනයකට ලක් වූ අයකුට, අන් අයට වඩා හොඳින් මෙයට මුහුණ දීමට හැකි. ඔවුන් ව උපදේශකයෙකු සමග සම්බන්ධ කිරීම ද ඔබට කළ හැකි.

ඔබත් ඒ රාජකාරිය ම කළා නම් ඔබට ද එහි අසීරු කම අවබෝධ වනු ඇත. එම නිසා ඔවුන් සමඟ දිනක් හෝ දෙකක් රාජකාරි කර බලන්න. “ඔයාලාට තියෙන වැඩ ප්‍රමාණය වැඩියි නේ – ඉන්න මාත් උදව් කරන්නම්,” වැනි යමකින් ඔබට ඔවුන් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිවා මෙන්ම, ‘බොස්’ කෙනෙකු ලෙස ඔබව අගය කිරීමකට ද ලක් වෙනු ඇත.

වර්තමාන ලෝකයේ බොහෝ පිරිසක් තම එදිනෙදා ජීවිතයෙන් වැඩි කාලයක් ගත කරන්නේ රැකියාවත් සමඟයි. ඒ වගේම ඔවුන් වැටුපටත් වඩා ‍තම රැකියාවෙන් ලැබෙන තෘප්තිය, ජයග්‍රාහී හැඟීම, ඇගයීම්වලට විශාල කැමැත්තක් දක්වයි. එබැවින් ඔබේ ක්‍රියා කලාපය ඔවුන්ගේ රැකියාවේ පමණක් නොව සාමාන්‍ය ජීවිතයේ යහපැවැත්මට ද ඉතා වැදගත් වේ. ඔබ අන් අයට සහයෝගය දැක්විය යුතු ආකාරය පිළිබඳ නව ප්‍රවේශයක් ගැනීම මගින් ඔබේ ආයතනය තුල ඔබට මනරම් රැකියා සංස්කෘතියක් ගොඩ නැගීමට හැකි වනු ඇත.


>>>ශ්‍රී ලංකාව තුළ පාරිසරික කළමනාකරණ පද්ධති (EMS) ක්‍රියාත්මක කිරීම.

Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X