Diriya.lk යනු කුමක්ද?

Diriya.lk යනු, ව්‍යවසායකයින් සඳහා මෙන්ම ආරම්භක ව්‍යාපාරද (Startup) ඇතුළුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ගේ (MSME) ඕනෑම කොටස් කරුවෙකු සඳහා උපකාරී වන දැනුම ලබා දෙන වෙබ් අඩවියකි. ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාරත්ව සහ සමාජ නවෝත්පාදන වැඩසටහනක් වන Diriya.lkහි අරමුණ වන්නේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ගේ පාර්ශවකරුවන්ගේ ව්‍යාපාර දැනුම හා දැනුවත්භාවය ඉහළ නැංවීම හරහා වත්මන් තරගකාරී ව්‍යාපාරික ලෝකයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට එම ව්‍යාපාර බලගැන්වීමයි.

 

වියාචනය

Diriya.lk යනු ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාරත්ව සහ සමාජ නවෝත්පාදන ව්‍යාපෘතියකි. මෙම වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි අන්තර්ගතයන් මඟින් අරමුණු කෙරෙන්නේ, සීඝ්‍රයෙන් වෙනස්වන ව්‍යාපාර ලෝකයේ අභියෝග වලට සාර්ථකව මුහුණ දීම සඳහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට (MSME) උපකාරී වන දැනුවත්භාවය, මඟ පෙන්වීම සහ උපකාර ලබාදීම වේ. එබැවින්, Diriya.lk හි තිබෙන අන්තර්ගතයන් භාවිතය හේතුවෙන් සිදුවන්නා වූ ඍජු, වක්‍ර, සිදුවීම්, අනියම්, විශේෂ, ප්‍රතිවිපාකමය හෝ දණ්ඩනීය හානි සඳහා හෝ ලාභ, ආදායම්, ව්‍යාපාර, ඉතුරුම් හෝ දත්ත සම්බන්ධයෙන් සිදුවන ඕනෑම අලාභයක් සඳහා ඩයලොග් ආසිආටා පීඑල්සී, එහි කාර්ය මණ්ඩලය, එහි නිලධාරීන් හෝ අධ්‍යක්ෂවරුන් වගකිව යුතු නොවේ.

 

රහස්‍යතා ප්‍රතිපත්තිය

ඩයලොග් ආසිආටා පීඑල්සී (මෙතැන් සිට “ඩයලොග්” “අප” “අපි” හෝ “අපේ” යනුවෙන් හඳුන්වනු ලබන) ඔබේ පෞද්ගලිකත්වයට ගරු කිරීමට සහ අදාළ වන්නා වූ ඕනෑම දත්ත ආරක්‍ෂණ හා පෞද්ගලිකත්ව නීතියකට අනුකූලව කට්‍යුතු කිරීමට කැපවී සිටී. ඔබ www.diriya.lk වෙත (ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ක්‍රියාත්මක කරන වෙබ් අඩවියක්)
පෞද්ගලික තොරතුරු ලබා දෙන්නේ නම්, ඩයලොග් සමඟ ඔබේ අඛණ්ඩ සම්බන්ධතාවයට සහය දැක්වීම සඳහා පමණක් අපි ඔබේ පුද්ගලික තොරතුරු භාවිතා කරන බවට අපි සහතික වෙමු. ඔබ අපගේ නිෂ්පාදන සහ සේවාවන් වෙත ප්‍රවේශ වන විට හෝ පොදුවේ භාවිතා කරන විට අපි ඔබේ තොරතුරු රැස් කරන්නේ කෙසේද, භාවිතා කරන්නේ කෙසේද සහ ඒවා ආරක්‍ෂා කරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම සඳහා අපි මෙම රහස්‍යතා ප්‍රතිපත්ති ප්‍රකාශය ලබා දෙන්නෙමු.

X