සෑම පවුල් ව්‍යාපාරයකම පාහේ ආරම්භක අවධියේදී, බොහෝ පාලන තීරණ ගනු ලබන්නේ හිමකරු විසින්ම ය. කෙසේ වෙතත්, ව්‍යාපාරය පුළුල් වීමත් සමඟ ඉතා පැහැදිලි පවුල් ව්‍යාපාර පාලන ව්‍යුහයක අවශ්‍යයතාවය මතු වේ. ව්‍යාපාරයේ නිවැරදි අධියරේදී නිවැරදි පාලන ව්‍යුහයක් පැවතීම, ව්‍යාපාරයේ ශක්තිමත් භාවය හා ගුණාත්මක භාවය තහවුරු කරයි. එබැවින් ඔබේ ව්‍යාපාරය පවතින අවධිය සහ ඒ සඳහා ප්‍රමාණවත් සහ ගැළපෙන පාලන ව්‍යුහයක් සොයා ගනිමු.
අදියර 1: ආරම්භකයින්
මෙම අවස්ථාවෙහිදී, ව්‍යාපාරය මුළුමනින්ම සංවිධානයේ සාර්ථකත්වය කෙරෙහි දැඩි වගකීමක් ඇති ආරම්භකයින් විසින්ම ව්‍යාපාරය පාලනය කරනු ලැබේ. බොහෝවිට තනි පුද්ගලයෙකු හෝ එකිනෙකා අතර නිරන්තර සබඳතා ඇති ස්වල්ප දෙනෙකු විසින් ව්‍යාපාරය සබැඳි වූ තීරණ ගැනීම කෙරෙනු ලබයි. බැංකුකරණය වැනි ඇතැම් කටයුතු සඳහා පමණක් විශේෂඥයින්ගෙන් උපදෙස් ලබා ගැනීම වැනි අවස්ථා ඉතා ඉතා දුර්ලභය.
ව්‍යාපාරය තවමත් ළදරු අවදියේ පැවතුනද, එහි අනාගතය සඳහා සැලසුම් සකස් කිරීමට කල් වැඩි නැත. අනුප්‍රාප්තික සැලැස්මක් ගෙන ඒමට සුදුසුම කාලය ද වනුයේ මෙයයි. අනාගත නායකයින් හඳුනා ගැනීම සහ කාලයත් සමඟ ඔවුන් වෙත හැඩගැසීම තුලින් නායකත්වය පැවරීම් පහසු කරවනු ඇත.
අධියර 2: මීළඟ පරම්පරාව
මෙය “සහෝදර සහෝදරියන්ගේ හවුල්කාරිත්වය” ලෙසද හැඳින්වේ. මේ තුළින් අධ්‍යක්ෂ මණ්ඩලය සහ තනතුරු ඊළඟ පරම්පරාවට වෙත ගෙන යනු ලබයි. මෙම අධියරේදී නව නායකත්වය පෝෂණය වන අතර ඔවුන් වෙළඳපොළ කොටස් වැඩි කර, එමෙන් ම ව්‍යාපාරයේ වර්ධනය කෙරෙහි පුද්ගලික උනන්දුවක් ඇති පුද්ගලයින් හා එක්ව නව අදහස් හා නව නිෂ්පාදන ඉදිරිපත් කිරීමට පෙළඹෙනු ලබයි. කෙසේ වෙතත්, දැනට පවුලේ සාමාජිකයින් වැඩි පිරිසක් ව්‍යාපාර සංවිධානය තුළ නියැලී සිටින බැවින් ගැටුම් සහ පරිපාලන ගැටලු නිරතුරු පැන නැඟීම සාමාන්‍ය දෙයකි.
මෙම අවස්ථාවෙහිදී, ව්‍යාපාර ක්‍රියාවලීන් විධිමත් කිරීම, කාර්යක්ෂම සන්නිවේදන උපාය මාර්ග අනුගමනය කිරීම, අනුප්‍රාප්තික සැලැස්ම පුළුල් කිරීම ද වැදගත් කොට සැලකිය යුතු වේ. සමාගමේ කළමනාකරණ කාර්යභාරය සඳහා පවුලෙන් ඔබ්බට බාහිර සම්පත් සෙවීම ආරම්භ කළ යුතු අවස්ථාව ද මෙයයි.
3 වන අදියර: පවුල් උරුමය
පවුල් උරුමය; ඥාති සංගමය හෝ පවුල් වංශය ලෙසද හඳුන්වනු ලබයි. මෙම අවස්ථාවෙහිදී, ළමයින්, ඥාති සහෝදරියන් ඇතුළු වැඩි පිරිසක් සෘජුව හෝ වක්‍රව ව්‍යාපාරය සමඟ සම්බන්ධ වී ඇති බැවින් ව්‍යාපාර පරිපාලනය ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ බවට පත්වේ. මෙම පුද්ගලයින්ගෙන් විශාල පිරිසකට පවුලේ විවිධ වගකීම් සහගත භූමිකා ඇති හෙයින්, සංවිධානය පවත්වා ගෙන යා යුතු ආකාරය සහ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය සකස් කළ යුතු ආකාරය පිළිබඳ ඔවුන්ට විවිධ අදහස් තිබිය හැක. එමෙන් ම පවුලේ යම් යම් ආරවුල් ඊළැඟ පරම්පරාව වෙත ද සම්ප්‍රේෂණය විය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම අධියරේදී අවධානය යොමු කළ යුතු බොහෝ පවුල් පරිපාලන ගැටලුද පවතියි. එබැවින් මෙම අධියරේදී යම් ප්‍රතිපත්තීන් අනුගමනය කළ යුතුය. එහිදී පහත කරුණු කෙරේ අවධානය යොමු විය යුතුය.
- පවුලේ සාමාජිකයන් ව්‍යාපාරයේ තනතුරු වලට පත් කරගැනීම
- පවුලේ කොටස් හිමිකාරීත්ව පිළිබද අයිතිවාසිකම්
- කොටස් ද්‍රවශීලතාවය
- ලාභාංශ ප්‍රතිපත්තිය
- ව්‍යාපාරය තුළ පවුලේ සාමාජිකයන්ගේ භූමිකාවන්
- පවුල් ගැටුම් නිරාකරණය
- පවුලේ දැක්ම සහ මෙහෙවර
මෙම අධියරයන් මඟින් ව්‍යාපාර සංවර්ධනය යනු රේඛීය ක්‍රියාවලියක් බව ඇඟවුවද, සියලු ව්‍යාපාර මෙම වර්ධනයේ අධියර තුනම කරා ළැ නොවේ ඇතැම් ව්‍යාපාර වල මුල් හිමිකරුවන් විසින් කළමනාකාරීත්වය දරන ලද අවදිය තුළ ව්‍යාපාරයේ කිසිදු වර්ධනයක් සිදු නොවනු ඇත. එමෙන්ම ඒවා අවසානයේදී බාහිර පාර්ශවයන්ට විවෘත වේ. තවද ඇතැම් ප්‍රධාන සමාගම් සාමූහිකව පාලක කොටස් හිමි පවුලක් විසින් පවත්වාගෙන යනු ලබයි. එබැවින්, ව්‍යාපාරයේ ස්වභාවය සහ අදාළ නියාමන රාමු මත පදනම්ව, පවුල් ව්‍යාපාරයකට නිවැරදි පාලන රාමුවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන බව අවධාරණය කළ යුතුය.