සහස්‍රකයන් රැකියා ස්ථානයේ විශාල බලපෑමක් ඇති කර ඇත. ඔවුන් ප්රවණතා සකසා ඇති අතර ඔවුන් සමහර සේවා ස්ථාන සීමාවන් ද බිඳ දමා ඇත. එමෙන්ම, ඔවුන් අභිලාෂකාමී, ඵලදායී බහුකාර්ය සහගතික පුද්ගලයන් සමූහයකි. නමුත් සේවා ස්ථානයේ සහස්‍රකයන් හැසිරවීම නවතම අභියෝග සමූහයක් සමඟ එන අතර, ඔබේ ජීවිතය පහසු කර ගැනීම සඳහා, සාමාන්‍යයෙන් සහස්‍රකයන් සමඟ හොඳින් වැඩ කිරීමට, තහවුරු වී ඇති ක්‍රම කිහිපයක් මෙන්න.
විශ්වාසය සහ විනිවිදභාවය සහතික කරන්න
සහස්‍රකයන් සියල්ලම පාහේ වෙහෙස මහන්සි වී වැඩ කිරන අතර, ඔවුන්ට ඔබව විශ්වාස කළ හැකි බව ඔවුන් දන්නේ නම් සහ ඔවුන් සමඟ විනිවිදභාවයෙන් යුතුව ඔබ කටයුතු කරන බව ඔවුන් දන්නවා නම්, ඔවුන් වඩාත් වුවමනාවෙන් යුතුව තම රාජකාරිය කිරීමට පෙළඹෙනු ඇත. නිදසුනක් වශයෙන් ගතහොත්, යම් වැඩක තිබෙන අසීරුතාවය පිළිබදව ඔවුන්ට දැණුම් නොදීමට වඩා, එහි ඇති ඉදිරි අභියෝග පිළිබඳ සත්‍යය දැන ගැනීමට කැමති වනු ඇත. විශ්වාසය සහ විනිවිදභාවය ගොඩනැගීමට සහ සන්නිවේදනය කිරීමට ඔබ දක්ෂ නම්, සහශ්රකයන්ට ඔබ සමඟ වැඩ කිරීම පහසු වනු ඇත.
බැඳීම සහ සම්බන්ධතාවය
සහස්‍රකයන් හට කණ්ඩායමේ කොටසක් ලෙස දැනීමට අවශ්‍යය. මෙම සේවක කණ්ඩායමට සහයෝගිතාව වැදගත් වේ. වසංගතය සහ එහි බලපැම් මෙය වඩාත් දුෂ්කර කර ඇත නමුත්, ව්‍යාපාර හිමිකරුවන් සේවක සහභාගීත්වය තවමත් ඉහළ මට්ටමක පවතින බවට වග බලා ගත යුතුය. පාලනයකින් තොරව ඔවුන්ට වැඩ භාරදී ඉන් පසුව එය අත්හැරීම, ඵලදායිතාවයට හානි විය හැකිය. ඒ නිසා ඔබ නිවසේ සිට වැඩ කරන අතරතුර, ඔවුන් සමඟ සම්බන්ධව සිටින්න, නිතිපතා හෝ කෙටි දෛනික කාර්ය මණ්ඩල රැස්වීම් පවත්වන්න. ඔවුන්ගෙන් නිතර ප්‍රතිපෝෂණ ඉල්ලා සිටින්න.
ආශ්වාදය සහ උනන්දුව
අනෙකුත් සේවකයන්ට වඩා ඉක්මනින් අතෘප්තියට පත්වීමේ ප්‍රවණතාවක් ‘මිලේනියල්ස්’ සතුව ඇත. එමනිසා, ඔවුන් කරන කාර්යය කෙරෙහි ඔවුන් තුළ ආස්වාදයක් සහ උනන්දුවක් දැනීම ඉතා වැදගත් වේ. මෙය සිදුකිරීමට හැකි එක් විශිෂ්ට ක්‍රමයක් වනුයේ ඔවුන්ට පුහුණුව සහ සංවර්ධනය වීමට අවස්ථා ලබා දීමයි. ඔබට ඔවුන්ට සොයා බැලීමට විවිධ දේවල් ලබා දිය හැකි අතර සමහර විට වඩාත් සංකල්පීය සාකච්ජා සැසි තිබිය යුතුය.
සහස්‍රකයන් හට ඔබේ ව්‍යාපාරයට විශාල වටිනාකමක් එක් කළ හැකිය. එබැවින් ඔවුන් හසුරුවන්නේ කෙසේදැයි ඔබ දන්නේ නම් සහ ඔවුන් ඔබ සමඟ වැඩ කිරීමට ලබා ගන්නේ නම්, ඔබ යොදා ඇති ආයෝජනයෙන් ඔබට ප්රතිලාභ ලැබෙනු ඇත. තවත් ඉඟි සහ උපක්‍රම සඳහා අපගේ පිටුව සමඟ රැඳී සිටින්න.