spot_imgspot_img

සාර්ථකත්වය සඳහා මාවත සකසා ගැනීම: ඔබේ ව්‍යාපාර අදහස නිවැරදි එකක් ද යන්න තහවුරු කර ගැනීමට ප්‍රධාන දර්ශක හතක්.

නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම සෑම විටම උද්යෝගිමත් කාර්යයක් වන නමුත්, එම උත්සාහයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබේ ව්‍යාපාරික අදහසෙහි ශක්තිමත් බව මතයි. ඔබේ ව්‍යාපාර අදහස නිවැරදි එකක් ද යන්න හඳුනා ගැනීම සඳහා විවිධ සාධක සලකා බැලීම සහ ඒවා ඇගයීම සිදු කළ යුතු වේ. ඔබේ ව්‍යාපාරික අදහසට සාර්ථක වීමට හැකියාවක් තිබේ ද යන්න තීරණය කිරීම සඳහා, ඔබට සලකා බැලිය හැකි ප්‍රධාන දර්ශක හතක් පිළිබඳ මෙහි දී විස්තර කෙරෙනු ඇති.

වෙළඳපළ ඉල්ලුම සහ අවකාශය:

ඔබේ භාණ්ඩය හෝ සේවාව සඳහා වෙළෙඳපොළ ඉල්ලුම තක්සේරු කරන්න. සාර්ථක ව්‍යාපාරික අදහසක් නිශ්චිත අවකාශයක් තුළ සැබෑ අවශ්‍යතාවකට හෝ ගැටලුවකට පිළිතුර වනු ඇත. එමෙන්ම ඔබේ ඉලක්ක ගත ප්‍රේක්ෂකයින්, තරගකාරීත්වය සහ ඔබේ ව්‍යාපාරය රැගෙන එන වෙනස් වටිනාකම් පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහා පරිපූර්ණ වෙළඳපළ පර්යේෂණ පැවැත්වීම සුදුසු වේ.

කැමැත්ත සහ කැපවීම:

ව්‍යාපාර අදහස සඳහා ඔබේ කැමැත්ත සහ කැපවීම මැන බලන්න. ඔබට ඔබේ ව්‍යාපාරය සමඟ ඇති ශක්තිමත් සංවේදී බැඳීම අභියෝගාත්මක කාලවල දී ගාමක බලයක් ලෙස ක්‍රියා කරනු ඇති. ඔබ, ඔබේ අදහස වෙනුවෙන් අවංකවම උද්යෝගිමත් ද යන්න සහ එහි සාර්ථකත්වය වෙනුවෙන් යෙදවිය යුතු කාලය සහ ශ්‍රමය ආයෝජනය කිරීමට කැමති ද යන්න ඔබෙන් ම අසන්න.

ශක්‍යතාව සහ සම්පත්:

ඔබේ ව්‍යාපාරික අදහස යථාර්ථයක් බවට පත් කිරීමේ හැකියාව තක්සේරු කර ගන්න. ව්‍යාපාරයක් දියත් කිරීමට සහ පවත්වා ගෙන යාමට අවශ්‍ය වන මූල්‍ය, මානව සහ තාක්ෂණික සම්පත් පිලිබඳවද සලකා බලන්න. ඔබට අවශ්‍ය සම්පත් වෙත ප්‍රවේශ වීම හෝ ඒවා අත්පත් කර ගැනීමට නිවැරදි සැලැස්මක් ඇති බව සහතික කර ගන්න.

පරිමාණය සහ වර්ධන විභවය:

ඔබේ ව්‍යාපාර අදහසෙහි ප්‍රමාණය තක්සේරු කර ගන්න. සාර්ථක ව්‍යාපාරයකට වර්ධනය වීමේ හා ප්‍රසාරණය වීමේ හැකියාව තිබිය යුතුයි. කාලයත් සමඟ ඔබේ ව්‍යාපාරයට පරිණාමය විය හැකි ආකාරය මෙන්ම, නව වෙළඳපොළට ඇතුළු වීමට හෝ වෙනත් (අනුපූරක) නිෂ්පාදන හෝ සේවා හඳුන්වා දීමට අවස්ථා තිබේ ද යන්නත් සලකා බලන්න.

කියවන්න – ව්‍යවසායකත්ව මානසිකත්වය වැළඳ ගැනීම: සාර්ථකත්වය උදෙසා ඔබේ මාවත

අද්විතීය වටිනාකම් යෝජනාව (UVP):

ඔබේ අද්විතීය වටිනාකම් යෝජනාව පැහැදිලිව නිර්වචනය කර ගන්න. ඔබේ ව්‍යාපාරික අදහස, ඔබ අනෙක් තරගකරුවන්ගෙන් වෙනස් වන අන්දමේ සුවිශේෂී යමක් විය යුතුය. එමෙන්ම ඔබේ භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයන් වෙත ගෙන එන නිශ්චිත වටිනාකම හඳුනා ගනිමින්, එය ඔබේ ඉලක්ක ගත පාරිභෝගිකයින් සමඟ අනුනාද වන ආකාරයෙන් ප්‍රකාශ කරන්න.

ප්‍රතිපෝෂණ සහ වලංගුකරණය:

ඉදිරි ගනුදෙනුකරුවන්, කර්මාන්ත විශේෂඥයින් සහ උපදේශකයින්ගෙන් අදහස්/ප්‍රතිචාර ලබා ගන්න. බාහිර මූලාශ්‍රවලින් අදහස් ලබා ගැනීම ඔබේ ව්‍යාපාර අදහසෙහි ශක්‍යතාව පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙනු ඇති.  ඵලදායී විවේචන වෙත ඔබේ අවධානය යොමු කළ යුතු අතර, ලැබෙන ප්‍රතිපෝෂණ මත පදනම් වී ඔබේ ව්‍යාපාර සංකල්පය පුනරාවර්තනයක කිරීමට අවධානය යොමු කරන්න.

වෙළඳපළ ප්‍රවණතා සහ කල් යල් මැනීම:

ඔබ වෙළඳපළ ප්‍රවණතාවලට අනුගත ව සිටිය යුතු අතර, ඔබේ ව්‍යාපාර අදහසේ කාලය නිර්ණය කර ගැනීම ද සිදු කළ යුතු වේ. කල් යල් මැනීම ව්‍යාපාරික ලෝකයේ දී අතිශය තීරණාත්මක වන අතර, නියම මොහොතේ ඔබේ ව්‍යාපාරය දියත් කිරීම එහි සාර්ථකත්වයට සැලකිය යුතු ලෙස බලපෑම් එල්ල කළ හැකි.  ඔබේ අදහස වර්තමාන වෙළඳපළ ප්‍රවණතා සමඟ සමපාත වන්නේ ද යන්න සහ ඔබේ සැපයීම් සඳහා වෙළඳපොළේ ඉල්ලුම වැඩි වේ ද යන්නත් සලකා බලන්න.

ඔබේ ව්‍යාපාරික අදහස නිවැරදි ද යන්න හඳුනා ගැනීම සඳහා වෙළඳපළ ගතිකත්වය, පුද්ගල කැපවීම, ශක්‍යතාව, පරිමාණය, සුවිශේෂත්වය, ප්‍රතිපෝෂණ සහ කාල නිර්ණය ඇතුළත් පුළුල් ඇගයීමක් ඇතුළත් වේ. මෙම ප්‍රධාන දර්ශක හොඳින් සලකා බැලීමෙන්, ඔබට දැනුවත් තීරණ ගත හැකි අතර ඔබේ ව්‍යවසායක දැක්ම දියුණු යථාර්ථයක් බවට පත් කිරීමේ හැකියාව ඉහළ දමනු ඇති.


Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X