spot_imgspot_img

ජාලකරණය (Networking) යනු ඔබේ ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයයි

තම වෙළඳ නාමය හොවා නැංවීමට සහ තම ව්‍යාපාරය වෙනත් පුද්ගලයින්ට දැන ගැනීමට සැළැස්වීමටත්, ව්‍යාපාර හිමිකරුවන් ජාලකරණය මත දැඩි ලෙස රඳා පවතී. ඔබට ජාලගත වීමට සහ ඔබේ සම්බන්ධතා වර්ධනය කිරීමට හැකි වන තරමට, ඔබට හොඳ ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා ලැබෙනු ඇත. ණෙට්වොර්කින්ග් නැතහොත් ජාලකරණය මඟින් ඔබට සමහර අවස්ථාවල අලෙවිකරණයකින් තොරව ඔබේ භාණ්ඩය අලෙවි කළ හැකි සන්නාමයක් ද ගොඩනගා ගැනීමට ඉඩ් කඩ සැළසේ.

ජාලකරණය ඔබට නව ආදායම් මාර්ග වර්ධනය කිරීමට ඉඩ සලසයි

ඔබ මිනිසුන් සමග ඇති කරගන්නා සම්බන්ධතා භාවිතා කිරීමෙන් නව ව්‍යාපාරික අවස්ථා සඳහා දොරටු විවෘත කළ හැකිය. ඔබ මඟ පෙන්වීම් අනුගමනය කරන විට, වෘත්තීයමය වශයෙන් අදහස් හුවමාරු කර ගන්න. එමෙන්ම, යම් අයෙකු ඔබගේ ව්‍යාපාරය කෙරෙහි වැඩි උනන්දුවක් නොදක්වන්නේ නම්, ඔවුන් පසුපස හඹායැමෙන් වළකින්න. සෑම විටම සංවේදීව පොදු ආචාරශීලීත්වය භාවිතා කරන්න.

ජාලකරණය ඔස්සේ ඔබට නව අදහස් අත්විදිය හැක

නව අදහස් ඔබට වෘත්තීමය වශයෙන් වර්ධනය වීමටත් අලුත් දේවල් උත්සාහ කිරීමටත් ඉඩ සළස්වයි. වෙනත් පුද්ගලයින් ඔවුන්ගේ සමාගම්වල කරන දේ දැනගැනීමෙන්, ඔබේ රැකියාවට නව ශිල්පීය ක්‍රම හෝ කුසලතා ගෙන ඒමට ඔබ පෙළඹෙනු ඇත. ඔබ කුඩා ව්‍යාපාරයක් හෝ විශාල සංස්ථාවක් සඳහා වැඩ කළද, නැවුම් අදහස් ඔබට ඔබේ වර්තමාන භූමිකාව තුළ කැපී පෙනීමට සහ සාර්ථක වීමට උපකාරී වේ. නව සම්බන්ධතා සමඟ ඔබේ වැඩ සාකච්ඡා කිරීම, ඔබට අද්විතීය ඉදිරිදර්ශනයක් ලබා දෙයි. එය අභිප්රේරණය (motivation) සහ නිර්මාණාත්මක චින්තනය (creative thinking) වැඩි දියුණු කරයි. ඔබේ සමාගමෙන් පිටත කර්මාන්ත උපදේශකයෙකු හා සම්බන්ධතාවයක් තිබීම වටිනා වත්කමකි. එමගින් ඔබට නව දැ ඉගෙනීමට පුළුවන.

ජාලකරණය ඔබව වඩාත් විශ්වාසදායක ව්‍යවසායකයෙකු බවට පත් කරයි

වෘත්තීය ජාලකරණය යනු විශ්වාසය මත පදනම් වූ අඹ්හ්‍යාසයකි. විශේෂයෙන්ම ඔබ ලැජ්ජාශීලී අයෙකු නම්, මෙමගින් ඔබට ඔබ කෙරෙහි ඇති විශ්වාසයද දියුණු කර ගත හැක. මුළදී යම් පැකිළීමක් දැනුනද, ඔබ මෙයට හුරු වී, ඔබ හා සමානව සිතන පතන අය සමග අදහස් හුවමාරු කරගැනීමේදී, ඔබට ජාලකරණය විනෝදාත්මක වනු ඇත. ඔබ ඔබට වැදගත් දේ ගැන කතා කරන්න. නව සබඳතා වර්ධනය කිරීම ඔබේ වෘත්තීය හැකියාවන් කෙරෙහි නව විශ්වාසයක් ඇති කර ගැනීමට උපකාරී වේ.

ජාලකරණයට නව හවුල්කාරිත්වයන් සහ සහයෝගීතාවයන් ගෙන ඒමට හැකිය

සමාජ සංවාද සහ ජාලකරණය හරහා බොහෝ ව්‍යාපාර ආරම්ඹ්හ වී ඇති අතරම, දියුණු වීද ඇත. සමාන හෝ සමාන්තර අදහස් ඇති චින්තනය සහ සහයෝගීතාවය මෙන්ම පොදු අරමුණක් සඳහා හවුල්කාරිත්වය වැනි දැ, ජාලකරණයේ වඩාත්ම වැදගත් සාධකයක් ලෙස දැක්විය හැකිය.

ජාලකරණයට සෑම මට්ටමකින්ම වාසි රැසක් ඇති අතර ඉහත සදහන් කරුණු, මේවායින් අතලොස්සක් පමණි. රටේ වර්තමාන තත්වය කෙතරම් අවිනිශ්චිතද යන්න සැලකිල්ලට ගෙන, වෙන කවරදාකටත් වඩා දැන් ඔබ පිටතට ගොස් ජාලගත විය යුතුය.

ජාලකරණය ඔබට උපකාර වූ අවස්ථාවක් ඔබට තිබේ නම්, එය ව්‍යාපාර ලෝකයේ සිටින අන් අයට ප්‍රයෝජනවත් විය හැකි පරිදි පහත අදහස් දැක්වීමේ කොටසේ එය බෙදා ගන්න.

තවත් වටිනා ව්‍යාපාරික දැනුම සඳහා අපේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X