spot_imgspot_img

සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදී සැලකියයුතු නිර්ණායක

ශ්‍රී ලංකාව තුල දී තම ව්‍යාපාරයට අවශ්‍ය නිවැරදි සැපයුම්කරුවෙකු තෝරා ගැනීම තරමක් අසීරු කාර්යයක් වීමට ඉඩ ඇත. බොහෝ පිරිසක් තමන් සැපයුම්කරුවන් ලෙස හඳුන්වා ගනිමින් ව්‍යාපාර ආරම්භ කළත්, ඉන් බහුතරයක් අවශ්‍ය ප්‍රමිතියට නොවන ඒවා බව පසුව ඔප්පු වී ඇත. ඔබේ ආයතනයේ සාර්ථකත්වය සැපයුම් මත රඳා පවතින බැවින්, අප ප්‍රවේසමින් මේ ගැන විමසා බලමු.

ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක ව්‍යාපාරයක් පවත්වා ගෙන යෑමේ දී ආර්ථික අස්ථාවරත්වය, යටිතල පහසුකම්වල දුර්වලතා, සහ භූ-දේශපාලනික අවදානම් වැනි කරුණුවලින් සැපයුම්වල වෙනස්කම් ඇති විය හැකි.

1. මූල්‍ය ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය:

  • ණය පිළිබඳව සොයා බලන්න: ණය වාර්තා සහ බැංකු වාර්තා ඔස්සේ ඔබේ සැපයුම්කරුගේ මූල්‍ය තත්ත්වය පිළිබඳව තක්සේරු කර ගන්න. මූල්‍ය වශයෙන් ස්ථාවර සැපයුම්කරුවෙකු හට බාධාවකින් තොරව ඔබේ අවශ්‍යතා ඉටු කිරීමට හැකි.
  • ගෙවීම් ඉතිහාසය: පැරණි ගනුදෙනුකරුවන් සමග සැපයුම්කරුගේ ගෙවීම් ඉතිහාසය පරීක්ෂා කර බලන්න. අඛණ්ඩව සහ කලට වේලාවට ගෙවීම් කර ඇත්නම්, එය විශ්වසනීයත්වයේ සංකේතයකි.

2. ගුණාත්මක භාවය සහ අඛණ්ඩතාව:

  • නිෂ්පාදනයේ හෝ සේවාවේ ගුණාත්මක භාවය: සැපයුම්කරුගේ නිෂ්පාදන හෝ සේවා ඔබ සොයන ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය තෘප්ත කරනවා දැයි තහවුරු කර ගන්න. ඔවුන්ගේ සැපයුම්වල ගුණාත්මක භාවය තහවුරු කර ගැනීම සඳහා තත්ත්ව පරීක්ෂාවක් හෝ සූක්ෂ්ම පරීක්ෂාවක් සිදු කරන්න.
  • අඛණ්ඩතාව: සැපයුම්කරුට හොඳ ගුණාත්මක භාවයකින් යුක්ත ව අඛණ්ඩව සැපයුම් කිරීමට හැකියාව ඇත් දැයි සොයා බලන්න. ගුණාත්මක භාවය වෙනස් වුවහොත් ඉන් පාරිභෝගිකයා තෘප්ත නොවී මෙහෙයුම්වල ගැටලු පවා ඇති කරනු ඇත.

3. සැපයුම් විශ්වසනීයව සහ නියමිත වේලාවට ලබා දීම:

  • නියමිත වේලාවට ලබා දීම: සැපයුම්කරු විසින් කලට වේලාවට නිෂ්පාදන හෝ සේවා ලබා දී ඇත් දැයි පැරණි වාර්තාවලින් පරීක්ෂා කර බලන්න. ප්‍රමාද දෝෂ නිසා ඔබේ නිෂ්පාදනයට හානි විය හැකි අතර, එය පිරිවැය වැඩි වීමට සහ පාරිභෝගික අමනාපයට ද මග පාදනු ඇත.
  • ප්‍රවාහන හැකියාවන්: ප්‍රවාහන යටිතල පහසුකම්, ගබඩා පහසුකම්, සහ තොග කළමනාකරණ පද්ධතීන් ඇතුළු සැපයුම්කරුගේ සැපයුම් හැකියාවන් සියල්ල සලකා බලන්න. නියමිත වේලාවට සැපයුම් ලබා ගැනීම සඳහා විශ්වසනීය සැපයුම් දාමයක් තිබීම අතිශයින් වැදගත් වේ.

4. මිල සහ පිරිවැය ඵලදායී ව පාලනය කිරීම:

  • තරගකාරී මිලක් සලකා බලන්න: ඔබේ සැපයුම්කරුගේ මිල සහ අනෙකුත් සැපයුම්කරුවන්ගේ මිල ගණන් සසඳා බලන්න. මිල ඉතා වැදගත් සාධකයක් වුවත්, එය ඔබ සලකා බලන එක ම සාධකය නොවිය යුතුය.
  • සමස්ත පිරිවැය: සැපයුම ඔබ අතට ලැබෙන විට සිදු වී ඇති සමස්ත පිරිවැය ගණනය කරන්න. ඒ සඳහා ප්‍රවාහන ගාස්තු, රේගු ගාස්තු, සහ සැඟවුණු ගාස්තු යන කාරණා ඇතුළුව සියල්ල සලකා බලන්න. අඩු මූලික ආයෝජනයක දී අමතර වියදම් ඇති වුවහොත් ඔබට දිගු කාලීන ව පාඩු ඇති විය හැකි.

5. පාරිභෝගික සේවාව සහ දක්වන සහය:

  • ප්‍රතිචාර දැක්වීම: ඔබේ ඉල්ලීම් සහ ගැට‍ළුවලට සැපයුම්කරුගේ ප්‍රතිචාර දැක්වීමේ කාලය සහ දක්වන ප්‍රතිචාර ගැන අවධානයෙන් සිටින්න. ඉක්මන් සහ හොඳ පාරිභෝගික සේවාවක් ලබා දෙන සැපයුම්කරුවෙකු යනු ඉතා වටිනා වත්කමකි.
  • ගැටලු හඳුනා ගැනීම: ඉදිරියේ දී ඇති විය හැකි ගැටලු හෝ ප්‍රශ්න හඳුනා ගැනීම සඳහා සැපයුම්කරුට ඇති හැකියාව පරීක්ෂා කර බලන්න. ගැටලු විසඳීමට සක්‍රියව දායක වන සැපයුම්කරුවෙකු හට ඔබේ මෙහෙයුම්වල ඇති විය හැකි දෝෂ අවම කිරීමට දායක විය හැකි.

6. සදාචාරාත්මක බව සහ සමාජ වගකීම:

  • සදාචාරාත්මක බව: සාධාරණ කම්කරු දායකත්වය, පාරිසරික තිරසාර බව සහ වගකිය හැකි මූලාශ්‍ර භාවිතා කිරීම ද ඇතුළුව සැපයුම්කරුගේ ක්‍රියාවන්වල සදාචාරාත්මක බව සලකා බලන්න.
  • සමාජ වගකීම: සමාජයේ යහපැවැත්මට සහ ප්‍රගමනයට දායක වන සැපයුම්කරුවන්ට සහය දක්වන්න.

අධික තරගකාරීත්වයකින් පිරි වර්තමාන වෙළෙඳපොළ තුල සාර්ථක වීමට නම් විශ්වාසවන්ත සැපයුම්කරුවෙකු සමඟ ඇති කර ගන්නා ශක්තිමත් සබඳතාවන් ඉතා වැදගත් වේ.

සුබ පැතුම්!!!


>>>සැපයුම් දාම කලමනාකරණය සහ තොග පාලනය

Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X