spot_imgspot_img

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල කාර්ය මණ්ඩල ගැට‍ළු විසඳීම සඳහා උපදෙස් පහක්!

ශ්‍රී ලංකාව තුළ තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට (SMEs), වර්තමාන ආර්ථික අර්බුදය නිසා මතු වී තිබෙන පිරිවැය ඉහළ යෑමේ අභියෝග සඳහා මුහුණ දෙනවාට අමතරව, නිතරම රැකියාව හරහා වැඩි තෘප්තියක් ලබා ගැනීමට නිරන්තර උත්සාහයක යෙදෙන, බලාපොරොත්තු කඩ කර ගත් ජනතාවක් සමග කටයුතු කිරීමට ද ඔවුන්ට සිදු වී තිබේ.

පිරිවැය වැඩි වීම, ඵලදායීතාව අඩු වීම, කුසලතාවලින් පිරිපුන් දක්ෂ සේවා නියුක්තිකයින් අහිමි වීම, දැනට සිටින කාර්ය මණ්ඩලය ඕලාරික වීම ආදිය, ඔබේ ව්‍යාපාරය සඳහා මුහුණ දීමට සිදු වන ගැට‍ළුවලින් කිහිපයකි. මෙය ඔබ සඳහා දැවැන්ත ගැට‍ළුවක් බවට පත් වෙමින් ඇති බව අප හොඳින් ම දනිමු. එම නිසා අප ඔබට, එම ගැට‍ළු විසඳීම සඳහා පහත උපාය මාර්ගික යෝජනා ලබා දෙන්නෙමු:

  1. තරගකාරී ගෙවීම් සහ ප්‍රතිලාභ:
  2. සාධාරණ වැටුප්: සේවා නියුක්තිකයින්ට ලබා දෙන වැටුප්, ක්ෂේත්‍රයේ සම්මතයන්ට අනුව තරගකාරී බවට සහ, උද්ධමනය, ජීවන වියදමේ ඇති වෙන ඉහළ යෑම් ආදියට අනුකූලව නිරන්තර ව යාවත්කාලීන වන බවට සහතික වන්න.
  3. ආකර්ෂණීය ප්‍රතිලාභ: සෞඛ්‍ය රක්ෂණාවරණ, විශ්‍රාම සැලසුම් සහ සේවා නියුක්තිකයින්ගේ සමස්ත ජීවන තත්ත්වය ඔප් නංවන තවත් වරප්‍රසාද ඇතුළත් විස්තීර්ණ ප්‍රතිලාභ ඇතුළත් පැකේජ ඔවුන්ට ලබා දෙන්න.
  4. යහපත් රැකියා සංස්කෘතිය:
  5. අන්‍යෝන්‍ය ගෞරවය: සේවා නියුක්තිකයින් අගය කෙරෙන, සැමට හඬ නැගීමට අවස්ථාව හිමි වෙන, සහ සැමට ගෞරවයෙන් හා බහුමානයෙන් යුතු ව සලකන සංස්කෘතියක්, රැකියා ස්ථානය තුළ ඇති කරන්න.
  6. රැකියාව හා සාමාන්‍ය ජීවිතය අතර සමබරතාව: නිවසේ සිට වැඩ කිරීමේ හැකියාව හෝ නම්‍යශීලී සේවාමුර වැනි නම්‍යශීලී වැඩපිළිවෙළක් සැකසීම මගින්, රැකියාව සහ සාමාන්‍ය ජීවිතය අතර යහපත් සමබරතාවක් ගොඩ නගන්න.
  7. සේවා නියුක්තිකයින්ට අදාළ පිළිගැනීම ලබා දෙන්න: සේවා නියුක්තිකයින්ගේ දායකත්වය වෙනුවෙන් ඔවුන්ගේ උනන්දුව සහ අභිප්‍රේරණය වැඩිදියුණු කිරීම සඳහා, ඔවුන්ට අවශ්‍ය නිසි පිළිගැනීම සහ ප්‍රතිලාභ ලබා දෙන වැඩසටහන් සංවිධානය කරන්න.
  8. වෘත්තීය සංවර්ධන අවස්ථා:
  9. පුහුණුව සහ සංවර්ධනය: සේවා නියුක්තිකයින්ට නව නිපුණතා ලබා ගැනීමට සහ ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ දියුණුවට උපකාර කිරීම සඳහා, අඛණ්ඩව පුහුණු හා සංවර්ධන වැඩසටහන් වෙත ආයෝජනය කරන්න.
  10. පැහැදිලි අනාගතය: සේවා නියුක්තිකයින්ට ආයතනය තුළ දියුණු වීම සඳහා පැහැදිලි මාර්ග සහ අවස්ථා ලබා දෙන්න.
  11. උපදේශන වැඩසටහන්: සේවා නියුක්තිකයින්ට අවශ්‍ය සහයෝගය සහ මග පෙන්වීම ලබා ගැනීම සඳහා ඔවුන් ව ප්‍රවීණයන් සමග සම්බන්ධ කරවන වැඩසටහන් සංවිධානය කරන්න.
  12. ඵලදායී සන්නිවේදනය:
  13. විවෘත වේදිකා: සේවා නියුක්තිකයින් සහ කළමනාකාරිත්වය අතර විවෘත සහ විනිවිද පෙනෙන සන්නිවේදන ක්‍රමවේදයක් පවත්වා ගෙන යන්න.
  14. නිරන්තර ප්‍රතිපෝෂණ ලබා ගැනීම: සේවා නියුක්තිකයින්ගේ දියුණුවට උපකාරී වීම සඳහා නිරන්තරයෙන් ඔවුන්ගේ කාර්ය සාධනය පිළිබඳ ව සමාලෝචන සහ ප්‍රතිපෝෂණ ලබා ගන්න.
  15. සේවක සමීක්ෂණ: සේවා නියුක්තිකයින්ගෙන් රැකියා ස්ථානය ගැන ඇති තෘප්තිමත්භාවය සහ වැඩිදියුණු විය යුතු අංශ පිළිබඳ ව කරුණු දැන ගැනීම සඳහා, සේවක සමීක්ෂණ භාවිතා කරන්න.
  16. සේවක සහභාගීත්වය
  17. කණ්ඩායම් ගොඩ නැගීමේ ක්‍රියාකාරකම්: සේවා නියුක්තිකයින් අතර සුහදත්වය වර්ධනය කිරීමට සහ අන්‍යෝන්‍ය සබඳතා ශක්තිමත් කිරීම සඳහා, කණ්ඩායම් ගොඩ නැගීමේ ක්‍රියාකාරකම් සංවිධානය කරන්න.
  18. සේවක සහභාගීත්වය: සේවා නියුක්තිකයින් ව තීරණ ගැනීමේ ක්‍රියාවලියට ද සම්බන්ධ කර ගන්නා අතරම, රැකියා ස්ථානය වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳව ඔවුන්ගෙන් අදහස් ලබා ගන්න.
  19. සේවක සුවතා වැඩසටහන්: ආතතිය සහ වෙහෙස අවම කර වීම වෙනුවෙන් ශාරීරික සහ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා, සුවතා වැඩසටහන් සංවිධානය කරන්න.

සේවා නියුක්තිකයෙකු තෘප්තිමත් කිරීම සඳහා ප්‍රථමයෙන් ම කළ යුතු වැදගත් දේ වන්නේ, ඔවුන් හට රැකියා ස්ථානය තම නිවස මෙන් දැනීමට සැලැස්වීමයි. ඔවුන්ගේ වැටුප් යහපත් නම් සහ රැකියා ස්ථානය සුවපහසුදායකයි නම්, ඉන් තෘප්තිමත් තව තවත් වැඩි දේවල් ඉල්ලුම් කරනු ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණි. එබැවින් ඔබේ සමාගම අතින් සේවා නියුක්තිකයින්ට හානි කර යමක් සිදු වෙනවා දැයි සොයා බලා, ඉක්මනින් ම ඒවාට විසඳුම් ලබා දෙන්න. ඔබේ සේවා නියුක්තිකයින් වෙත කරන ආයෝජන, ඔබේ ව්‍යාපාරයේ සාර්ථක අනාගතයක් උදෙසා කරන ආයෝජනයක් බව හොඳින් සිහි තබා ගන්න.


>>>ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා මූලික මානව සම්පත් පිළිවෙත්

Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X