spot_imgspot_img

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයකට සාර්ථකව බාධක ජය ගැනීම

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පෙර නොවූ විරූ අර්බුදයකි. එය ව්‍යාපාරවලට දැඩි තර්ජනයක් එල්ල කර ඇත. නමුත් තමා තුල ඇති ව්‍යවසායික අදහස් එක්වර අත්නොහැර, ඒ වෙනුවට කල්පනා කර බුද්ධිමත්ව වැඩ කිරීම උචිත වේ. ඔබට ආර්ථික බාධක ජය ගැනීම සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා වැදගත් කරුණු කිහිපයක් මෙන්න.

බාධක ජය ගැනීම සඳහා නිදහස් මානසිකත්වයක් වැළඳ ගන්න

ව්‍යාපාර ණය රහිත ආකෘතියක් කරා ගමන් කළ යුතුය. නමුත් මෙය, යම් යම් අවස්ථාවන්ට මෙන්ම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම ඇතුලක් අභියෝගාත්මක කටයුත්තකි. විවිධ අවස්ථාවන් සහ ඉල්ලීම් ඔබ වෙත පැමිනෙන අවස්ථාවේදී සුදුසු යැයි පෙනෙන නමුත් ඇත්ත වශයෙන්ම ඔබේ සම්පත් එතුලින් කාන්දු වීමක් විය හැකිය. එවන් ඉල්ලීම් සහ අවස්ථාවන් ප්‍රතික්ෂේප කිරීමෙන් ණයෙන් නිදහස් වීම සහ, එමගින් ඔබේ සමාගම සඳහා නිදහස් මානසිකත්වයක් ඇති කර ගැනීම වැදගත් පියවරකි.

සෑම විටම දැක්මක් ඇති කරගන්න

නායකයින්ට අනාගතය ගැන දැක්මක් තිබිය යුතුයි. අර්බුද මධ්‍යයේ පය පැකිලීමට ඇති ඉඩකඩ බොහෝ වුවද, ප්‍රධාන විධායක නිලධාරියා ලෙස, ඔබේ සමාගම, හෝ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යැම සඳහා ඔබේ ඉලක්ක කරා ඉදිරියට යාමට, ඔබට ශක්තියක් තිබිය යුතුය. ඔබේ කණ්ඩායමට ශක්තිමත් නායකයෙකු වීමෙන්, අනාගතය පිළිබඳ දැක්මක් ඇතිව, ඔබට සහ ඔබේ සමාගමට දුෂ්කර ආර්ථිකයක් ජය ගත හැකිය.

බාධක ජය ගැනීම සඳහා දැඩි තීරණ ගැනීමට සූදානම් වන්න

ඔබ සහ ඔබේ සමාගම දුෂ්කර ආර්ථිකයක් ජය ගැනීමට අපේක්ෂා කරන විට, ඔබට දැඩි තීරණ ගැනීමට සිදු විය හැකිය. මෙය ඔබ සේවයේ යොදවන පුද්ගලයින් සංඛ්‍යාව අඩුකිරීම හෝ මෙම අවස්ථාවේදී නව නිෂ්පාදන දියත් නොකිරීමට ගත් තීරණයක් විය හැක. සේවකයන් කිහිප දෙනෙකුට යාමට ඉඩ දීම හෝ, මීළඟ නව නිෂ්පාදනය සඳහා පර්යේෂණ සහ සංවර්ධන කටයුතු නතර කිරීම දුෂ්කර විය හැකි නමුත්, ඔබ සමාගම සමස්තයක් වශයෙන් මනසේ තබා ගත යුතුය. ඔබගේ ව්‍යාපාරය, ඔබේ ජීවනෝපාය පමණක් නොවේ; එය ඔබේ පවුලට, ඔබේ අනාගතයට සහ ඔබේ සේවකයන්ට ජීවනෝපායක් ද වේ.

පිරිවැය කප්පාදු කිරීම

මෙම කාළයේදී හැකිතාක් සියලු වියදම් අඩු කළ යුතු අතර ඔබේ සේවකයින් තත්ත්වයේ බරපතල බව තේරුම්ගෙන, ඔබ විසින් හදුන්වාදෙන ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුය. එමගින් රැකියා අහිමි වීම වළක්වන බවත් වඩා හොඳ කාලයක් පැමිණෙන තෙක් සමාගම නොවැටී තබා ගන්නා බවත් ඔබ නැවත අවධාරණය කළ යුතුය.

මේ කිසිවක් පහසු නොවනු ඇත. නමුත් ඔබට සැබවින්ම මෙම වත්මන් ආර්ථික කැලඹීම ජය ගත හැකි ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම්, මෙම පියවර ඔබව එතැනට ගෙන යනු ඇත. තවත් ඉඟි සහ උපක්‍රම සඳහා අපගේ පිටුව සමඟ රැඳී සිටින්න.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X