spot_imgspot_img

ප්‍රභාත් ප්‍රසන්න හේරත් මහතා 2020 වර්ෂයේ Dialog ගොවිමිතුරු නිධානය ජයග්‍රාහකයෙකි

ප්‍රභාත් ප්‍රසන්න හේරත් මහතා වසර 10ක පමණ සිට හබරණ ප්‍රදේශයේ වාණිජ අඹ වගාවේ නියුතු වූ පුද්ගලයෙකි. ඔහු 2020 වර්ෂයේ Dialog ගොවිමිතුරු නිධානය ජයග්‍රාහකයෙකි.

දිරිය කතා යනු ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින් අගය කිරීමට සහ පිළිගැනීමට මෙන්ම අන්‍යයන් දිරිගැන්වීමට ව්‍යවසායකයින්ගේ කථා සම්බන්ධ කිරීමට www.Diriya.lk විසින් නිර්මාණය කරන ලද ලිපි මාලාවකි.

Prabath-Mango-1

ප්‍රභාත්ට ඉදිරිපත් කළ ප්‍රශ්න 12 මෙන්න.

Question Markඔබේ ව්‍යාපාරය පිළිබඳව විස්තර කරන්න.

මම වාණිජ අඹ වගාවේ වසර 10ක පමණ සිට නියැලෙන පුද්ගලයෙක් වෙමි. මධ්‍යම පරිමාණයේ අඹ වගාවක් වන අතර, අඹ වාරය වනතෙක් නිවැරදි ක්‍රමෝපායන් භාවිතා කර වාරයේදී නිසි අස්වැන්නක් ලබාගෙන ලාභයක් ඉපැයීම සිදුකරමි.

Question Markව්‍යාපාරය පිළිබඳව අදහසක් පැමිණියේ කවදද? කොහොමද? විස්තරයක්.

අඹ වගාවට හොද විභවයක් තිබෙන පලාතක් නිසා වත්තේ භූමි භාගයක වගා කර සාර්ථක වුනු නිසා තවත් වගාව පුළුල් කලෙමි.

Question Markව්‍යාපාරයේ ආරම්භය

2013 වර්ෂයේ දී.

Question Markව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබව දිරිගන්වනු ලැබුවේ කවුද හෝ ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය ලැබුනේ කොහෙන්ද?

සාමාන්‍ය කුඩා පරිමණයේ වගාවක් පවත්වාගෙන ගියත් පසු කාලීනව නිවැරදි මාර්ගෝපදේශනය නිසා මධ්‍යම පරිමාණය දක්වා වර්ධනය කරගැනීමට හැකි විය. ගොවිමිතුරු තුලින් සැලකිය යුතු පිටිවහලක් ලැබුනි.

Question Markමුහුණ දුන් ලොකුම බාධකය.

නිවැරදි හෝමෝන භාවිතය වැනි කෘෂිකර්ම පිළිවෙත් ගැන නොදැනීම.

Question Markඔබව දිරි ගැන්වූ දෙයක් (කවුරුන් හෝ විසින් කියන ලද්දක් හෝ ඔබ කියවූ යම් දෙයක්)

ගොවිමිතුරු සේවාවෙන් ලැබුනු නොමද සහයෝගය.

Question Markඔබ යටතේ සේවය කරන සේවකයන් සංඛ්‍යාව

නැත. පවුලේ පිරිසේ සහයෝගයෙන් සිදුකරමි.

Prabath-Mango-2

Question Markඔබගේ ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලබන අනෙකුත් ආයතන හෝ පුද්ගලයන්

නිෂ්පාදන විකුණන අය සහ අපි පොහොර මිලදී ගන්නා අය යනාදිය.

Question Markඔබට සිතෙන ආකාරයට ඔබේ ධනාත්මක ම ගුණාංගය?

අලුත් ක්‍රමෝපායන් අත්හදා බැලීමෙි කැමැත්ත.

Question Markඔබගේ සහ ඔබගේ ව්‍යාපාරයේ තිබෙන අඩුපාඩු

ව්‍යාපාරය සෘතුමය වන අතර වැඩි දියුණුවක් සඳහා ඉඩමක් නොමැත.

Question Markඅනාගත සැලැස්ම

ගොවිමිතුරු සහය ඇතිව වැඩි නිෂ්පාදන ලබා ගැනීමට සහ ව්‍යාපාරය තවත් දියුණු කිරීමට බලන්න.

Question Markනව ව්‍යවසායකයන්ට ලබාදෙන උපදේශය

මං සිදුකරන වගාව අඹ. ඒ්ක වාරයකට හැදෙන පළතුරක්. වෙන රැකියාවක් සිදුකරන ගමන් පවා මෙවැනි වගා සිදුකර ලාභ ඉපැයිය හැකියි. ඉතින් යොමුවීම හා සිදුකරගන යාම වැදගත්.

ප්‍රභාත් ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු!

ඔබ ව්‍යවසායකයෙක් නම්, අප සමඟ බෙදා ගැනීමට කතාවක් ඇත්නම් කරුණාකර info@diriya.lk වෙත විද්‍යුත් තැපැල් කරන්න.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X