වසංගතය සමඟ බොහෝ අභියෝගවලට අපට මුහුණදීමට සිදුවී ඇති අතර, දැනටත්, ලොව පුරා බොහෝ රටවල් ඒවා සමඟ පොරබදමින් සිටිති. ඔබට ව්‍යාපාරයක් හිමි නම් සහ, එය විවිධාංගීකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමට අවශ්‍ය නම්, පහත ඉඟි අනුගමනය කළ හැක.
විවිධාංගීකරණය සඳහා සෑම විටම අනුගත වන්න
වත්මන් තත්වය ගැන කලකිරීමට පත් නොවී, ඔබට සහ ඔබේ ව්‍යාපාරයට ඇති අවස්ථා දැකීමට උත්සාහ කරන්න. සෑම දෙයක්ම අන්තර්ජාලය හරහා ක්‍රියාවීමත් සමඟ, ඔබේ පාරිභෝගික පදනම සීමා කරන භූගෝලීය බාධක (පරිකල්පිත හෝ වෙනත් ආකාරයකින්) තවදුරටත් වලංගු නොවේ. වෙනස් වන සේවා පරිසරය සහ නව තාක්‍ෂණය භාවිතා කිරීමත් සමඟ, ඔබේ කණ්ඩායම වඩාත් නිර්මාණශීලීව සිතීමට සහ නව විසඳුම් නිර්මාණය කිරීමට පටන් ගනී. දුරස්ථ වැඩ කිරීම ඔබේ ව්‍යාපාරය සඳහා ක්‍රියා කරන බව ඔබට පෙනී යා හැකි අතර, ඔබේ ධාවන පිරිවැය (කාර්යාල කුලිය, උපයෝගිතා බිල්පත්, සැතපුම් දීමනා) අඩු කිරීමට ඔබට දිගු කාලීන අවස්ථාවක් ලබා දේ. ඔබ තවමත් ගවේෂණය කර නොතිබූ කර්මාන්තයක ඔබේ භාණ්ඩය හෝ සේවාව සඳහා නව වෙළඳපොළක් පවා ඔබට හඳුනාගත හැකිය.
විවිධාංගීකරණය සඳහා සේවාව හෝ නිෂ්පාදනය යාවත්කාළීන කිරීම
නව ආකෘතියකට ගැලපෙන පරිදි සමහර වෙනස්කම් අවශ්‍ය විය හැකිය. උදාහරණයක් ලෙස, පැයක් දිග පන්තියක් මුහුණට මුහුණ කිරීම සාර්ථක වුවද, අන්තර්ජාලය ඔස්සේ එය කරන්නේ නම පැය භාගයක් ඊට වඩා සුදුසු විය හැක. එසේත් නැතහොත්, ඔබගේ අවන්හලෙහි ඇති ජනප්‍රියතම ඇනවුම, ඩිලිවරි ක්‍රමයට ඔරොත්තු නෙදෙන්නේ නම්, ඒ සදහා නව ආවරණ එසේත් නැතහොත් එය පිළිගන්වන්නේ කෙසේද යන්න ඔබගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පාරිභෝගිකයන්ට දැණුම් දීම සිදුකල හැක.
සන්නිවේදන ක්‍රම නිසි ලෙස භාවිත කරන්න
ඔබේ ගනුදෙනුකරුවන්, හවුල්කරුවන්, සැපයුම්කරුවන්, ආයෝජකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් වෙත ළඟා වීමට සන්නිවේදන සැලැස්මක් සකස් කරන්න. මෙම අවස්ථාවේදී ඔබේ ව්‍යාපාර ප්‍රතිපත්ති, මෙහෙයුම්වල කිසියම් වෙනස්කමක් හෝ ඔබට ඔවුන් සමඟ සේවය කිරීමට හෝ සහයෝගීව කටයුතු කළ හැකි නව ක්‍රමවලින් ඔවුන් ළඟ තබා ගන්න.
ඔබේ සේවකයන්ට අභියෝග කරන්න
නවෝත්පාදනය උපදින්නේ අර්බුදයෙන්. ගවේෂණය කිරීමට ඔබේ සේවකයින්ගෙන් ඉල්ලා සිටින්න, ඔවුන් වඩාත් දිරිගැන්වෙන පරිදි ඔවුන්ට අභියෝග කරන්න. අප සියල්ලන්ම ස්වභාවික තරඟකරුවන් බැවින් අභියෝගය තරඟයක් බවට පත් කරන්න. නවෝත්පාදනයන් සහ අභියෝගයට මුහුණ දීමෙන් ඔවුන්ට ලැබෙන වාසි පෙන්වන්න.
ප්‍රධානතම දෙය නම් බලාපොරොත්තු අත් නොහැර ධනාත්මක ආකල්පයක් ඇතිකරගෙන මෙය ඔබගේ කාර්ය මණ්ඩලය අතරද පැතිරවීමයි. ඔබ රිදී රේඛාව දිගටම සොයන්නේ නම්, ඔබට එය නිසැකවම ලැබෙනු ඇත. තවත් ඉඟි සහ උපක්‍රම සඳහා අපගේ පිටුව සමඟ රැඳී සිටින්න.