spot_imgspot_img

අර්බුදයකදී ඔබගේ සේවකයින් දිරිගැන්වීමට කළ යුතු දේ

අප සියල්ලන්ම මේ වන විට ඉතාමත්ම අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටින බැවින්, ඔබේ ව්‍යාපාරයෙහි සේවය කරන සේවකයන් තුලින් වෙනදාට වඩා තම රාජකාරිය කෙරෙහි ඇති අවධානය අඩු වී ඇති බවක් ඔබට හැඟෙන්නට පුළුවන. ඔවුන් ඉක්මනින් වෙහෙසට පත් විය හැකි අතර සමහර අවස්ථාවලදී කලකිරීමට පත් විය හැකිය. සේවා යෝජකයෙකු ලෙස, මෙය ඔබට ගැටළුවක් විය හැක. එනිසා මෙම තත්වය මගහරවා ගැනීමට, සේවකයින් දිරිගැන්වීමට, ඔබට පැවසිය හැකි සහ කළ හැකි දේවල් කිහිපයක් පහතින් දැක්වේ.

සේවකයින් දිරිගැන්වීමට සහ ඔවුන් සමග සම්බන්ධතාවයන් ගොඩනැගීම

මෙවන් අවස්ථාවක සේවකයින්ට වඩාත්ම අවශ්‍ය වන්නේ දිරිගැන්වීමයි. කෙනෙකුට කෙනෙකුගේ කරදරවලදී හුදකලා බවක් දැනිය හැකි අතර, යම් යම් අවස්ථාවන්හීදී තමා ප්‍රමාණවත් නොවන බව හෝ, තමා අන් අයගේ අපේක්ෂාවන්ට අනුව ජීවත් නොවන බව දැනෙන්නට පුළුවන. උසස් නිලධාරියෙකු ලෙස, ඔවුන් තනිවී නොමැති බව පෙන්වීමට, ඔවුන්ගේ අභියෝග පිළිබදව සාකච්ඡා කර, හැකි සෑම විටම විසඳුම් සෙවීම වැදගත් වේ. ඔවුන්ගේ මනස කනස්සලු ස්වභාවයෙන් ඉවත් කිරීමට ඔබට ඔවුන්ව වෙනත් අන්තර්ක්‍රියාකාරී ක්ෂේත්‍රවලට සම්බන්ධ කර ගත හැකිය. කණ්ඩායම් රැස්වීම් සජීවීව කිරීමත්, පවතින ගැටළු පිළිබදව සෘණාත්මක නොවූ ආකාරයකින් කථාකිරීමත් ඔබට විකල්ප ලෙස යොද ගත හැක.

සේවකයන් හට මනා ලෙස වගකීම් පවරා, ඔබ ඔවුන් කෙරෙහි විශ්වාසය තබන බව ඔවුන්ට ඒත්තු ගන්වන්න

ඔබේ සේවකයින්ට ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරගැනීමට ඉඩ සලසන වගකීම් ලබා දීමෙන් ඔබ ඔවුන් විශ්වාස කරන බව පෙන්වන්න. නව කුසලතා ලබා ගැනීමට ඔවුන්ව දිරිමත් කරන්න. හැකි නම් අධ්‍යාපන අවස්ථා සහ මාර්ගගත නිබන්ධන ආදිය ලබා දෙන්න. හැකි සෑම තැනකම ආයතනයෙ සේවකයින් හට ගැලපෙන අයුරින් උසස්වීම් ලබදෙන්න. මෙය අන් අයටද දිරිගැන්වීමක් විය හැක. රට ආර්ථික අවපාතයක් අත්විඳිමින් සිටින බවට සේවකයන්ට දැන් අදහසක් තිබිය හැකිය. එමනිසා, ඔවුන් මෙම අදහස් ඉදිරිපත් කරන විට, ඒවා ප්‍රතික්ෂේප කිරීමට වඩා, ඒවා ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි, ඔවුන්ට උපකාර කිරීම සහ ඔවුන්ට සහයෝගය දැක්වීම ඉතා උචිතය.

ප්‍රතිලාභ සහ වාසි පිළිබදව විවෘතව කථාකරන්න

ඔබ ඔබේ සේවකයින්ට ලබා දෙන ප්‍රතිලාභ ඔවුන්ගේ චිත්තවේගීය අවශ්‍යතා සමඟ ගැලපිය යුතු අතර ඔවුන්ට ලැබෙන මුදළ් වලින් ඔබ්බට යා යුතුය. මේ මොහොතේ, ඔබ ඔබේ සේවකයින්ට ලබා දෙන වැටුප ඩොලරයට සම්බන්ධ නොවිය හැකි නිසා, ඔවුන්ගේ ජීවන වියදමෙහි බරෙන් ඔවුන් නිදහස් කිරීමට ඔබට උපකාර කළ හැකි ආකාරය බලන්න. සමහර විට ඔබට නිවසේ සිට රැකියාව කිරීමට හැකි වන අතර එමඟින් ඔවුන්ට ගමන් සහ වැය වන මුදල් ඉතිරි කර ගත හැකිය. එසේ නොවේ නම්, සංවිධානයේ යහපැවැත්ම මනසේ තබා ගනිමින් මෙම තත්වයන් යටතේ ඔවුන්ට මූල්‍යමය වශයෙන් වඩා හොඳ දියුණුවක් ලබා ගැනීමට ඔබට උපකාර කළ හැකි ආකාරය ඔබට සිතා බැලිය හැකිය.

මෙම ක්‍රම අත්හදා බලා ඔබේ සේවකයින් මෙම මුලපිරීම් වලට කෙතරම් හොඳින් ප්‍රතිචාර දක්වනවාද යන්න බලන්න. මේවා පෙර නොවූ විරූ තත්වයන් බවත්, අත්හදා බැලීම් මෙම කාලවලදී හොඳම ප්‍රවේශය බවත් මතක තබා ගන්න.

ඔබ සහ ඔබේ කණ්ඩායම සඳහා ක්‍රියා කළ ක්‍රම පහතින් අප සමඟ බෙදා ගැනීමට හෝ අදහස් දැක්වීමට ඔබට සාදරයෙන් ආරධනා කරන්නෙමු.

තවත් වටිනා ව්‍යාපාරික දැනුම සඳහා අපේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X