විදේශ විනිමය හිඟය හේතුවෙන් ඇති වූ ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා, ශ්‍රී ලංකාව “අත්‍යවශ්‍ය නොවන” ලෙස නම් කර ඇති කිරි නිෂ්පාදන, පලතුරු සහ මාළු ඇතුළු භාණ්ඩ කොටස් 367ක් සඳහා ආනයන සීමා පනවා ඇත. මාර්තු 9 දින පළකරන ලද ගැසට් නිවේදනයක් මගින්, ආනයන පාලනය මුළ් කර ගනිමින්, වලංගු බලපත්‍රයක් නොමැතිව භාණ්ඩ 367ක් ආනයනය කිරීම තහනම් කර ඇත.
එසේනම්, මෙම ආනයන තහනම් හෝ සීමා කිරීම් මගින් පැන නැගී ඇති අභියෝග මඟහරවා ගැනීමට ඔබට කුමක් කළ හැකිද? මෙම ගැටලුව නිරාකරනය කිරීමට ලොව පුරා අනෙකුත් රටවල්, මෙවන් තත්වයන්ට මුහුණ දුන් පොදු ක්‍රම කිහිපයක් මෙන්න.
වෙළඳ හා ආර්ථික සම්බාධක
ආර්ථික සම්බාධකවලින් පීඩාවට පත් නොවන වෙලඳපොලවල් තෝරාගැනීමෙන් වෙළඳ හා ආර්ථික සම්බාධක ජයගත හැක. විකල්පයක් ලෙස ගතහොත්, වෙළඳ සම්බාධකවලට යටත් නොවන වෙනත් නිෂ්පාදන සහ සේවා පෙළක් අපනයනය කිරීම ද සොයා බැලිය හැකිය. අනාගතයේදී වෙළඳ හා ආර්ථික සම්බාධක ඉවත් කළ හැකි බව පෙනෙන්නේ නම්, ඔබට, එතෙක්, නිශ්චිත වශයෙන් වෙළඳපලකට ඇතුල් වීම ප්‍රමාද කළ හැකිය.
ආනයන සහ අපනයන පාලනය
දැනට භාවිතා වන වෙළඳපල සඳහා පාලන ක්‍රම යොදන්නේ නම්, වෙළඳාම් කිරීමට වෙනත් වෙළඳපොලක් තෝරාගැනීම මෙවැනි බාධක සදහා, නිසැකවම සරලම විකල්පය වේ. කෙසේ වෙතත්, මෙයට ප්‍රවේශ වීමේ තවත් ක්‍රමයක් වනුයේ, අපේක්ෂිත නිෂ්පාදන හෝ සේවා සඳහා වෙළඳාම් කිරීමට, දේශීයව භාණ්ඩ හා සේවා සංවර්ධනය කිරීමයි. මෙම ක්‍රමය වඩාත් අභියෝගාත්මක ප්‍රවේශයක් වුවද, දිගුකාලීනව ගතහොත් ප්‍රතිලාභ රැසක් ලබා දෙයි.
රේගු ගාස්තු සහ බදු
තීරුබදුවලට යටත් නොවන අලෙවියෙන් පසු සේවා වැනි ක්‍රියාකාරකම් ඉලක්ක වෙළෙඳපොළ තුළට අගය එකතු කරන අතර, රේගු ගාස්තු සහ බදු නිසා පැන නගින භාධක මඟහරවා ගැනීමට හොඳ ක්‍රමයකි. මෙමගින් මිලෙන් අධික නිෂ්පාදනයක වුවද වටිනාකම ඉහළ යනු ඇත. අධික ලෙස ආනයනය කිරීම වළක්වා ගැනීම සඳහා, ඉලක්ක වෙළඳපොලේ භාණ්ඩ නිෂ්පාදනය කිරීම ගැන සලකා බැලිය යුතුය. එමෙන්ම ඔබට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන, ඉලක්ක වෙළඳපොලේ සංවිධානයක් සමඟද හවුල් විය හැකිය.
ආනයන සහ තීරුබදු කෝටා
ආනයන සහ තීරුබදු කෝටා රහිත හෝ අවම වශයෙන් පවතින වෙළඳපල වෙත අපනයනය කිරීමට උත්සාහ කරන්න. එමෙන්ම, ඔබට කෝටාවලට යටත් නොවන නිෂ්පාදන සහ සේවා ද සංවර්ධනය කළ හැකිය. ඔබට භාණ්ඩ හා සේවා රට තුළට ආනයනය කිරීම වළක්වා ගැනීම සඳහා ඉලක්ක වෙළඳපොලේ නිෂ්පාදනය කිරීම සිදුකළ හැකි අතර, එය රට තුළම මුදල් ප්‍රවාහය රඳවා ගැනීමට ද උපකාරී වේ.
රජයේ සහනාධාර
විදේශීය ගැනුම්කරුවන්ට යම් නිශ්චිත භාණ්ඩයක ආකර්ශනීය බව වැඩි කිරීම සඳහා, අදාල ඉලක්ක වෙළඳපොලේ ‘අගය-එකතු-කළ’ ක්‍රියාකාරකම් සංවර්ධනය කරන්න. ඔබට ඔබගේ නිෂ්පාදනයට හෝ සේවාවට වැඩි ආකර්ෂණයක් ලබා දීම සඳහා, එය නිසි ලෙස අනුවර්තනය කළ හැකි අතර, එසේ කිරීමෙන් වැඩි දියුණු කළ මිල සාධාරණීකරණය කරන්න.
වෙළඳ අවහිරතා
ඔබගේ සංවිධානය අයත් වන රට යම් වෙළඳ එකගතාවයක සාමාජිකයෙකු නොවේනම්. එම දේශයට තෝරාගත් වෙළඳපොළක් සමඟ හෝ, තෝරාගත් වෙළඳපොළක් තුළ, කැමති වෙළඳ සබඳතාවයක සංවිධානයක් සමඟ හවුල් විය හැකිය. එවැනි රටකට තෝරාගත් වෙළඳපොලේ හෝ කැමති වෙළඳ සබඳතාවක් ඇති, අනුබද්ධ සංවිධානයක් පිහිටුවිය හැකිය. අපනයනය කිරීමේ අවශ්‍යතාවය මඟහරවා ගැනීම සඳහා තෝරාගත් වෙළඳපොලේ නිෂ්පාදන පහසුකම් සඳහා ආයෝජනය කිරීම තවත් හොඳ දිගුකාලීන විසඳුමකි. භාණ්ඩය හෝ සේවාව එහි ප්‍රත්‍යක්ෂ අගයට සරිලන පරිදි වැඩි දියුණු කිරීම සහ, වැඩිවන මිල සාධාරණීකරණය කිරීම සඳහා අනුවර්තනය කිරීම, තවත් උපක්‍රමශීලී ප්‍රවේශයකි.
මේවා නම්, ආනයන සීමා කිරීම් මගින් ඇතිවන අභියෝගයන් මඟහරවා ගැනීම සඳහා ලොව පුරා රටවල් විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන ක්‍රම කිහිපයකි. ප්‍රධානම දෙය වන්නේ, මේවා ශ්‍රී ලංකාවේ තත්ත්වයට ගැළපෙන පරිදි සකස් කර, රටේ ආර්ථිකයේ යහපත සඳහා මෙය යොදා ගැනීමයි.