spot_imgspot_img

නිවාඩු සමය ඵලදායීව නංවා ලීමට ඉඟි

හිතවත් පාඨකය, මෙවර අප ඔබට වෙනස් හා වටිනා කරුණු කිහිපයක් ගෙන ඒමට බලාපොරොත්තු වනවා. මේ කරුණු ඔබට විවිධ කාලවල දී අනිවාර්යයෙන් ප්‍රයෝජනවත් වනු ඇත. ඔබ හොඳින් ම දන්නා පරිදි, ශ්‍රී ලංකාවේ නිවාඩු කාලසීමාවන් යනු ත්‍යාග මිල දී ගැනීම, සාප්පු සවාරි යෑම සහ ලැබුණු බෝනස් වියදම් කිරීම සඳහා ප්‍රකට කාල සීමාවන් වේ.

ඉතින් මෙම උත්සව සමයේ පිරී ඉතිරී යන පාරිභෝගිකයින්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ඔබට උපකාරී වන ප්‍රධාන කරුණු 08ක් මෙන්න:

  1. ඉදිරිය සැලසුම් කරන්න:
  2. ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා ඔබ සතුව ප්‍රසිද්ධ නිෂ්පාදන තොග ප්‍රමාණවත් තරම් තබා ගැනීමට වග බලා ගන්න.
  3. ගලා එන පාරිභෝගිකයින් සහ අන්තර්ජාල ඇණවුම් හැසිරවීම සඳහා ඔබේ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් බවට සහතික වෙන්න.
  4. විශේෂිත කැම්පේන් සහ ප්‍රවර්ධන ඇතුළත් කර සවිස්තරාත්මක අලෙවිකරණ දින සැලැස්මක් සාදා ගන්න.
  5. ඔබේ වෙළඳසැල උත්සව සමයට ගැළපෙන සේ වෙනස් කරන්න:
  6. ඔබේ වෙළඳසැල තුළ උණුසුම් සහ පැමිණීමට සිතෙන වාතාවරණයක් නිර්මාණය කිරීම සඳහා උත්සව සැරසිලිවලින් වෙළඳසැල අලංකාර කරන්න.
  7. පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා වෙළඳසැල තුළ උත්සවය ගැළපෙන සංගීතය වාදනය කරන්න.
  8. ඔබේ නිෂ්පාදන උත්සව සමය හැඟවෙන ආකාරයේ තැන්වල තබන්න. එවිට ඒවා තෑගි සඳහා මිල දී ගනු ඇත.
  9. සිත් ඇද ගන්නා සුළු වට්ටම් පිරිනමන්න:
  10. පාරිභෝගිකයින්ව ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් වෙත ආකර්ෂණීය වට්ටම් පිරිනමන්න.
  11. ඇණවුමක සාමාන්‍ය අගය වැඩි කිරීම සඳහා නිෂ්පාදන බණ්ඩල සකසන්න.
  12. තමාට පක්ෂපාතී පාරිභෝගිකයින් වෙත විශේෂ ත්‍යාග ලබා දෙන්න.
  13. Digital අලෙවිකරණ ක්‍රම භාවිතා කරන්න:
  14. Facebook, Instagram සහ TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කර, සාමාන්‍යයෙන් මිනිසුන් ප්‍රිය කරන සහ උත්සව සමය සඳහා ගැළපෙන ඡායාරූප, වීඩියෝ ඇතුළු අන්තර්ගතයන් හා තිරය පිටුපස දසුන් බෙදා ගන්න.
  15. එක් එක් පුද්ගලයාට වෙන වෙනම ගැළපෙන සේ සැකසූ වට්ටම් සහ දීමනා සඳහන් කර විද්‍යුත් තැපෑල හරහා ප්‍රවර්ධනාත්මක පණිවිඩ යවන්න.
  16. වැඩි පාරිභෝගිකයින් පිරිසක් වෙත ළඟා වීම සඳහා search engines වල සහ සමාජ මාධ්‍ය වේදිකාවල මුදල් ගෙවා වෙළඳ ප්‍රචාරණ කටයුතු සිදු කරන්න. මෙය ඔබේ සන්නාමය පිළිබඳ පණිවිඩය වැඩි පිරිසක් අතරට ගෙන යෑම සඳහා ද හොඳ අවස්ථාවකි.
  17. විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබා දෙන්න:
  18. ඔබේ කාර්ය මණ්ඩලය වෙත මිත්‍රශීලී වීමට, සහයෝගය දීමට මැලි නොවීමට හා කාර්යක්ෂම වීමට උපදෙස් දෙන්න. ප්‍රියමනාප කාර්ය මණ්ඩලයක් නිසා පාරිභෝගිකයාගේ මානසිකත්වය යහපත් වී, ඔවුන් මිල දී ගැනීමක් සිදු කිරීමට ඇති සම්භාවිතාව ඉහළ යනු ඇත.
  19. රැඳී සිටීමට සිදු වන කාලය අවම කිරීම සඳහා, මුදල් ගෙවන ක්‍රියාවලිය වඩාත් විධිමත් කරන්න.
  20. පාරිභෝගික විශ්වාසය වැඩි කිරීම සඳහා පැහැදිලි හා පහසු නිෂ්පාදන නැවත හරවා එවීමේ ක්‍රියාදාමයක් ගොඩ නගා ගන්න.
  21. සාප්පු සවාරියේ යෙදෙන පාරිභෝගිකයින්ට පහසු විකල්ප පිරිනමන්න:
  22. ඔබේ මාර්ග ගත වෙළඳසැල පාරිභෝගිකයින්ට භාවිතා කිරීමට පහසු සහ සුරක්ෂිත ගෙවීම් ක්‍රමවේදයක් පිරිනමන බවට සහතික වෙන්න.
  23. පාරිභෝගික පහසුව වැඩි කිරීම සඳහා ඔවුන් වෙත අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර, වෙළඳසැලෙන් ලබා ගැනීමට හැකි පරිදි පහසුකම් සලසන්න.
  24. කාර්ය බහුල පාරිභෝගිකයින් සඳහා වාහනය නවතා පැමිණීමට වත් ඉඩ නො තබා, පාර අයිනේ සිට නිෂ්පාදන ලබා ගැනීමට පහසුකම් සලසන්න.
  25. උත්සව සමයේ තේමාවන්වලට හැඩ ගැසෙන්න:
  26. නත්තල්, සිංහල හින්දු අලුත් අවුරුද්ද, දීපවාලි වැනි ජනප්‍රිය උත්සවවලට ගැළපෙන නිෂ්පාදන පිරිනමන්න.
  27. තෑගි දීමේ කලාව තවත් අලංකාර කිරීමට ආකර්ෂණීය තෑගි දවටන ලබා දෙන්න.
  28. ඔබේ සියලු ම ප්‍රචාරණ කටයුතුවල අදාළ උත්සවයේ තේමාව අඩංගු පණිවිඩ හා රූප යොදා ගන්න.

 උත්සව සමයෙන් පසු කාලයත් සැලසුම් කරන්න:

  • අනාගත උත්සව සඳහා සූදානම් වීමට පාරිභෝගිකයින්ගෙන් අදහස් ලබා ගන්න.
  • අතිරික්ත නිෂ්පාදන තොග නිදහස් කිරීම සඳහා උත්සව සමයෙන් පසු සුවිශේෂි Sales සැලසුම් කරන්න.
  • හොඳ පාරිභෝගිකයින් ව නැවත නැවතත් කැඳවා ගැනීම සඳහා ඔවුන් වෙත විශේෂ වට්ටම් සහ දීමනා ලබා දෙන්න.

මෙම උපදෙස් අනුගමනය කිරීම මගින් ඔබට සෑම නිවාඩුවක් සහ උත්සව සමයක් සඳහා ම පෙර සැලසුම් කළ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලියක් ම ලැබෙනු ඇත. ඒ හරහා ඔබට කාර්ය මණ්ඩල අවශ්‍යතා, තොග සහ ප්‍රචාරණය ගැන පූර්ව අවබෝධයක් ලැබෙනු ඇති අතර, පාරිභෝගිකයින් ද ඔබත් සමග ගනුදෙනු කිරීමට මග බලා ගෙන සිටින තැනට පැමිණෙනු ඇත.


>>>කුඩා විකුණුම් ප්‍රගුණ කිරීම: කුඩා ව්‍යාපාර සඳහා මූලික විකුණුම් ක්‍රමයක්

Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X