spot_imgspot_img

ඔබේ SME ව්‍යාපාරය අර්බුදයකදී ප්‍රමාණයෙන් කුඩා කරන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව මේ මොහොතේ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටී. ලෝකය වටාද යම් ආර්ථික අවපාතයක් දක්නට ලැබී ඇත. ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රමාණයෙන් කුඩා කිරීම මෙවැනි අවස්ථාවලදී ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට හොඳම ක්‍රමය ලෙස පෙනෙනු ඇත. කෙසේ වෙතත්, මෙය කිරීම සැමවිටම පහසු තීරණයක් නොවේ. ඇතැම් විටෙක එයින් අදහස් කරනුයේ ඔබට සේවකයන්ව අත්හැරීමට හෝ, වැටුප් හෝ, මෙහෙයුම් වියදම් විශාල ලෙස කපා හැරීමට සිදු වනු ඇති බවයි. මෙවැනි අර්බුදයකදී ඔබේ SME ව්‍යාපාරය කුඩා කරන්නේ කෙසේද? ඔබට ඔබගේ වියදම් අවම කරගෙන ව්‍යාපාරයට පිටුවහලක් ලබාදිය හැකි ක්‍රම කිහිපයක් මෙන්න.

හැකි සෑම විටම ක්‍රියාදාමයන් පිටතට යොමු කරන්න

ඔබට ඔබගේ SME තත්වයේ රැදී සිටීමට නොහැකි වන සේ ඔබගේ ව්‍යාපාරය විශාල වන බවක් පෙනීමට තිබේනම්, හැකි සැම ක්‍රියාදාමයක්ම පිටතට යොමු කරන්න (outsource කරන්න). අන්තර්ජාල අලෙවිකරුවන්, ගණකාධිකාරීවරුන්, නිර්මාණකරුවන් සහ වෙනත් අයට වැඩ කොන්ත්‍රාත්තු කිරීමෙන් ක්‍රියාවලියේ අනෙකුත් කුඩා ව්‍යාපාරවලට සහාය වන්න. එමගින් ඔබ ඔබේ ව්‍යාපාරයේ ශ්‍රම බලකාය පුළුල් නොකර වෘත්තීය ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවනු ඇත.

SME ව්‍යාපාරයේ ව්‍යාපාරික වේලාවන් අඩු කරන්න

සෑම සතියකම ඔබගේ ව්‍යාපාරය කෙතරම් දින හෝ පැය ප්‍රමාණයක් විවෘතව තබනවාද යන්න තීරනය කොට, අනවශ්‍ය වේළාවන් කපාහැරීමට කටයුතු කරන්න. උදාහරනයක් වශයෙන් ගතහොත්, සඳුදා දිනය විශේෂයෙන් ඵලදායී හෝ ලාභදායී නොවේ නම්, ඔබ විවෘතව සිටීමෙන් ඵලක් නොමැත. නැතහොත් ඉරිදා සහ සඳුදා වසා දැමීමට උත්සාහ කරන්න. ඔබේ පෙරවරුව මන්දගාමී නම්, 9:00 වෙනුවට 10:00 ට විවෘත කිරීම, කාර්ය මණ්ඩලයට වඩා ලාභදායී සහ අඩු ආතතියක් ඇති තත්වයක් උදාකර දෙනු ඇත.

අඩු නිෂ්පාදන සහ සේවා ප්‍රමාණයක් ලබා දෙන්න

ව්‍යාපාරය පරිමාණය කිරීමට එක් මාර්ගයක් වන්නේ, ඔබේ ව්‍යාපාරය පාරිභෝගිකයන්ට ලබා දෙන නිෂ්පාදන සහ සේවා ගණන සීමා කිරීමයි. ඔබ මේ සදහා ගන්නා ප්‍රවේශය ඔබේ කර්මාන්තය මත රඳා පවතින එකකි. සමහර විට ඔබේ ව්‍යාපාරයට අඩු නිෂ්පාදන ප්‍රමානයක් ලබාදීමෙන් ප්‍රතිලාභ ලැබෙනු ඇති අතර, එමඟින් ඔබේ පාරිභෝගික සහාය කණ්ඩායමට ගනුදෙනුකරුවන්ට වඩාත් විශේෂිත සේවාවක් ලබා දීමට අවස්ථාවක් ලැබෙනු ඇත. එසේත් නැතිනම්, විශේෂීකරණය මගින් ඔබට ඔබගේ SME ව්‍යාපාරය වැඩි ආදායමක් ගෙන එන, අඩු පාරිභෝගිකයන් පිරිසක් වඩාත් සරිලන බව ඇතැම් විට ඔබට වැටහෙනු ඇත.

තවත් වටිනා ව්‍යාපාරික දැනුම සඳහා අපේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X