කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) යනු ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වැනි වැදගත් ස්ථානයක් උසුලන, රටේ රැකියා ක්ෂේත්‍රයට හා දල දේශීය නිෂ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් සපයන අංශයක්.
කෙසේ නමුත්, වර්තමාන ආර්ථික තත්ත්වය තුළ ව්‍යාපාර බොහොමයක් විශාල අභියෝගවලට මුහුණ දෙමින් සිටින අතර, විශේෂයෙන්ම නව ව්‍යාපාර සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට එල්ල වී ඇති බලපෑම සුළු පටු නොවේ. මෙම බලපෑම් අවම කර ගැනීමට සහ අවදානම අඩු කර ගැනීම සඳහා විවිධාංගීකරණය ප්‍රමුඛ කාර්යයක් ඉටු කරනු ඇත.
විවිධාංගීකරණය සිදු කළ යුත්තේ කිනම් කාලයක දී ද?
විවිධාංගීකරණය පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ:
- ඔබේ වත්මන් වෙළඳපළ සංතෘප්ත නම්: ඔබේ නිෂ්පාදන හෝ සේවා දැඩි තරගකාරීත්වයකට මුහුණ දේ නම් සහ එම නිසා එහි ලාභාංශ පහත වැටෙන්නේ නම්,
- ඔබේ ප්‍රධාන ව්‍යාපාරය චක්‍රිය නම්: ඔබේ ව්‍යාපාරය උත්සව සහ විශේෂිත කාල වකවානු මත දැඩි ලෙස රඳා පවතී නම්,
- නව අවස්ථා පැන නගී නම්: ඔබේ ව්‍යාපාරයට ප්‍රතිලාභ ගෙන දිය හැකි නව අංශ හෝ තාක්ෂණයන් හඳුනා ගනී නම්,
- ඔබේ තරගකරුවන් ද විවිධාංගීකරණය සිදු කරයි නම්: තරගයේ ඉදිරියෙන් සිටීම සඳහා.
විවිධාංගීකරණය කළ යුත්තේ කෙසේ ද?
- වෙළඳපොළ පර්යේෂණ තුළින්: නව වෙළඳපොළ අංශ, පාරිභෝගික අවශ්‍යතා සහ තරගකරුවන් අධ්‍යයනය කරන්න.
- ඔබේ ප්‍රධාන නිපුණතා විශ්ලේෂණය කරන්න: ඔබේ ව්‍යාපාරයේ ශක්තීන් සහ තවත් වාසි ලබා ගත හැකි අංශ හඳුනා ගන්න.
- විවිධාංගීකරණ සැලසුමක් තෝරා ගන්න:
- නෑකම් කියන අංශ: ඔබේ ව්‍යාපාරයට අදාළ හෝ නෑකම් කියන අනෙකුත් අංශ වෙත ව්‍යාප්ත වෙන්න. උදාහරණයක් ලෙස, නිමි ඇඳුම් අලෙවි කරුවෙකු නම්, පාවහන් අලෙවි කිරීමට ද යොමු විය හැකි.
- නෑකම් නොකියන අංශ: ඔබේ ව්‍යාපාරයට අදාළම නොවන හෝ නව අංශයකට ඇතුළත් වීම. උදාහරණයක් ලෙස, තාක්ෂණික ව්‍යාපාරයක් දේපළ වෙළඳාම්වල ආයෝජනය කිරීම.
- පුළුල් ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම: ඔබේ ඉලක්ක, සැලසුම්, මූල්‍ය අරමුණු සහ අවදානම් අවම කිරීම ද ඇතුළත් සැලැස්මක් ගොඩ නගා ගන්න.
- ප්‍රමාණවත් තරම් අරමුදල් සුරක්ෂිත කර ගන්න: බැංකු ණය, ආයෝජකයින්, සහ රජයේ ප්‍රදාන ඇතුළු විවිධ මූල්‍යමය විකල්ප ගවේෂණය කරන්න.
- ශක්තිමත් කණ්ඩායමක් ගොඩ නගන්න: නව ව්‍යාපාරය ගොඩ නගා ගැනීමට අවශ්‍ය කුසලතා සහ අත්දැකීම් ඇති දක්ෂ පුද්ගලයින් බඳවා ගන්න.
- නිරීක්ෂණය සහ අනුවර්තනය: නිතරම ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කරන්න, අදහස් රැස් කරන්න, ඔබේ සැලැස්ම අවශ්‍ය ලෙස වෙනස් කරන්න.
විවිධාංගීකරණය තුළ අවදානම ශුන්‍ය නොවේ. එහෙත් එය ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දිගු කල් පැවැත්මට අත්‍යවශ්‍ය මෙවලමක්. ඔබේ විකල්ප හොඳින් ගවේෂණය කර, පුළුල් සැලැස්මක් ගොඩ නැංවීම හරහා, වර්තමානයේ දී ඔබේ ව්‍යාපාරය මුහුණ දෙන පසුබෑමෙන් ගොඩ ඒමට හැකි වනු ඇත. ඒ වගේම එමගින් නව ලොවකට දොරගුළු විවෘත වනු ඇත.