spot_imgspot_img

දේශගුණ තත්වවලට ඔරොත්තු දෙන ව්‍යාපාර ගොඩනැගීම: වෙනස් වන ලෝකය සඳහා සූදානම් වීම

දේශගුණික විපර්යාස යනු ලොව පුරා ව්‍යාපාර වලට වඩ වඩාත් බලපෑම් කරන ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථයකි. වෙනස් වන දේශගුණ තත්ව මගින් ආන්තික කාලගුණික වෙනස්වීම්වල සිට පාරිභෝගික මනාපය වෙනස් වීම දක්වා ව්‍යාපාර මත ඇති කරන අභියෝගවලට පෙර සිටම මුහුණ දීමට සූදානමින් සිටිය යුතුය.

මෙම ලිපිය හරහා දේශගුණික විපර්යාස සඳහා සූදානම් වීමේ වැදගත්කම, අවදානම් අවම කිරීමට සහ තිරසාර අනාගතයකට දායක වීම සඳහා ව්‍යාපාරවල උපායමාර්ග අනුවර්තනය කර ගන්නා ආකාරය පිළිබඳ සොයා බැලීමට බලාපොරොත්තු වේ.

දේශගුණික අවදානම තක්සේරු කිරීම:

දේශගුණික විපර්යාස සඳහා සූදානම් වීමේ පළමු පියවර වන්නේ දේශගුණික තත්වයන් හේතුවෙන් ඔබේ ව්‍යාපාරයට මුහුණ දීමට සිදු වන විශේෂ අවදානම් තත්ව පිළිබඳ හඳුනා ගැනීමයි.

සම්පූර්ණ දේශගුණ අවදානම් තක්සේරුවකින් පසුව භෞතික වත්කම්, සැපයුම් දාම සහ මෙහෙයුම්වලට ඇති අවදානම  තක්සේරු කර ගැනීම මෙයට ඇතුළත් වේ. පසුව මෙම තොරතුරු වලින් සන්නද්ධ වී ව්‍යාපාරවලට ඉලක්ක ගත අනුවර්තන සැලසුම් සකස් කිරීම සිදු කළ හැකිය.

තිරසාර භාවිතයන් සමඟ එක් වීම:

තිරසාරත්වය සඳහා කැප වී සිටින ව්‍යාපාර පරිසර සංරක්ෂණයට දායක වනවා පමණක් නොව එමගින් ඔවුන් දීර්ඝ කාලීන ශක්‍යතාව ද ශක්තිමත් කර ගනියි.

කාබන් විමෝචනය අවම කර ගැනීම, අපද්‍රව්‍ය අවම කර ගැනීම සහ පුනර්ජනනීය බලශක්ති ලබා ගැනීම වැනි පරිසර හිතකාමී පිළිවෙත් අනුගමනය කිරීම මගින් පෘථිවියට ප්‍රතිලාභ ලැබෙනවා පමණක් නොව එය සිය සන්නාමයේ කීර්තිය ද ඉහළ නැංවීමට ද දායකවනු ඇත. එමෙන්ම එමගින් පරිසර හිතකාමී පාරිභෝගිකයන් ද ව්‍යාපාරය වෙත ආකර්ෂණය කර ගනු ඇත.

ඔරොත්තු දෙන අන්දමේ යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම:

දේශගුණ ආශ්‍රිත ව්‍යසන නිතරම සිදු වන බැවින් ඒවාට ඔරොත්තු දෙන ආකාරයේ යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම අත්‍යාවශ්‍ය වේ. ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවල පිහිටා ඇති ව්‍යාපාර සඳහා ගංවතුරට ඔරොත්තු දෙන ආකාරයේ ගොඩනැගිලි ඉදිකිරීම හෝ ඒ සඳහා වැදගත් වන උපකරණ ඉහළ නැංවීමෙන් මිල අධික හානි වළක්වා ගත හැකිය.

සාමූහිකව ආපදා වලට මුහුණ දීම සඳහා සහයෝගිතාව වර්ධනය කර ගැනීම:

දේශගුණික විපර්යාස වලට මුහුණ දීම සඳහා බොහෝ විට සාමූහික උත්සාහයන් අවශ්‍ය වේ. දැනුම, සම්පත් සහ හොඳම පුහුණුව බෙදා ගැනීම වෙනුවෙන් ව්‍යාපාරවලට තමන්ට සම මට්ටමේ තවත් කර්මාන්ත, රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකිය.

මෙවන් සහයෝගිතාවන්ට මුලපිරීම මගින් පද්ධතිමය වෙනසක් ඇති කළ හැකි අතර, දේශගුණයට අනුවර්තනය වීමේ උත්සාහයන්වලට ද ධනාත්මක අන්දමේ බලපෑමක් ඇති කළ හැකිය.

පාර්ශව කරුවන් සහ ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගැනීම:

ව්‍යාපාරවලට දේශගුණ විපර්යාස සඳහා අනුවර්තනය වීම් සඳහා තම ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාර සහකරුවන් ද ක්‍රියාකාරී ව සම්බන්ධ කර ගත හැකිය. තිරසාර ඉලක්ක සහ ප්‍රගතිය පිළිබඳ නිවැරදි සන්නිවේදනයක් සිදු කිරීම මගින් පාරිභෝගිකයන්ගේ විශ්වාස සහ පක්ෂපාතීත්වය වර්ධනය කරනු ඇත.

මීට අමතරව තිරසාර වැඩසටහන් සඳහා සේවකයින් ව සම්බන්ධ කර ගැනීම මගින් ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නංවන අතර, සංවිධානය තුළ අරමුණු පිළිබඳ ව ද ඔවුන් තුළ ශක්තිමත් හැඟීමක් ඇති කරවනු ඇත.

දේශගුණික විපර්යාස මඟින් ව්‍යාපාරවලට විවිධ අභියෝග මතු කරනු ඇත. නමුත් පූර්ව සූදානමකින් යුතුව සිටී නම් මෙම අභියෝග අවස්ථාවන් බවට පත් කර ගත හැකිය. දේශගුණික අවදානම් තක්සේරු කිරීම, තිරසාර බව වැළඳ ගැනීම, යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම, ව්‍යාපාර සහකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සහ ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමෙන්  ව්‍යාපාරවලට දේශගුණික තත්ව වලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනගා ගත හැකිය.

තම මෙහෙයුම් ආරක්ෂා කිරීමෙන් සහ තිරසාර භාවිතයට හුරු වීමෙන් ව්‍යාපාරවලට වඩාත් ඔරොත්තු දෙන සහ පාරිසරික වගකීම් සහිත අනාගතයක් කරා ගමන් කිරීමට ද හැකි වනු ඇත.


Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X