spot_imgspot_img

වඩාත් පොදු පාරිසරික හා සමාජීය අවදානම් කිහිපයක් පහත දැක්වේ.

  1. පාරිසරික අවදානම්
  2. සමාජ අවදානම්
  3. වායු විමෝචනය
  4. කම්කරු සහ සේවා කොන්දේසි
  5. බලශක්ති භාවිතය
  6. වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව
  7. අන්තරායකර ද්‍රව්‍ය භාවිතය
  8. ප්‍රජා සෞඛ්‍යය, සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව
  9. භූමි දූෂණය
  10. ආදිවාසී හෝ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ සුබසාධනය
  11. සංස්කෘතික උරුමය

ගැඹුරින් අධ්‍යයනයට : මතු විය හැකි අවදානම් ලැයිස්තුවක්

බැර අවදානම: දඩ මුදල්, ප්‍රමාද ගාස්තු සහ ආයතනික ක්‍රියාකාරකම් නිසා ඇතිවන පරිසර හා සමාජීය කලමනාකරණයේ  නොසැලකිලිමත්කමින් තුන් වන පාර්ශව වලට සිදුවන අලාභ හානි වලට ගෙවීමට සිදුවන  වන්දි මුදල්  මීට අදාල වේ.

මූල්‍යමය අවදානම: පාරිසරික හා සමාජීය ගැටළු හේතුවෙන් මෙහෙයුම් වලට ඇති විය හැකි බාධා මූල්‍යමය අවදානම් වලින් පැන නගී. පාරිසරික හා සමාජීය ගැටලු ඵලදායී ලෙස ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වීමෙන් ව්‍යාපාරික මෙහෙයුම් මෙන්ම මූල්‍ය ආයතන ද අවදානමට ලක් විය හැක.

සන්නාම අවදානම: දුර්වල පාරිසරික හා සමාජීය භාවිතයන් සමඟ ඇති විය හැකි ඍණාත්මක ප්‍රචාර හේතුවෙන් එහි සන්නාම වටිනාකමට සහ ප්‍රතිරූපයට හානි ඇති විය හැක.

ණය අවදානම: පාරිසරික හා සමාජීය ගැටළු හේතුවෙන් ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීමට ගැණුම්කරුවෙකුට නොහැකි වූ විට මෙම අවදානම මතු වේ.

වෙළඳපල අවදානම: පාරිසරික හා සමාජීය ගැටළු හේතුවෙන් ගනුදෙනුවක් හා සම්බන්ධ ඇපකරයේ වටිනාකම අඩුවීම හේතුවෙන් පැන නගී.

මේ සියළු අවදානම් වල අවසාන ප්‍රතිවිපාකය ලෙස කැළැල් වූ කීර්ති නාමයක් ඉතිරි වේ. සමාගමේ  ලාභය අහිමි වීම, හෝ වත්කම් අහිමි වීම, ආයතනයක් ලෙස ඔබේ සාර්ථකත්වයට අහිතකර බලපෑමක් ඇති කළ හැකි ගැටළු මතු වී දිගු කාලීනව මූල්‍ය සහ මානව සම්පත් කෙරෙහි බලපෑම් ඇති කළ හැකිය.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X