spot_imgspot_img

නිවසේ සිට වැඩ කිරීමේදී අඛණ්ඩතාව පවත්වා ගැනීම

COVID-19 වසංගතය අඛණ්ඩව පැවතීම සහ දැන් ශ්‍රී ලංකාව තුළ පවතින ඉන්ධන තත්වයේ උච්චාවචනයන් සමඟ, සේවකයින් පූර්ණ කාලීනව හෝ අවම වශයෙන් දෙමුහුන් පදනමින් කාර්යාලයට සතියේ දින කිහිපයක්ම පමණක් යැමටත්, නිවසේ සිට වැඩ කිරීමටත්, කැමැත්තක් දැක්වීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබේ. එවැනි අවස්ථාවන්හිදී, සේවකයින් නිවසේ සිට වැඩ කරන අතරතුර ඔවුන් අතර අඛණ්ඩතාව පවත්වා ගැනීම සහතික කිරීම අතිශයින්ම වැදගත් වේ. මේ සඳහා පහසුකම් සැලසිය හැකි ක්‍රම කිහිපයකි.

සෑම විටම විනිවිදභාවය අවධාරණය කරන්න

පර්යේෂකයන් රැකියා ස්ථානයේ විනිවිදභාවයේ ප්‍රතිලාභ රාශියක් හඳුනාගෙන ඇති අතර, එම ධනාත්මක ලැයිස්තුව වර්ධනය වීමට ඉඩ ඇත. නමුත් තාක්‍ෂණය දුරස්ථව වැඩ කිරීම ලාභදායී බවට පත් කර ඇති කාළයකදී විනිවිදභාවයද පවත්වා ගැනීම වැදගත් වේ. හවුල් කාර්යාල අවකාශයක ඔබට අන් අයව දැකිය නොහැකි වුවද, සේවක ක්‍රියාකාරකම් සහ නිෂ්පාදනය නිරීක්ෂණය කිරීමට ඔබට ඉඩ සලසන මෘදුකාංග සේවා ඕනෑ තරම් ඇති අතර, ඔබට අවශ්‍ය තරම් දත්ත ලබා ගැනීමට මේවාට හැකියාව ඇත. මෙමගින් ඔබට ඔබගේ සේවකයන්ගේ අඛණ්ඩතාවය ශක්තිමත් කරගත හැක.

නිතිපතා විවෘත සන්නිවේදනයන් පවත්වා ගැනීම

ඔබේ කණ්ඩායම සමඟ නිතිපතා සන්නිවේදනය කිරීමට ඔබේ උපරිමය කරන්න. ඔවුන් සැමවිටම ඔබව ලුහුබැඳිය යුතු යැයි ඔවුන්ට හැඟෙන්නේ නම්, එමඟින් ඔවුන් රැකියාව ගැන ආතතිය හා කනස්සල්ලට පත් විය හැකිය. ඔවුන් ඔබේ ව්‍යාපෘති ගැන ඔබට ලියන තෙක් බලා සිටීම වෙනුවට, ඔවුන්ට යාවත්කාලීනයක් ලබා දීමට මුලිකත්වය ගෙන නියමිත දිනට වැඩ කිරීමට හැකි ක්‍රම සහ ඇති මාර්ග බාධක ගැන ඔවුන්ට දන්වන්න. ඔවුන් ඔබෙන් යාවත්කාලීන ලබා ගැනීමට කැමති ආකාරය ඔබේ කණ්ඩායමෙන් අසන්න. ඔබ දැනටමත් ඔබ වැඩ කරන ව්‍යාපෘති සඳහා ඔබේ කණ්ඩායම සමඟ සමූහ කතාබහක් නොමැති නම්, ඔබේ සංවිධානය භාවිත කරන මාධ්‍යක් ඔස්සේ මෙය සුදානම් කරගන්න.

නව බඳවා ගැනීම් සමඟ ඔබේ වැඩ සංස්කෘතිය ගැලපෙනවාදැයි බලන්න

බොහෝ අවස්ථාවන්හිදී, පවතින කණ්ඩායම් සාමාජිකයන් සමඟ ගැටෙන පෞරුෂයක් ඇති සේවකයන් හට විශිෂ්ට කුසලතා තිබුනද එහි ඵළක් නොමැති අතර, එය ස්ථානීය සේවකයන්ට මෙන්ම දුරස්ථ සේවකයන්ටද අදාළ වේ. එවැනි අවදානමක් ගැනීම අනුවණ් ක්‍රියාවක් වන අතර, මෙය ඔබේ කණ්ඩායමේ අඛණ්ඩතාවට සමස්ත ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකිය. එබැවින් ඔබ අලුතින් සේවකයන් බඳවා ගන්නා විට, ඔවුන් ඔබේ දැනට සිටින කණ්ඩායම සමඟ සංස්කෘතික යෝග්‍යතාවයක් ඇති බවටත්, ඔබේ සේවා ස්ථානයේ දැනට ක්‍රියාත්මක වන සම්මතයන් හට එකග වන බවටත් සෑම විටම වග බලා ගන්න. මේ ආකාරයෙන්, ඔබේ කණ්ඩායම තුල සාමකාමීත්වයක් ඇති වන අතර, ගතිකත්වය ඍණාත්මක ලෙස බලපානු නොලැබේ.

ඔබේ කණ්ඩායම එකිනෙකා හොඳින් දන්නා බවට වග බලා ගන්න

කණ්ඩායම් සාමාජිකයින් අතර මුහුණට මුහුණ හමුවීමක් සිදුවන වේලාවක් නොමැති විට, ඔබේ කණ්ඩායම හුදකලා වීම අතිශය පහසුවෙන් සිදුවිය හැකි අතර, එය විශ්වාසය නැති කරයි. නවීන තාක්‍ෂණයට හේතුවෙන්, දුරස්ථ භාවය හා වේලාවේ වෙනස්කම් තිබුනද, කණ්ඩායම් බැඳීම සහ එකමුතුකම පිළිබඳ හැඟීමක් ඇති කරන හැඳින්වීම්, රැස්වීම් සහ සංවාද පැවැත්වීමට ඔබට හැකියාව ඇත. මෙය සේවා ස්ථානය තුළ වැඩි කාර්යක්ෂමතාවයකට ද තුඩු දෙනු ඇත, එය ඔබගේ ඉළක්ක සදහා යහපත් වේ.

සේවකයින් නිවසේ සිට වැඩ කළත් ඔබේ සේවා ස්ථානයේ අඛණ්ඩතාව සහතික කර ගැනීමට මෙම ක්‍රම කිහිපය අත්හදා බලන්න.

තවත් වටිනා ව්‍යාපාරික දැනුම සඳහා අපේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X