spot_imgspot_img

ඔබේ ව්‍යාපාරයේ ඇති විය හැකි පසුබෑම් ඉක්මනින් හඳුනා ගැනීමට ඉඟි 7ක්

ව්‍යාපාරවල ඇතිවිය හැකිපසුබෑම්කල් තියා නිශ්චය කර ගැනීමටනම් ඒවාට ඇති විය හැකි අභියෝග හඳුනා ගැනීම සහ ක්‍රියාකාරී උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ. සමාගම් විසින් අනතුරු සංඥා හඳුනා ගැනීම මඟින් ඔවුන්ට එම අනතුරුවලින් මිදීමට, පාඩු කපා හැරීමට සහ ඉක්මනින් ප්‍රකෘති තත්වයට පැමිණීමට හැකියාව ලැබෙයි. ඔබේ ව්‍යාපාරයේ පසුබෑම් ඉක්මනින් හඳුනා ගැනීම සඳහා උපදෙස් හතක් පහතින්.

මූල්‍ය ප්‍රමිතීන් නියාමනය:

මූල්‍ය ප්‍රවාහය, ලාභ සීමා සහ ආදායම් ප්‍රවණතා පිළිබඳ විමසිල්ලෙන් සිටින්න. මෙවන් ප්‍රමිතීන්හි හදිසි හෝ දිගු කාලීන පහත වැටීමක් ව්‍යාපාරයේ බිම් මට්ටමේ ගැටලු පිළිබඳ ඉඟි සපයනු ඇති. මේ සඳහා මූල්‍ය ප්‍රකාශය නිතිපතා සමාලෝචනය කිරීම සහ අනතුරු සංඥා හඳුනා ගැනීම වෙනුවෙන් ගැඹුරු විශ්ලේෂණ සිදු කළ යුතුයි.

පාරිභෝගික අදහස් සහ තෘප්තිය:

පාරිභෝගික අදහස් සහ තෘප්තිය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. පැමිණිලිවල හදිසි ඉහළ යාමක් හෝ පාරිභෝගික තෘප්තිමත් බවේ පහළ වැටීමක් ව්‍යාපාරයට ඇති ඉල්ලුමේ වෙනස පෙන්නුම් කරනු ඇති. පාරිභෝගික අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දක්වමින් ඔවුන්ගෙන් ගුණාත්මක අදහස් ලබා ගැනීම මගින් සමස්ත තත්වය මැන ගත හැකි.

වෙළඳපොළ ප්‍රවණතා සහ තරග විශ්ලේෂණය:

කර්මාන්ත ප්‍රවණතා පිළිබඳ අවධානයෙන් සිටිමින් තරගකරුවන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ යුතුයි. වෙළඳපොළ ඉල්ලුම අඩු වීම හෝ තරගකාරීත්වය වැඩි වීම ඔබේ ව්‍යාපාරයට බලපෑම් එල්ල කරනු ඇති. පාරිභෝගික හැසිරීම්වල වෙනස්කම් හඳුනා ගැනීම වෙනුවෙන් සහ නැගීඑන තරගකාරී තර්ජන හඳුනා ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් වෙළඳපොළ විශ්ලේෂණ සිදු කළ යුතුයි. එමගින් ඔබට ඔබේ උපාය මාර්ග නිවැරදිව සකස් කර ගත හැකි වනු ඇති.

සේවක චිත්ත ධෛර්‍යය සහ ඵලදායිතාව:

ඔබේ ශ්‍රම බලකාය නිරන්තරයෙන් ම ඔබේ ව්‍යාපාරයේ සෞඛ්‍ය තත්වය පිළිබඳ මිනුමක් ලෙස ක්‍රියා කරනු ඇති. සේවකයින්ගේ චිත්ත ධෛර්‍යයේ කැපී පෙනෙන බිඳ වැටීමක්, සේවක හැර යාම් වැඩි වීමක් හෝ ඵලදායිතාවේ පහත වැටීමක් ව්‍යාපාරයේ අභ්‍යන්තර අභියෝග පිළිබඳ ඉඟි සපයනු ඇති. සේවකයින් සමඟ නිරන්තරයෙන් සන්නිවේදනය කිරීම, සමීක්ෂණ පැවැත්වීම සහ ගැටලු විසඳීම මගින් ධනාත්මක සහ ඵලදායී පරිසරයක් පවත්වා ගත හැකි වනු ඇති.

ඉන්වෙන්ට්‍රි සහ සැපයුම් දාම කළමනාකරණය:

ඵලදායි ඉන්වෙන්ට්‍රි සහ දාම සැපයුම් කළමනාකරණය හොඳින් ක්‍රියාත්මක වන ව්‍යාපාරයකට අත්‍යාවශ්‍ය අංග වේ. මෙහි දී ඉන්වෙන්ට්‍රි මට්ටම්වල අනපේක්ෂිත උච්චාවචනයක්, සැපයුම් දාමයට ඇති වන බාධාවන් ව්‍යාපාර පහත වැටීමක පූර්ව දර්ශක විය හැකි. සැපයුම්කරුවන් සමඟ සමීප ව සන්නිවේදනය සිදු කරමින් ඉන්වෙන්ට්‍රි වෙනස්කම් නිරීක්ෂණය කිරීම මගින් තත්වය උග්‍ර වීමට පෙර ගැටලුව හඳුනා ගත හැකි.

තාක්ෂණික වෙනස් කම් සහ යාවත්කාලීන වීම:

ඔබේ කර්මාන්තය තුළ සිදු වන තාක්ෂණික දියුණුව සහ තත්කාලීන වෙනස්කම් පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතුයි. නව තාක්ෂණයට අනුවර්තනය වීමට අපොහොසත් වීම හෝ පරිණාමය වන වෙනස්කම්වලට අනුකූල වීමට අපොහොසත් වීම මගින් ඔබේ ව්‍යාපාර අවදානමකට ලක් විය හැක.

එම නිසා කර්මාන්තයේ ප්‍රමිතියට අනුකූල වන ලෙස ඔබේ ව්‍යාපාර ක්‍රියාවලින් සීරුමාරු කිරීම් පිළිබඳ දැනුවත් ව සහ ඒ වෙනුවෙන් ක්‍රියාශීලී ව සිටිය යුතුය.

අවස්ථා සැලසුම් කිරීම සහ ආතති පරීක්ෂා කිරීම:

විවිධ ආපදා/අහිතකර තත්ව යටතේ ඔබේ ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය අවබෝධ කර ගැනීම සඳහා අවස්ථා සැලසුම් කිරීම සහ ආතති පරීක්ෂා කිරීම සිදු කළ යුතුය. විය හැකි වෙනස් සිදුවීම් අනුමාන කිරීමෙන් ඔබට ව්‍යාපාරයේ දුර්වලතා හඳුනා ගනිමින් ඒවාට අනුව අනාගත සැලසුම් වැඩිදියුණු කළ හැක.

මෙම ක්‍රියාශීලී ප්‍රවේශය මගින් ඔබට අනපේක්ෂිත අභියෝගවල දී ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලබා දෙනු ඇති.

ක්‍රියාශීලී කළමනාකරණය සහ ඔබේ ව්‍යාපාර වපසරිය පිළිබඳ ඔබට ඇති දැනුවත් බව, ව්‍යාපාරවල දී එල්ල වන අභියෝග අර්බුද දක්වා වර්ධනය වීමට පෙර එම අභියෝග හඳුනා ගැනීමට සහ ඒවාට විසඳුම් සෙවීමට ප්‍රධාන වශයෙන් හේතු වනු ඇති.


Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X