spot_imgspot_img

සන්නාම දෘශ්‍යතාව සඳහා ඇසුරුම් කිරීම

  • සන්නාම ඇසුරුම් වැදගත් වන්නේ ඇයි?
  • ඔබේ වෙළඳ නාමයට ගුණාත්මකභාවය සහ එහි ප්රතිලාභ තෝරාගැනීම
  • නැවත භාවිතා කිරීමේ හැකියාව දැන් ඇත්තෙන්ම ආකර්ෂණීය වන්නේ ඇයි
  • ‘අන්බොක්සිං’ පිටුපස ඇති න්‍යාය

නිෂ්පාදන ඇසුරුම් කිරීම කාඩ්බෝඩ් සහ ටේප් වලට වඩා බොහෝ දුරදිග ගොස් ඇත. ගුණාත්මක සහ අභිරුචිකරණය කරන ලද ඇසුරුම්කරණයක් තිබීම, ඔබේ සමාගමට සමීප තරඟකරුවන්ගෙන් වෙන්ව ඔබගේ සන්නාමය පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමට උපකාරී වේ. නිර්මාණශීලිත්වය භාවිතා කිරීම, අභිරුචි පෙට්ටියක හෝ බෑගයක සිට අද්විතීය ලේබල වර්ණ දක්වා ඕනෑම දෙයක් ඔබේ සන්නාමය පිළිබදව පාරිභෝගිකයා දැනුවත් කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වේ. ඇත්ත වශයෙන්ම, ඔබේ ඇසුරුම්කරණය ඔබේ නිෂ්පාදනය සහ වෙළඳ නාමය සඳහා කුඩා දැන්වීම් පුවරුවක් ලෙස ක්‍රියා කරයි. පාරිභෝගික හැසිරීම්වාදය සහ මනෝවිද්‍යාව අනුව, නිෂ්පාදනයේ ඇසුරුම් නිර්මාණය බොහෝ විට මිලදී ගැනීමේ තීරණ කෙරෙහිද බලපායි. නමුත් ඔබේ ඇසුරුම්කරණය, පාරිභෝගිකයා තුල නිවැරදි හැඟීමක් ඇති කරන බව සහතික කර ගන්නේ කෙසේද?

ගුණාත්මකභාවය තෝරන්න

ඔබේ නිෂ්පාදනවල ක්‍රියාකාරීත්වය සහ විශ්වසනීයත්වය නිසා ඔබගේ නිෂ්පාදනවලට පාරිභෝගිකයින් කැමති වීම සහ ඔබෙන් නැවත නැවත මිලදී ගැනීම් කරන පාරිභෝගිකයන් බවට ඔවුන් පත්වීම සිදුවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නමුත් මිල අඩු පැකේජයක් නිසා අනාගත ගැනුම්කරුවෙකුට වැරදි හැඟීමක් ඇති වුවහොත්, එය ඔබට පාඩු සිදුකරනු ඇත. ව්‍යාපාර සඳහා, පාරිභෝගිකයන් තුල ඔබගේ නිෂ්පාදන සදහා ඇතිවන පළමු හැඟීමේ බලය නොසලකා හැරීමට කිසිදු ඉඩක් නොමැත. එබැවින්, ඔබේ සන්නාමය සැමවිටම ගුණාත්මකභාවයට ප්‍රමුඛතාවය දෙන බව පාරිභෝගිකයින්ට මතක් කිරීමට අමතක නොකරන්න. 

ඔබගේ ඇසුරුම් නැවත භාවිතා කිරීමට හැකිවීම සදාකාලික විලාසිතාවකි

ඇසුරුම්කරණය එක් අත්දැකීමක් ලෙස සිතීමට, පාරිභෝගිකයා පෙළඹවිය හැකිය. නිසැකවම, එය පාරිභෝගිකයාට නිෂ්පාදනයක් මිළදී ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට උපකාර කරයි. එමෙන්ම එමගින් ඔබගේ නිෂ්පාදන වඩාත් මතක තබා ගත හැකි කරයි. නමුත් නිෂ්පාදනය ඉවත් කිරීමෙන් පසු එය එහි අරමුණ ඉටු කර ඇත. ඔබේ ඇසුරුම් නැවත භාවිත කළ හැකි ඒවා බවට පත් කිරීම පරිසරයට උපකාර කරයි. එනිසාම ඔබගේ සන්නාමය, පාරිභෝගිකයා හඳුනා ගැනීම වැඩි කරයි. මුල් පාරිභෝගිකයා විසින්, ඔබගේ නිෂ්පාදන අන් පුද්ගලයින්ට ප්‍රචාරණය කිරීමට අවස්ථාවක් සපයයි. අලංකාර ආභරණ සහ මල් පෝච්චි බවට පත් කළ හැකි පෙට්ටිවල සිට, ගබඩා කිරීම සඳහා නැවත භාවිතා කළ හැකි ආකර්ෂණීය ඇසුරුම් දක්වා, ඔබගේ නිෂ්පාදන වල ඇසුරුම් අමතක නොවන අත්දැකීමක් හෝ ඔබේ ගනුදෙනුකරුවන්ගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පරිවර්තනය කිරීමට බොහෝ ක්‍රම තිබේ. එමෙන්ම ඔබේ නැවත භාවිත කළ පැකේජයෙහි ජායාරූප සමාජ මාධ්‍යවල පළවෙන සෑම විටම, හෝ පාරිභෝගිකයින්ගේ මිතුරන් සහ පවුලේ අය විසින් ඒවා දකින විට, ඔබේ සන්නාමයට නොමිලේ ප්‍රචාරණය ලැබේ.

ඔබගේ ඇසුරුම් තුලින් අත්දැකීම් නිර්මාණය කරන්න

අත්දැකීමක් නිර්මාණය කිරීම මගින් ඔබේ වෙළඳ නාමය හඳුනා ගැනීම බෙහෙවින් වැඩි දියුණු කළ හැකිය. මෙය ඊ-වාණිජ්‍ය සන්නාම සඳහා විශේෂයෙන් වැදගත් වේ. ඔබේ නිෂ්පාදනය ආඩම්බරයෙන් ඉදිරිපත් කිරීමට අභිරුචි ඇතුළු කිරීමක් භාවිතා කිරීම සලකා බලන්න. නැතහොත් අනපේක්ෂිත ‘වර්ණ පොප්’ යොදාගෙන ඇසට හසුවන විවිද මුද්‍රණ භාවිතා කරන්න. ගෝලීය සංසිද්ධියක් බවට පත් වී ඇති සහ අද දක්වාම අඛණ්ඩව ජනප්‍රියව තිබෙන ‘Unboxing’ පිටුපස ඇති  න්‍යාය මෙයයි. මිනිසුන් පළමු වරට නිෂ්පාදනයක් විවෘත කරන විට ඇතිවන උද්යෝගිමත් සහ විශේෂත්වයක් දැනීමට කැමතියි. ඔබේ නිෂ්පාදන ඇසුරුම්කරණය හරහා එම අත්දැකීම නිර්මාණය කරන්නේ කෙසේදැයි සොයා බැලීම ඔබට වැදගත් වනු ඇත.

ඔබේ ව්‍යාපාරය සඳහා නිසි ලෙස ගැලපෙන නිෂ්පාදන ඇසුරුම්කරණය පිළිබඳ තවත් අදහස් ඔබට තිබේනම්, ඒවා අප සමඟ බෙදා ගන්න!


Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X