spot_imgspot_img

ඔබ ව්‍යවසායකයෙකු විය හැකි බවට ලකුණු

  • සෑම විටම අලුත් ඉළක්කයක් ජයගැනීමට ඇති කැමැත්ත
  • 9 – 5 සාමාන්‍ය රැකියාවකට වැඩිය ආකර්ෂණය නොවීම
  • ඔබ ඔබ අවට දැ පාලනය කිරීමට කැමත්තක් දැක්වීම
  • ඔබට පරාජය ලෙහෙසියෙන් පිළිනොගැනීම

මේ දිනවල වඩාත් ආකර්ෂණීය වෘත්තීය ලෙස සැළ්කෙන්නේ ව්‍යවසායකත්වයයි. නමුත්, එය එතරම් ආකර්ෂණීය වන්නේ කුමක් නිසාද? ඔබේම ව්‍යාපාරයක් ගොඩ නැගීමට ඔබට වඩාත්ම ආකර්ෂණය වන්නේ කුමක්ද? වැදගත්ම දෙය නම්, ඔබ ව්‍යවසායකයෙකු විය හැකි යැයි ඔබ සිතනවාද? ඔබට මේ පිළිබදව යම් චකිතයක් දැනේ නම්, යම් මඟ පෙන්වීමක් ලබා දිය හැකි ලකුණු කිහිපයක් මෙන්න.

ඔබට සැමවිටම අලුත් දෙයක් සාක්ෂාත් කර ගැනීමට උත්සහ කරයි

ව්‍යාපාර හිමිකරුවෙකු වීම යනු ඔබේ සාර්ථකත්වය අඛණ්ඩව වැඩිදියුණු කිරීම සහ ඔබ ඔබට සුවපහසු හෝ පුරුදු දෙය තුල පමණක් කිසි විටෙකත් විවේක නොගැනීමයි. ඔබ අරමුනු සාක්ෂාත් කර ගැනීමට ප්‍රිය කරන්නේ නම්, සහ ප්‍රවීනත්වය සඳහා උත්සාහ කිරීමට ස්වභාවික සහ ඉතා ශක්තිමත් ආවේගයක් ඔබ තුල තිබේනම් ව්‍යවසායකත්වය ඔබට ගැලපෙනවා විය හැකිය.

9 – 5 සාමාන්‍ය රැකියාවකට වැඩිය ආකර්ෂණය නොවීම

සාම්ප්‍රදායික 9 – 5 රැකියාවක නිරිත වීමේ වරදක් නැත. කෙසේ වෙතත්, ඔබ සැමවිටම ඔබේම දෙයක් කිරීමට කැමති අයෙක් නම්, සහ එහි සිටින විට ඔබේ කාලය සහ බහුකාර්යතාව භුක්ති විඳීමට කැමති නම්, ඔබ ව්‍යවසායකයෙකු වීමට ඉතා හොඳ අවස්ථාවක් තිබේ. මීට අමතරව, 9-5 ක් කිරීමෙන් සෑම මසකම නිශ්චිත ආදායමකට ඔබව හිර විය හැකි අතර, ව්‍යවසායකයෙකු වීම යනු, මූල්‍යමය වශයෙන් හෝ වර්ධනය අතින් එවැනි සීමාවක් නොමැත. මෙය ඔබට දිගින් දිගටම ඇතිවන සිතුවිල්ලක් නම්, ඔබට ඒ පිළිබඳව යම් ක්‍රියාමාර්ගයක් ගැනීම නුවණට හුරුය.

ඔබට ඔබ අවට දේ පාලනය කිරීමට කැමැත්තක් දක්වයි

සැම දෙයක්ම පාලනය කිරීමට ඇති කැමැත්ත සෑම විටම සම්පූර්ණයෙන්ම ධනාත්මක ලක්ෂණයක් නොවේ. සැම ව්‍යවසායකයෙකුටම සාර්ථක වීමට කණ්ඩායමක් අවශ්‍යයි. මෙය ඔබගේම ව්‍යාපාරයක් වුවද, අනෙකුත් අයට යම් යම් කාර්‍ය්යන් පැව්‍රීමට ඔබට සිදුවිය හැක. Mඑසේ අන් අය කෙරෙහි යම් විශ්වාසයක් තැබීමට ඔබට හැකිනම්, ඔබ ව්‍යවසායකයෙකු වීමට ඇති ඉඩ්කඩ බොහෝය. 

ඔබ ලෙහෙසියෙන් පරාජය භාර ගැනීමට ඔබ කැමති නැත

බොහෝ ව්‍යවසායකයින්ට පරාජය පිළිගැනීමට අපහසු වේ. ඒ වෙනුවට, ඔවුන් යම් ප්‍රතික්ෂේප කිරීමකට මුහුණ දුනහොත්, ඔවුන් එය සලකන්නේ ජීවිතය ලබා දී ඇති විශිෂ්ට අවස්ථාවක් දැකීමට වෙනත් කෙනෙකුගේ ඇති අසාර්ථකත්වය ලෙස ය. මෙම මානසිකත්වය ව්‍යවසායකයෙකුට ඉතා වැදගත් වන්නේ, අභියෝග පැමිනි විට ඉදිරියට යාමට එය ඔබට උපකාර වන බැවිනි. මුළු ලෝකයම එපා කීවත්, ඔබ සැමවිටම ඔබේ අදහස විශ්වාස කළ යුතු අතර, එය අත් නොහැරීමට උපරිම උත්සාහයක් ගත යුතුය.

ඔබ ව්‍යවසායකයෙකු වීමට සැලසුම් කර ඇති බවට තවත් බොහෝ සලකුණු ඇත. නමුත්, මෙහි සදහන් කරුනු, ඔබට ඔබගේ ගමන යාමට ඉවහල් වන ඉතා වැදගත් සන්ධිස්ථාන කිහිපයකි. ඉතින්, ඔබ සිතන්නේ කුමක්ද? ඔබට ව්‍යවසායකයෙකු විය හැකිද?


Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X