spot_imgspot_img

තිලංක මධුෂාන් දක්ෂතාව එළිමහන් ප්‍රචාරණ ව්‍යාපාරයක් බවට පත් කළ අපූරුව

“Diriya කතා” යනු ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින් අගය කිරීමට සහ ඔවුන්ව ලෝකයට හඳුන්වා දීමට මෙන්ම, තවත් ව්‍යවසායකයින් දිරිගැන්වීමට හැකි ජීවිත කතා සම්බන්ධව www.Diriya.lk විසින් ගෙන එනු ලබන ලිපි මාලාවක්.

එම ලිපි මාලාවේ මෙවර ලිපිය වෙන්වන්නේ, තිලංක මධුෂාන් නම් කලාකරුවා විසින් එළිමහන් වෙළඳ ප්‍රචාරණ, කලා සහ අත්කම් මෙන්ම චිත්‍ර කලාවේ සිය දක්ෂතා භාවිතා කරමින්, සාර්ථකව පවත්වා ගෙන යන Thilanka Advertising & Art Vision ව්‍යාපාරය පිළිබඳවයි.

ඔබේ ව්‍යාපාරය පිළිබඳව විස්තර කළොත්.

බාහිර ප්‍රචාරණ කටයුතු සඳහා නිර්මාණ සිදු කිරීම සහ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය තමයි මගේ ව්‍යාපාරික කටයුතු.

ව්‍යාපාරය ගැන අදහස ආවේ කොහොම ද?

චිත්‍ර කලාවට ඇති ඇල්ම නිසා පාසලේ දීත්, ඉන්පසුවත් චිත්‍ර ඇඳීම් සහ චිත්‍ර ශිල්පය සම්බන්ධ බොහෝ වැඩවලට මම යොමු වුනා. මෙය, මාව එළිමහන් වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රය තෝරා ගැනීමටත්, බිතු සිතුවම් කිරීමට සහ අත්කම් නිර්මාණ කිරීමටත් යොමු කළා.

මෙම ක්ෂේත්‍රය පිළිබඳ මගේ දැනුම වැඩිදියුණු කර ගැනීම සඳහා මම ත්‍රිමාන සජීවීකරණ සහ පරිගණක ග්‍රැෆික් පාඨමාලාවක් අනුගමනය කළා. ඊට පස්සේ තමයි මම ව්‍යාපාරය සඳහා යොමු වුනේ.

ව්‍යාපාරයේ ආරම්භය

2017 වර්ෂයේ දී තමයි ව්‍යාපාරය ආරම්භ කළේ. දැන් ව්‍යාපාරයට අවුරුදු 6ක් පමණ වනවා.

ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබව දිරිගන්වනු ලැබුවේ කවුද? හෝ ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය ලැබුණේ කාගෙන් ද?

මූලික අවස්ථාවේ දී කිසිදු දිරිගැන්වීමක් ලැබුණේ නැහැ. රැකියාවෙන් ඉවත් වීම නිසා දිනෙන් දින ඇති වුන ආර්ථික අපහසුතා මෙම ව්‍යාපාරය පුළුල් කිරීමට විශාල ශක්තියක් වුනා. දිනෙන් දින ව්‍යාපාරයේ නම මගේ දිස්ත්‍රික්කයේ ප්‍රචලිත වීමට පටන් ගත් අවස්ථාවේ රාජ්‍ය ආයතන කිහිපයක් ම අලෙවි අවස්ථා සහ උපදේශන සේවාවන් ලබා දුන් අතර විවිධ ඇගයීම් ද සිදු කරනු ලැබුවා.

මුහුණ දුන් ලොකුම බාධකය?

උත්සව කාලවල දී අමුද්‍රව්‍ය හිඟ වීම, කලින් තොග රැස් කර ගැනීම සඳහා මුදල් නොමැතිකම, 2019න් පසු අප රටේ පැවති පොදු ගැටලු (පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගත ව්‍යාප්තිය, ආර්ථික අර්බුදකාරී තත්වය, බදු සහ ආනයන නීති) මේ සියල්ලම ව්‍යාපාරයට බෙහෙවින්ම බලපෑවා.

ඔබව දිරි ගැන්වූ යම්කිසි දෙයක් තියෙනවා ද?

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ජීවිත කතාවලට සවන් දීම සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන්ගේ ලැබුණු යම් යම් උපදේශනයන් මාව මෙම ව්‍යාපාරය කරගෙන යන්න දිරි ගැන්වුවා. එමෙන්ම රජය මගින් සංවිධානය කරන විවිධ අලෙවි අවස්ථා ද මාව දිරිමත් කළා.

ඔබේ යටතේ සේවය කරන සේවකයන් සංඛ්‍යාව

සේවකයන් 18ක් දෙනෙක් (සෘජුව හා වක්‍රව) පමණ මගේ ව්‍යාපාරය සමඟ එකට කටයුතු කළා. නමුත්, කොරෝනා වසංගතයෙන් පසුව මේ වන විට සේවකයන් සංඛ්‍යාව 10 දෙනෙකුට සීමා වී තිබෙනවා.

ඔබගේ ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලබන අනෙකුත් ආයතන හෝ පුද්ගලයන්

පාරිභෝගිකයන්, අමුද්‍රව්‍ය ලබා ගන්න ආයතන, වයඹ ජනකලා කේන්ද්‍රය, ලංකා සළුසල සහ සේවකයින් මගේ ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලබන ආයතන සහ පුද්ගලයින්.

ඔබට සිතෙන ආකාරයට ඔබේ ධනාත්මක ම ගුණාංගය?

සෑම අභියෝගයක්ම භාර ගැනීම සහ මගේ සියලු පාරිභෝගිකයන් හට මගෙන් ලැබිය යුතු සේවාව ඔවුන්ට අවශ්‍ය ආකාරයටම ලබා දී ඔවුන් තුලින් ගොඩනැගෙන විශ්වාසය තමයි මගේ ධනාත්මක ගුණාංග.

ඔබගේ සහ ඔබගේ ව්‍යාපාරයේ තිබෙන අඩුපාඩු

මගේ ව්‍යාපාර සම්බන්ධ අධ්‍යාපන දැනුම හා පළපුරුද්ද මදිකම තමයි මම අඩුපාඩුවක් විදිහට දකින්නේ. එමෙන්ම ව්‍යාපාරයේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය සහ ක්‍රමවත්ව එම ක්‍රියාවලිය සකසා ගැනීමට තවම නොහැකි වීමත් අඩුපාඩුවක්.

අනාගත සැලැස්ම

නව නිර්මාණ කරමින් දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ ජය ගැනීම තමයි අනාගත සැලැස්ම.

නව ව්‍යවසායකයන්ට ලබා දෙන උපදේශය

කළ නොහැකි කියලා දෙයක් නැහැ. උත්සාහය උනන්දුව කැපවීම මත ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි.

තිලංකගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා යන්න Diriya අපේ ප්‍රාර්ථනාවයි.

ඔබත් ව්‍යවසායකයෙක් නම්, Diriya සමඟ බෙදා ගැනීමට දිරිය කතාවක් ඇත්නම් info@diriya.lk වෙත විද්‍යුත් තැපෑලක් යොමු කරන්න. ඔබේ කතාව ලෝවට ගෙන යන්න Diriya අපි සූදානම්.

Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X