spot_imgspot_img

සම්මුඛ පරීක්ෂණයකදී ඔබ ඇසිය යුතු ප්‍රශ්න මොනවාද?

  • ඔබ සම්මුඛ පරීක්ෂණයකට ඇතුළත් කළ යුතු වැදගත් ප්‍රශ්න
  • එක් එක් ප්‍රශ්නය මගින් අපේක්ෂකයා ගැන ඔබට දැන ගැනීමට හැකි දේ
  • ඔබේ ගන්නා තීරණයට එක් එක් ප්‍රශ්නය වැදගත් වන්නේ ඇයි?

සම්මුඛ පරීක්ෂණයක් තුලින් ඔබ අසනා ප්‍රශ්න, අනාගත සේවකයින් සහ ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් මෙන්ම පෞරුෂයන් ගැන ඉගෙන ගැනීමට ඔබට අවස්ථාවක් සපයයි. සාර්ථක සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඵලදායී සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න ඇසීම ඉතා වැදගත් වේ. මෙහි දැක්වෙන ප්‍රශ්න ඔබගෙන් බොහෝ දෙනෙක් දැනටමත් දැන සිටියද, මෙම ප්‍රශ්න ඇසීම පිටුපස ඇති අභිප්‍රාය හඳුනා ගැනීමද එකසේ වැදගත් වේ.

ඔබ මතක තබා ගත යුතු ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් දෙස බලමු.

01) මට ඔබ ගැන ටිකක් කියන්න?

මෙම ප්‍රශ්නය රැකියා අපේක්ෂකයා තම සාමාන්‍ය වෘත්තීය පසුබිම සහ පුද්ගලික අවශ්‍යතා පැහැදිලි කිරීමට පොළඹවයි. ඔබ සම්මුඛ පරීක්ෂණය කරන පුද්ගලයා පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයකදී ඔබට මෙම ප්‍රශ්නය මුලින්ම ඇසිය හැක. අපේක්ෂකයින් සාමාන්‍යයෙන් මෙම ප්‍රශ්නයට ලබා දෙන පිළිතුරු මගින් සාමාන්‍යෙන් ඔවුන්ගේ වර්තමාන රැකියාව, පෙර භූමිකාව සහ වෘත්තීය අරමුණු සාරාංශ කරයි. මෙම ප්‍රශ්නය මගින් පසුකාලීනව ඔබ අසන වඩාත් නිශ්චිත ප්‍රශ්න සඳහා විශිෂ්ට පදනමක් සැපයිය හැකිය.

02) සාර්ථක වීමට ඔබව පොලඹවන්නේ කුමක්ද?

මෙම ප්‍රශ්නය ඔබේ ආයතනය සඳහා ඔවුන්ගේ හොඳම කාර්යය කිරීමට ඔබේ අපේක්ෂකයාගේ ඇති කැපවීම මැන බලයි. අපේක්ෂකයින් මෙම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වන්නේ, පුද්ගලයන්ට උපකාර කිරීම, අලුත් දේවල් ඉගෙනීම, ආයතනික පද්ධති භාවිතා කිරීම, අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැනි, සාර්ථක වීමට අවශ්‍ය ක්‍රම වැනි ඔවුන් උනන්දු වන හේතු විස්තර කිරීමෙනි.

03) ඔබ ආතතිය පාලනය කරන්නේ කෙසේද?

අභියෝගාත්මක කාර්යයක් සම්පූර්ණ කිරීමට, නියමිත කාලසීමාව සපුරාලීමට හෝ නව නිපුණතාවයක් ඉගෙන ගැනීමට සේවකයින්ට ආතතියක් දැනිය හැකි බැවින්, සේවකයින්ට ආතතිය හොඳින් කළමණාකරනය කරගෙන එය ජය ගන්නේ කෙසේදැයි දැන ගැනීම වැදගත් වේ. මෙම ප්‍රශ්නයට ප්‍රතිචාර වශයෙන්, අපේක්ෂකයින් විවේක ගැනීම, ගැඹුරු හුස්ම ගැනීම, හෝ උපකාර ඉල්ලා සිටීම වැනි ක්‍රම සාකච්ඡා කළ හැක.

04) ඔබේ මිතුරන් සහ සම සේවකයින් ඔබව විස්තර කරන්නේ කෙසේද?

ඔබේ අපේක්ෂකයාගේ විවිධ ඉදිරිදර්ශන සහ ඔවුන්ගේ වැඩ ආචාර ධර්ම ගැන ඉගෙන ගැනීමට මෙම ප්‍රශ්නය අසන්න. එවිට, අපේක්ෂකයෙකුට ඔවුන්ගේ මිතුරන් ඔවුන්ව හැදින්වීමට භාවිතා කරන වචන මොනවාද යන්න ඔබ හොදින් සටහන් කරගන්න. මෙය ඔවුන්ගේ පෞරුෂය පිළිබඳ වැඩි අවබෝධයක් ලබා දෙනු ඇත.

සම්මුඛ පරීක්ෂණයකදී ඔබ අසන ප්‍රශ්න එක් භූමිකාවකින් තවත් භූමිකාවකට විශාල වශයෙන් වෙනස් වනු ඇත. එසේම ඔබේ සංවිධානයේ සංස්කෘතිය සහ ප්‍රතිපත්ති මත පදනම්වද මෙය වෙනස්විය හැක. කෙසේ වෙතත්, ඉහත දක්වා ඇති මෙම මූලික ප්‍රශ්නවලින් සමහරක් ඇසීමෙන් ඔබේ අපේක්ෂකයින්ගෙන් විශිෂ්ට දත්ත රැස් කිරීමට ඔබට උපකාර වනු ඇත, එවිට ඔබට හොඳ තීරණයක් ගැනීමට මෙම විශ්ලේෂණය යොදා ගත හැකිය.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X