ව්‍යාපාරයක අයිතිකරුවෙක් වී විවේකී සුවයෙන් සිටිමින් මුදල් සෙවීම ඔබේ අභිලාෂය නම් නම්, ව්‍යාපාර කිරීම ඔබට කිසිසේත්ම සුදුසු නොවේ. ව්‍යවසායකයෙකු හට ආරම්භයේ පටන් ම විවිධ වූ අසීරු මෙන් ම වේදනාකාරී මොහොතවල් පසුකරමින් සිනාසෙන්නට සිදු වනු ඇත. එහිදී මතු වන අභියෝගවලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද, ඒවා අවම කරන්නේ කෙසේ ද, ඒ තුළින් ගොඩ නැගෙන්නේ කෙසේ ද යන කාරණා හඳුනා ගැනීම තුළින් ඔබට ඔබේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමේ හැකියාව පවතී.
එනයින්, එම අභියෝග හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීම වැදගත් වේ.
1. වෙළඳපොළ වෙනස්වීම් සහ තරගකරුවන් හඳුනා ගැනීම.
ව්‍යාපාරයේ බාහිර පරිසරය පිළිබඳව නිශ්චිත අවබෝධයක් නොමැතිව ඉදිරියට යාම ඉතා අවදානම් සහගතය. වෙළඳපොළ තුළ ඔබට හිමි ස්ථානය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔබට නැති නම්, තරඟකාරීත්වය තුළ ඔබව පසුබෑමකට ලක් වන තුරු ඒ පිළිබඳව ඔබට නොදැනෙනු ඇත. එක්වරම වෙනත් තරගකරුවෙකු වෙළඳපොළට පැමිණීම තුළින් විකුණුම් අහිමි වීම්, සැපයුම්කරුවන් අහිමි වීම් පමණක් නොව කාර්ය මණ්ඩලය අහිමි වීම් වැනි දෑ පවා සිදු විය හැකියි.
වෙළඳපොළ පර්යේෂණ (Market Research) ප්‍රයෝජනවත් වන්නේ මෙවන් අවස්ථාවන්ටය. ගනුදෙනුකරුවන් හා තරගකරුවන් පිළිබඳ ද්විතීයික ගවේෂණ (Desk research) හා ක්ෂේත්‍ර ගවේෂණ (Field research)ද මෙහි දී යොදා ගත හැකියි. මෙම පර්යේෂණ කටයුතු සිදු කරන විට සමස්ත වෙළඳපොළ තුළ ඔබේ තරගකරුට හිමි ස්ථානය ගැන වැඩි අවධානයක් යොමු කිරීමට සැලකිලිමත් විය යුතුය. පහත දැක්වෙන කරුණු ඔබේ ව්‍යාපාරය සමඟ සංසන්දනය කරන්න.
- නිෂ්පාදන හෝ සේවා හී මිල සහ ගුණාත්මක භාවය
- අලෙවිකරණ උපාය
- නිෂ්පාදන බෙදා වෙන් කිරීමේ දී ඔබව අභිබවා යාමට ඔවුන් භාවිතා කරන උපාය මාර්ග.
ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබේ තරඟකරුවන් ඔබට වඩා ඉදිරියෙන් සිටී නම්, ඔබගේ ව්‍යාපාරය ඉහල ස්ථානයකට ගැනීම උදෙසා මෙවන් උපායමාර්ග කල් තියාම භාවිත කර බැලීමට ඔබට හැකියි. ඒ අතරට, වට්ටම් ලබා දීම, Loyalty Rewards ලබා දීම, ඔබේ කොටස්කරුවන් හා තරගකරුවන් ද ඇතුළුව වෙනත් සංවිධාන සමඟ විවිධ ගිවිසුම් වලට එළඹීම හා ඔබේ මෙහෙයුම් ක්රමෝපායන් වැඩි දියුණු කිරීම යන උපාය මාර්ග ද අන්තර්ගත වේ.
වැඩි දුර තොරතුරු කියවීමට : ඔබේ ආදායම සහ ලාභ වැඩි කර ගැනීම (hyperlink article that is under ‘finance’)
2. මූල්‍ය හැසිරවීම.
මූල්‍ය කටයුතු නිසි ලෙස කළමනාකරණය නොකළහොත් ලාභ ලබන ව්‍යාපාර පවා බිඳ වැටීමේ අවදානම පවතී. මෙයින් පෙනී යන්නේ ව්‍යාපාරයක මූල්‍ය කටයුතු නිසියාකාරව හැසිරවීම යනු වැදගත් ම නමුත් දුෂ්කර ම කාර්යයක් බවයි. මෙහිදී ඔබේ සමාගමට දුෂ්කර අවස්ථාවලට මුහුණ දීමට හේතු විය හැකි කාරණා කිහිපයක් මෙසේ දැක්විය හැකියි.
- මුදල් ප්රවාහයේ ගැටලු.
- ගනුදෙනුකරුවන්ගේ ගෙවීම් ප්‍රමාද වීම්.
- මුදල් අය කර ගැනීමේ ක්‍රියාවලියේ නීතිමය පිරිවැය.
- මූල්‍යමය ක්‍රියාකාරිත්වය පිළිබඳ නිසි ලෙස අධීක්ෂණය නොකිරීම.
- බැංකුව සමඟ ඇතිවෙන ගැටලුකාරී තත්ත්ව. (ණය අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම ආදිය)
ඉහත කී ගැටලු කළමනාකරණය කරන ආකාරය ගැන උපදෙස් කිහිපයක් මේ ආකාරයෙන් දැක්විය හැකිය.
1) වඩාත් හොඳ මුදල් ගලා යාමක් සඳහා:
- වඩාත් හොඳින් කොටස් පාලනය සඳහා පුහුණු වන්න.
- සුදුසු ණය ප්‍රතිපත්ති ගොඩ නගා ගන්න.
- දිගු කාලීන ගෙවීම් ක්‍රමවේද සඳහා සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කරන්න.
- අලෙවිකරණ උපාය මාර්ග වැඩි දියුණු කරන්න. (Hyperlink an article from ‘අලෙවිකරණය’)
- අනවශ්‍ය වියහියදම් අවම කරන්න.
- විශේෂඥ උපදෙස් ලබා ගන්න.
2) ප්‍රමාද වී සිදු කරන ගෙවීම් සහ අමතර වියදම් ආදිය කළමනාකරණය කිරීම:
- ගෙවීම් සිදු කිරීමට වාරික ක්‍රමයක් හඳුන්වා දෙන්න.
- නියමිත ගෙවීම් සඳහා වට්ටමක් යෝජනා කරන්න.
- ප්‍රමාද ගෙවීම් සඳහා ගාස්තුවක් අය කරන්න.
- නීති උපදෙස් ලබා ගන්න – මේ ක්‍රමය යෙදීම තුළින් පිරිවැය වැඩි කරන බැවින් අවසාන විකල්පය ලෙසින් භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.
3) අධීක්ෂණය නොකළ මූල්‍ය කාර්ය සාධන:
- කාර්ය සාධනය සෙවීමට ලාභදායිතා අනුපාත( profitability ratios) යොදා ගන්න.
- ලාභාන්තිකයන් (Profit margins) {දළ ලාභාන්තිකය (Gross-Profit margin) සහ ශුද්ධ ලාභාන්තිකය (Net-Profit margin)}
- වත්කම් මත ප්රතිලාභ (Return on assets)
- කොටස් මත ප්රතිලාභ (Return on equity)
- ලාභ ලැබීම සඳහා ඉලක්කයක් ගොඩ නගා ගන්න.
- ලාභාන්තිකයින් (Profit margins) ගැන හොඳින් සැලකිලිමත් වන්න.
- විකුණුම් ආදායම වැඩි කිරීමට මෙන්ම පිරිවැය අඩු කිරීමටත් වග බලා ගන්න.
3. ඔබේ ව්‍යාපාරයට ආයෝජනය කිරීම.
ඉහත පරිද්දෙන් මූල්‍ය කටයුතු හැසිරවීමට නම් ඔබට මුදල් අවශ්‍ය වේ. බොහෝමයක් ව්‍යවසායකයින්ට ආරම්භයේදීම තම ව්‍යාපාර සඳහා ආයෝජනය කළ හැකි මට්ටමින් විශාල ප්‍රාග්ධනයක් නැත. නමුත් වර්තමාන ලෝකයේ, ව්‍යාපාර සමෘද්ධිමත් කිරීම උදෙසා සහාය වන්නා වූ ආයෝජන ක්‍රම කිහිපයක් පවතී.
ඒවායින් කිහිපයක් මෙසේ දැක්විය හැක:
ණය මුදල් (Debt finance): මේ තුළින් සිදු වන්නේ පොළියක් සහිතව නිශ්චිත කාලයක් තුළ දී නැවත ගෙවීම සඳහා මුදල් ණයට ගැනීමයි. බැංකු ණය මෙයට නිදසුනකි.
කොටස් මූදල් (Equity finance): ඔබ විසින් හෝ වෙනත් අයෙකු විසින් ඔබේ ව්‍යාපාරය සඳහා ආයෝජනය කිරීම මේ තුළින් සිදු වේ. උදාහරණ ලෙස පවුලේ කෙනෙක්, මිතුරන්, Angel investors, Venture Capitalists, හෝ Public Floats යන පිරිස් දැක්විය හැකියි.
සමූහ අරමුදල් (Crowdfunding): මෙය සාපේක්ෂව නව ක්‍රමයක් වන අතර මෙමගින් යම් කිසි විශේෂිත ව්‍යාපෘතියකට මුදල් හෝ සම්පත් හෝ දැනුම පරිත්‍යාග කිරීමට කිහිප දෙනෙකුට අවස්ථාව සලසයි. Crowdfunding පිළිබඳව වැඩි දුර තොරතුරු කියවන්න.
4. මානව සම්පත් කළමනාකරණය
වඩා හොඳ පාරිභෝගික සේවාවක් ලබා දීම ගැන මෙන්ම ඔබේ ව්‍යාපාරයේ දීප්තිමත් අනාගතය ගැනද වගකීම දරන්නේ ව්‍යාපාරය තුළ සිටින මානව සම්පතයි.
වැඩි කාර්ය ප්‍රමාණයක් ඉටු කරන සේවකයින් සමාගමේ කාර්යක්ෂමතාව සහ ශක්තිය ඉහළ නංවයි. එබැවින් ශක්තිමත් ශ්‍රම බලකායක් නැතහොත් සේවක පිරිසක් ගොඩනැගීම ව්‍යාපාරය තුළ තබන වැදගත් පියවරක් ලෙසින් සැලකිය හැකිය. එම නිසා මානව සම්පත් හැසිරවීමේ දී පහත සඳහන් කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න:
- ඔබේ ව්‍යාපාරයට අවශ්‍යතා වලට උචිත හැකියාවන් ඇති සේවකයින් තෝරා ගැනීම
- රැකියා විස්තර (job descriptions) ඇති කිරීම
- ව්‍යාපාර සැලැස්ම ඔබේ කාර්ය මණ්ඩලය සමඟින් බෙදා ගැනීම
- අවශ්‍යතා අනුකූලව වගකීම් පැවරීම සිදු කිරීම.
- වැය වන කාලය වෙනුවෙන් හා එකිනෙකාගේ සුවිශේෂීතාවලට උචිත ලෙස නිසි ගෙවීම් ලබා දීම.
- සේවක කාර්ය සාධනය ඇගයීමට ලක් කිරීම.
ඔබේ සේවකයින් සඳහා සතුටුදායක රැකියා පරිසරයක් නිර්මාණය කිරීම ද, ඒ හා සමානව වැදගත් ය. මානව සම්පත් කළමනාකරණ උපාය මාර්ග තුළින් සේවකයන් තුළ ව්‍යාපාරය කෙරෙහි පවතින විශ්වාසය ගොඩ නගා ගැනීමටත්, පවත්වාගෙන යාමටත් හැකියාව ලැබෙනවා. මෙහිදී කුඩා ප්‍රමාණයේ ප්රයත්නයන්ගෙන් ආරම්භ කර පහත දැක්වෙන ආකාරයට පුළුල් ප්රයත්න කරා යොමු විය හැකියි.
- සේවකයා කෙරෙහි ඔබ තුළ පවතින විශ්වාසය පෙනෙන්නට සැලැස්වීම තුළින් ඔවුන්ව පෙළඹවීම.
- ළඟා විය හැකි මට්ටමේ ඉලක්ක ලබා දීම.
- ඔවුන් සමඟ කණ්ඩායම් හමුවීම් පැවැත්වීම හා ඉඳහිට කෙටි නිවාඩු චාරිකා සැලසුම් කිරීම් සිදු කරන්න.
- ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන එක්ව සමරන්නට කටයුතු කරන්න.
- ඔවුන්ටද ඔබේ අවධානය ලැබෙන බව දැනෙන්නට හරින්න.
- ඔවුන්ගේ වෘත්තීය ජයග්‍රහණ වෙනුවෙන් ත්‍යාග ලබා දීමට කටයුතු කරන්න.
- ඉගෙනීමට හා ඒ තුළින් ක්‍රමයෙන් දියුණු වීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න.
5. ව්‍යාපාරය රැක ගැනීම
අවිනිශ්චිත වූ පරිසරයක, ව්‍යාපාරයක ලාභය අහිමි වීම පමණක් ම නොව ඊට අමතරව, ව්‍යාපාරයේ කොටස් වුවද අවදානමට ලක් විය හැකි අවස්ථා මතු විය හැකිය. එබැවින් පූර්වෝපායන් යොදා ගනිමින් ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත්ය.
අවදානමක් යනු, යම් කිසි දෙයක් සිදුවීම හේතුවෙන් ව්‍යාපාරයේ අරමුණුවලට බාධාවක් එල්ලවීමට ඇති හැකියාවයි. මෙකී අභ්‍යන්තර හෝ බාහිර අවදානම්; මෙහෙයුම් අවදානම්, උපායමාර්ගික අවදානම්, මූල්‍යමය අවදානම් හා උපද්‍රව පදනම් කරගත් අවදානම් ආදිය ලෙස දැක්විය හැකියි.
අවදානම් සහ බලපෑම් හඳුනා ගැනීම පිළිබඳ වැඩිදුර දුර තොරතුරු:
අවසාන වශයෙන්, ඔබේ ව්‍යාපාරයට බලපෑ හැකි අවදානම් ලැයිස්තුවක් මෙසේ දැක්විය හැකිය:
- ස්වාභාවික විපත්
- වසංගත රෝග පැතිරීම්
- රටේ අරගලකාරී තත්ව
- ගෝලීය පාරිසරික ගැටලු
- සොරකම හෝ වංචාව
- ත්‍රස්තවාදය
- Online ආරක්ෂණය සහ වංචාව
- සැපයුම්කරු ගේ දාම(supplier chains) බිඳ වැරීම
- විදුලිය / ජලය / ඉන්ධන සැපයීමේ අසමත් වීම්
- කැඩුණු යන්ත්‍රෝපකරණ
- සේවකයින් අවදානමට ලක්වීම්
මේ නිසා අවදානම් සහගත තත්ව නිසියාකාරව හැසිරවීම ඉතා වැදගත් වේ.
- හැකි ඉක්මනින් අවදානම් සහගත තත්ත්ව හඳුනා ගැනීම
- අවදානම් තක්සේරුවක් සහ යථා තත්ත්වයට පත් වීම සඳහා සැලැස්මක් තිබීම
- භූමිය, යන්ත්‍රෝපකරණ, මූල්‍ය හා මානව සම්පත් සඳහා උචිත ලෙස රක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කිරීම
- පරිශ්‍රයේ ආරක්ෂාව සහතික කිරීම
- දැනුවත් භාවය ඇති කිරීම, සේවා ස්ථානය තුළ සෞඛ්‍ය හා ආරක්ෂණ නිර්ණායක අනුගමනය කිරීම
- සයිබර් ආරක්ෂණ(cyber security) ක්‍රම භාවිතය
- පරිගණක පාදක(computer based) අවස්ථාවලදී උපස්ථ පද්ධති(back-up systems) භාවිතා කිරීම.