spot_imgspot_img

රහසේ ගලායන කාලය රැකගන්න.

එක් දිනක් තුළ රැස්වීම් කීපයක්, ප්‍රතිචාර දැක්විය යුතු විද්‍යුත් පණිවුඩ ගොන්නක් මෙන් ම නිරත විය යුතු ව්‍යාපෘති ගොන්නක් විසින් ඔබටත් නොදැනීම ඔබගේ කාලය සොරකම් කරනු ඇත. දිනකට තවත් පැය කිහිපයක් තිබුණේ නම් කෙතරම් අගනේද යන්න ඇතැම් විටෙක ඔබ කල්පනා කරන්නට ඇත.

නමුත් දිනකට කෙතරම් පැය ගණනක් ඔබ විසින් නාස්ති කරනවාදැයි ඔබ දැනුම්වත් ද? ඔබේ මේ කාලය සොරාගන්නන් (Time Stealers) ප්‍රධාන ලෙසින් සිව් වැදෑරුම් වේ. ඔවුන් නම්:

  • අවධානය බිඳ වැටීම්
  • සෑම දෙයකටම ‍“ඔව්” කීම. 
  • වැඩ කල් දැමීම
  • කාලය වැය වන රැස්වීම්

මේවායින් මිදෙන්නේ කෙසේදැයි දැන් අපි සොයා බලමු.

අවධානය බිඳ වැටීම්

  • ඔබේ සැලසුම් ගැන අන් අය දැනුවත් කරන්න.
  • කෙටි කාලීන කර්තව්‍ය (short tasks) සහ විද්‍යුත් තැපැල් පණිවිඩවලට පිළිතුරු සැපයීම සඳහා සෑම දිනකම වේලාවක් වෙන් කරන්න.
  • Screen Calls – මේ පහසුකමෙන්, ඔබට නිශ්චිත කාලයක් තුළ ලැබෙන ඇමතුම්, විද්‍යුත් තැපැල් පණිවිඩ සහ සමාජ මාධ්‍ය යාවතාලීන වීම් නතර කරවිය හැක.
  • ඔබ කාර්ය බහුල වේලාවට ඒ බව දැන්වීම සඳහා, කාර්යයාලීය විද්‍යුත් පණිවුඩයක් (official mail) සහ කාර්යාලයීය කෙටි පණිවිඩයක් (SMS) සකස් කර තබා ගන්න. 
  • ඔබ වැඩ කරන තැන ඝෝෂාකාරී නම් ඉස් බනු (Headphones) භාවිත කරන්න.

සෑම දෙයකටම ‍“ඔව්” කීම.

  • ඔබට ඇති කාලය තක්සේරු කර කාර්ය ප්‍රමුඛතා ලැයිස්තුවක් (priority list) සකසන්න.
  • ඔබට කොපමණ අමතර කාලයක් (Spare Time) ඇත්දැයි සොයා බලන්න.
  • කළ නොහැකි දෙයට,  කළ නොහැකි බව පවසන්න.
  • ඔබට පෞද්ගලිකව ඇති සීමාවන් හඳුනා ගන්න.
  • ඔබට සියල්ලන්ම සතුටු නොකළ හැකි බව මතක තබා ගන්න.

වැඩකල්දැමීම 

  • ඔබේ අවධානය වෙනතකට යොමු කිරීම අවම කරන්න.
  • ලැබී ඇති කාලය තුළ අවසන් කිරීමට ඉලක්ක තබා ගන්න. එම ඉලක්ක සැපිරීමට වග බලා ගන්න.
  • කළ යුතු දෑ ලැ‍යිස්තුවක් (To- Do List) සකස් කර ගන්න. ඒ සඳහා මේ වගේ tools භාවිත කරන්න. : Google Keep, Google Calendar, Microsoft To Do, monday.com, todoist, Evernote.
  • නියමිත කාල රාමු තුළ (Deadlines) වැඩ කරන්න. 
  • ඔබට වඩාත්ම හොඳින් වැඩ කළ හැකි කාල සීමා හඳුනා ගන්න.

කාලය වැය වන රැස්වීම්

  • සැමවිටම රැස්වීමේ න්‍යාය පත්‍රයට අනුව  කටයුතු කරන්න.
  • සෑම මාතෘකාවක්ම සාකච්ඡා කිරීම සඳහා කාල පරාසයක් වෙන් කර තබන්න.
  • නොවැදගත් දේ කතා කිරීමෙන් වළකින්න.
  • න්‍යාය පත්‍රයේ නොමැති මාතෘකා සටහන් කර ඒවා ඊළඟ රැස්වීමට ඇතුළත් කරන්න.

ඔබට මෙවන් සරල උපක්‍රම යොදාගනිමින් ඔබේ කාලය ඉතිරි කර ගත හැක. ඔබ දන්නා වෙනයම්  උපක්‍රම ඇත්නම් ඒවාද භාවිත කරන්න.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X