spot_imgspot_img

ව්‍යාපෘති කළමනාකරණය – හැඳින්වීම

ව්‍යාපෘති කළමනාකරණය යනු ව්‍යාපෘතියක සියලුම අංග කළමනාකරණය කිරීමේ කලාවයි.  කාර්යක්ෂම ව්‍යාපෘති කළමනාකරණයේ වඩාත්ම ඍජු වාසිය නම් ඒ තුළින් ලැබෙන ඉලක්ක සමූහයක් සපුරා ගැනීමේ හැකියාවයි.

ව්‍යාපෘති කළමනාකරණයේ ප්‍රධාන පරමාර්ථ වන්නේ ව්‍යාපෘති අරමුණු සාක්ෂාත් කර ගැනීම, පාර්ශවකරුවන්ගේ අපේක්ෂා සපුරාලීම, අවශ්‍ය ලෙසින් ව්‍යාපෘතිය සංවිධානය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පාලනය කිරීමයි.

ව්‍යාපෘතියක පොදු ලක්ෂණ:
  • කාල නියමය: ව්‍යාපෘතියකට මැනිය හැකි අන්දමේ ආරම්භයක් හා අවසානයක් සහිත නිශ්චිත කාල රාමුවක් ඇත.
  • සම්පත්: පෙළක් විට ව්‍යාපෘතියකට ඇත්තේ සීමිත ප්‍රාග්ධනයක් හා මිනිස් ශ්‍රමයක් විය හැකිය.
  • මෙවලම්: ව්‍යාපෘති කළමනාකරණය සඳහා විශේෂ වර්ගයේ මෙවලම් සහ ශිල්පීය ක්‍රම භාවිතා කරනු ලැබේ (Gantt Charts ආදිය).
  • කණ්ඩායම: ව්‍යාපෘති කළමනාකරණයට විවිධ අංශයන් හී විවිධ  කාර්යයන්වල යෙදෙන පුද්ගලයින් සිටින කණ්ඩායමක් අවශ්‍ය වේ.

ව්‍යාපෘති කළමනාකරණයේ විවිධ අදියර

ව්‍යාපෘති කළමනාකරණ ආයතනය (PMI) ව්‍යාපෘති කළමනාකරණය තුළ පවතින පහත දැක්වෙන අදියර වෙනුවෙන් පෙනී සිටින අතර එය ව්‍යාපෘති කළමනාකරණයේ යෙදී සිටින ඕනෑම කෙනෙකුට ප්‍රයෝජනවත් වේ.

  • ව්‍යාපෘති ආරම්භ කිරීමේ අදියර

ව්‍යාපෘති කළමනාකරණයේ පළමු අදියර වන්නේ මෙයයි. මෙම අදියරයේදී, ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමෙන් ව්‍යාපෘතිය වඩාත් සංකීර්ණ මට්ටමකින් ආරම්භ කර පැහැදිලි කරනු ලැබේ. මේ තුළින්  ව්‍යාපෘතිය ආරම්භ කළ යුතුද නැද්ද යන්න තීරණය කරයි.

  • ව්‍යාපෘති සැලසුම් කිරීමේ අදියර

මෙය නිවසක අත්තිවාරමට සමානය.  මෙම අදියරේදී, ඉදිරි සැලසුම් කිරීම් සඳහා ව්‍යාපෘති කළමනාකරණ සැලැස්මක් සකස් කරනු ලැබේ.  ව්‍යාපෘති විෂය පථය, පිරිවැය, තාක්‍ෂණය, සන්නිවේදනය, සම්පත් සහ අවදානම් පිළිබඳ වෙන් වෙන්ව සැකසූ සැලසුම් මෙයට ඇතුළත් වේ. එමඟින් අනුගමනය කළ යුතු මාවත පෙන්වා දෙනු ලබයි. නිවැරදි සම්පත් භාවිතා කිරීමට සහ ක්‍රියාවලිය අතරතුර ඇතිවිය හැකි අභියෝගයන්ට මුහුණ දීමට ද මෙම අදියරය උපකාරී වේ.  පිරිවැය සහ කාල රාමුව වැනි ව්‍යාපෘති කණ්ඩායමට වැදගත් තොරතුරු ද මෙහිදී  නියම කර ගත හැකිය. මෙවැනි ස්ථීර ව්‍යාපෘති සැලැස්මක් තුළින් පසුව එන අදියරයන්හි ප්‍රතිඵල තීරණය කෙරේ.

  • ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අදියර

ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක වන්නේ මෙහිදීය. කණ්ඩායම විසින් ලබා දිය යුතු ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සම්පත්, උත්සාහය සහ දැනුම ඒකාබද්ධ කරනු ඇත.  එබැවින් මූලික වශයෙන්, ඔබේ ව්‍යාපෘතිය සාර්ථක වේද නොවේද යන්න තීරණය විය හැකි වන්නේ මෙම අදියරයෙන් බව කිව හැක.

  • ව්‍යාපෘතිය අධීක්ෂණය හා පාලන කිරීමේ අදියරය

ක්‍රියාත්මක කිරීම හා සමගාමීව මෙය සිදු කෙරේ. මෙය, ව්‍යාපෘති සැලැස්මට අනුකූලව කාර්ය සාධනය හෝ ප්‍රගතිය මැනීමක් ලෙසට දැක්විය හැකිය. ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව තියුණු විමසිල්ලෙන් සිටිය යුතු අතර, කලින් සකසා ඇති දර්ශක සාක්ෂාත් කර ගැනීමට හා විෂය පථය කළමනාකරණය කර ගැනීම කෙරෙහි අවධානය යොමු විය යුතුය. ව්‍යාපෘතියේ සපුරා ගත යුතු අරමුණු හෝ  අභිප්‍රායන් වැනි කාර්යයන්හි සාර්ථකත්වය තීරණය කිරීමේදී දර්ශක වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.  ව්‍යාපෘතිය අසාර්ථක වන පරිදි අනවශ්‍ය කාලය, ශක්තිය සහ පිරිවැය දැරීමට සිදු නොවන බවට වග බලා ගැනීම සඳහා මෙම අධියර අතිශය වැදගත් වේ.

  • ව්‍යාපෘතියෙහි සමාප්ති අධියර

සියලු ඉලක්ක සපුරා ගත් පසු, අවසාන ප්‍රතිදානය(output) පාරිභෝගිකයාට ලබා දිය හැකිය. මේ තුළින් ව්‍යාපෘතියේ නිමාව සනිටුහන් කරයි. මෙම අවස්ථාවෙහිදී, නිමැවුම භාණ්ඩයක් හෝ සේවාවක් ලෙස පාරිභෝගිකයාට ලබා දෙනු ලැබේ. අනතුරුව සමස්ත ක්‍රියාවලිය සමාලෝචනය කිරීමත්,යොදා ගත් සම්පත් වලට සහන ලබා දීම සහ කණ්ඩායම් සාමාජිකයින් හඳුනා ගැනීම හා ප්‍රතිලාභ ලබා දීම තුළින්  අනාගතයේ දී වඩා හොඳ ව්‍යාපෘති සංවර්ධනය කිරීමට හැකියාව ලැබේ.

ක්‍රියාවලිය තුළ ඉහත දැක්වෙන අදියර පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්නේ නම්, ව්‍යාපෘතිය ඔබ සිතනවාටත් වඩා සාර්ථකත්වයට පත් කර ගැනීමට ඔබට හැකි වනු ඇත.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X