spot_imgspot_img

ව්‍යාපාර ආචාරධර්ම සහ සමාජ වගකීම්

තාක්ෂණික දියුණුව, ගෝලීයකරණය, සංකීර්ණ වූ පාරිභෝගික තෝරාගැනීම් සහ තරඟකාරී ක්රියා ඇතුළු වේගවත් හා අනපේක්ෂිත වෙනස්කම් හේතුවෙන් වත්මන් ව්යාපාරික පරිසරය ඉතා කැළඹිලි සහගත වී ඇත. එහි ප්රතිඵලයක් වශයෙන්, සුළු හා මධ් පරිමාණ ව්යවසායකයන්ට තරඟකාරීත්වය හමුවේ දිවි පවත්වා ගැනීම සහ සාර්ථක වීම මෙන්ම අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සපුරාලීමද ඉතා අභියෝගාත්මක වේ. 

අනෙක් අතට, විශේෂයෙන්ම ව්‍යාපාරයට හිතැති පාර්ශවකරුවන්ගේ සෑම ක්‍රියාවක්ම හරි හෝ වැරදි ලෙස විනිශ්චය කළ හැකි බැවින් පාර්ශවකරුවන්ගේ අපේක්ෂා සමතුලිත කිරීමට උත්සාහ කරන විට ව්‍යාපාරය සුදුසු ආකාරයෙන් පවත්වාගෙන යාම  බොහෝ දෙනෙකුට අභියෝගයක් වී ඇත. සෑම ආයතනයකටම සදාචාරාත්මකව හැසිරීමට අයිතියක් ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. එබැවින් ව්‍යාපාරික ආචාරධර්ම සහ සමාජ වගකීම වෙන කවරදාටත් වඩා වැඩි අවධානයක් දිනා ගනී.

ව්‍යාපාර ආචාරධර්ම 

ආචාර ධර්ම යනු සදාචාරාත්මකව හරි හෝ වැරදි දේ හෝ යුක්තිය හෝ අයුක්තිය කුමක්ද යන්න තීරණය කරන මූලධර්ම, සාරධර්ම සහ විශ්වාසයන් සමූහයක් ලෙස අර්ථ දැක්විය හැක. මෙම ආචාර ධර්ම සංරචක යම් අවස්ථාවක දී පිළිගත හැකි සහ පිළිගත නොහැකි හැසිරීම් සහ තීරණ නිර්වචනය කිරීමට යොදා ගනී.  මූලික වශයෙන්, ආචාර ධර්ම යනු යම් සන්දර්භයක් තුළ නිවැරදි ක්‍රියාමාර්ග තීරණය කිරීමට පුද්ගලයන්ට හෝ සංවිධානවලට උපකාර වන මාර්ගෝපදේශ සමූහයකි. ව්‍යාපාරික ආචාර ධර්ම යනු සමාගමක් සිය මෙහෙයුම් සිදු කිරීම සඳහා වන මාර්ගෝපදේශ ලෙස අනුගමනය කරන සදාචාරාත්මක මූලධර්ම සහ ප්‍රමිතීන් වේ. ව්‍යාපාරික සංවිධානයක හැසිරීම් වල පිළිගැනීම තීරණය කරනු ලබන්නේ සේවකයින්, පාරිභෝගිකයින්, සැපයුම්කරුවන්, ඛෙදාහරින්නන්, තරඟකරුවන්, රජය, ප්‍රජාව සහ වෙනත් උනන්දුවක් දක්වන පාර්ශවයන් ඇතුළත් එහි පාර්ශවකරුවන් විසිනි. තම ව්‍යාපාරික ආචාර ධර්ම හඳුනාගෙන ඇති සංවිධානයක් විසින් අභ්‍යන්තරව හා බාහිරව තම සියලූ ක්‍රියාවන්හි සදාචාරාත්මක තීරණ ගැනීම සිදු කරනු ඇත.

සමාජ වගකීම් 

ලෝකයට විවිධ ආකාරවලින් බලපාන දැවෙන ගැටළු මතු වී තිබීම නිසා මෑත දශක කිහිපය තුළ, සමාගම්වල සදාචාරාත්මක සලකා බැලීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇත. 1960  සහ 1970 දශකවල කාර්මික විප්ලවයේ දී වැඩි වූ පරිසර දූෂණයේ ඍණාත්මක ප්‍රතිවිපාක හා විවේචන නිසා සමාජ වගකීම් පිළිබඳ සාකච්ඡාව වඩාත් පුළුල් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ආයතනික සමාජ වගකීම් සංකල්පය (CSR) 1980 දශකයේදී මතුවිය. මුලදී, ආයතනික සමාජ වගකීම් සැලකුවේ වර්තමාන ක්‍රියාකාරකම්වල ජයග්‍රහණ විඳදරාගන්නා අනාගත පරම්පරාවන් සඳහා ඉහළ වටිනාකමක් ජනනය කරන ආර්ථික වර්ධනය පිළිබඳ දර්ශනය කෙරෙහි පමණක් අවධානය යොමු කරන යාන්ත්‍රණයක් ලෙසය. සමස්ත ආයතනික ව්‍යාපාරික පරිසරයම සෑම පාර්ශ්වයක්ම එකට සම්බන්ධ කරන තනි පරිසර පද්ධතියක් ලෙස සලකමින් එහි හිමිකරුවන්ට සමානවම සමාගමක පැවැත්ම සඳහා ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, සේවකයින්, රජය සහ සමාජය ඇතුළු සියලූම පාර්ශවකරුවන් එක හා සමානව වැදගත් වන බව යෝජනා කරයි.

ඒ අනුව, සමාජයට සිදුවන සෑම ව්‍යාපාරික ක්‍රියාවකම ධනාත්මක බලපෑම් උපරිම කිරීමට ව්‍යාපාරික ආයතනයක් බැඳී සිටින අතරම ඍණාත්මක බලපෑම් ද අවම කර ගැනීමට බැඳී සිටින වගකීම් සමාජ වගකීම ලෙස අර්ථ දැක්විය හැක.

සදාචාරාත්මක සහ සමාජ වගකීමක් ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් වන්නේ කෙසේද?

හිමිකරුවන්/කොටස් හිමියන්

ඔවුන්ගේ ආයෝජනයේ ප්‍රතිලාභය පිළිබඳව මූලිකව සැලකිලිමත් වන එහි කොටස් හිමියන්ගේ හෝ හිමිකරුවන්ගේ අපේක්ෂාවන් තෘප්තිමත් කිරීමයි. මේ සඳහා නිවැරදි ගිණුම් වාර්තා සහ ලේඛන පවත්වාගෙන යාම, ව්‍යාපාරය පිළිබඳ අදාළ තොරතුරු ඔවුන්ට ලබා දීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අවශ්‍ය වේ.

සේවකයින්

සමාගමේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වන බැවින් ව්‍යාපාරවලට ඔවුන්ගේ සේවකයින් කෙරෙහි වගකීමක් ඇත. ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් නිර්මාණය කිරීම, සාධාරණ හා කාලෝචිත වන්දි ලබා දීම, කම්කරු නීති සහ රෙගුලාසිවලට අනුකූල වීම, වෘත්තීය සංවර්ධනය සඳහා සමාන අවස්ථා ලබා දීම, ළමා ශ්‍රමිකයින් භාවිතය තහනම් කිරීම සහ සේවක සුබසාධන කටයුතු ප්‍රවර්ධනය කිරීම මෙයට ඇතුළත් වේ. මෙම වගකීම් ඉටු කිරීමෙන් සමාගමට විශ්වාසවන්ත සහ කැපවූ ශ්‍රම බලකායක් ගොඩනගා ගත හැකි අතර එමඟින් සමාගමේ සමස්ත සාර්ථකත්වයට ධනාත්මක ලෙස දායක විය හැකිය.

පාරිභෝගිකයන්

ව්‍යාපාරික ආයතන ඔවුන්ගේ පැවැත්ම සහ තිරසාර බව සහතික කිරීම සඳහා පාරිභෝගිකයින්ගේ සදාචාරාත්මක අපේක්ෂාවන් සපුරාලිය යුතුය. උසස් තත්ත්වයේ සහ ආරක්ෂිත නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා දීම, පාරිභෝගික අයිතීන්ට ගරු කිරීම, තෘප්තිමත් අලෙවියෙන් පසු සේවා සැපයීම, නිෂ්පාදන පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීම සහ පාරිභෝගික පැමිණිලි කඩිනමින් විසඳීම මෙයට ඇතුළත් වේ. එසේ කිරීමෙන්, සමාගම්වලට පාරිභෝගික වටිනාකම උපරිම කිරීමට සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සමඟ දිගුකාලීන සබඳතා ගොඩනඟා ගත හැකිය.

පරිසරය

පාරිසරික වගකීම් ඉටු කිරීම ව්‍යාපාරික ආයතන සඳහා තීරණාත්මක අංගයක් බවට පත්ව ඇත. වනාන්තර විනාශය, හරිතාගාර වායු විමෝචනය, පරිසර දූෂණය සහ කාබන් පියසටහන් වැනි පරිසරයට තම ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල අහිතකර බලපෑම් අවම කිරීමට ඔවුහු වෙහෙසෙති. ඒ අතරම, නැවත වන වගාව, පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය, සත්ව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, හරිත හා පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වාදීම, අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ නැවත භාවිතා කිරීම සහ විවිධ පාරිසරික ආරක්ෂණ වැඩසටහන් වලට සහභාගී වීමෙන් පරිසරය සුරැකීමට ව්‍යාපාර මූලිකත්වය ගනී.

ප්‍රජාව

ව්‍යාපාරික සංවිධානවලට තමන් ක්‍රියාත්මක වන ප්‍රජාවන්ට සමාජ වගකීමක් ඇත. කලාපයේ සංවර්ධනයට දායක වීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම, සංස්කෘතික විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සහ සහාය දීම සහ ප්‍රජාවගේ සෞඛ්‍ය හා අධ්‍යාපන මට්ටම් වැඩිදියුණු කිරීමේ වැඩසටහන් සමඟ සම්බන්ධ වීම මෙයට ඇතුළත් වේ. මෙම වගකීම් ඉටු කිරීමෙන්, ව්‍යාපාරවලට සමාජය තුළ ධනාත්මක කීර්තියක් ගොඩනගා ගත හැකි අතර ඔවුන්ගේ සමස්ත සමාජ වටිනාකම ඉහළ නැංවිය හැකිය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ව්‍යාපාර ආචාර ධර්ම සහ සමාජ වගකීම්වල වැදගත්කම

අද බොහෝ ව්‍යාපාරික සංවිධාන, සදාචාරාත්මක සලකා බැලීම්වලට අනුගත වීමට සහ සමාජ වගකීම් දැරීමට උත්සාහයක් දරයි. මෙයට හේතුව වන්නේ ව්‍යාපාරික ආචාර ධර්ම සහ ආයතනික සමාජ වගකීම්වලට (CSR) මුල පිරීම් තුළින් තරඟකාරී වාසියක් විය හැකි බව ඔවුන් වටහාගෙන ඇති බැවිනි. අද පාරිභෝගිකයින් පාරිසරික බලපෑම් ඇතුළු සදාචාරාත්මක අංශ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන අතර සදාචාරාත්මක වීම තුළින් සමාගමට වඩාත් විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගත හැකිය. නූතන ව්‍යාපාරික ලෝකයේ සමාගමක් සතු අස්පෘශ්‍ය වත්කමක් ලෙස ව්‍යාපාරික ආචාර ධර්ම දැකිය හැකිය. එය දේශීය වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ද සංවිධානය පිළිබද සමස්ත හොඳ හිත ඉහළ නංවයි. සදාචාරාත්මක තීරණ ගැනීමේ ක්‍රියාවලිය සංවිධානයට තම උපරිම දායකත්වය ලබා දීමට සේවකයින් දිරිමත් කරනු ලබන අතර, සංවිධානයේ සුමට ක්‍රියාකාරිත්වය සහතික කරන නිසා කළමනාකරුවන් අඩු ආතතියක් අත්විඳිති. සමාගමේ සෑම පාර්ශවකරුවෙකුටම සදාචාරාත්මකව සිටීමෙන්, නීතිමය ගාස්තු, වන්දි සහ දඩ වැනි අනවශ්‍ය වියදම් අඩු කිරීමට සංවිධානවලට හැකිය. පාර්ශවකරුවන් සමඟ දිගුකාලීන, තිරසාර සබඳතා ගොඩනඟා ගැනීම ද සමාගමට වාසිදායක විය හැකිය. අවසාන වශයෙන්, සදාචාරාත්මක සලකා බැලීම් මඟින් සංවිධානයේ සමස්ත කාර්ය සාධනය, විශේෂයෙන් මූල්‍යමය වශයෙන් වැඩි කළ හැකිය. ආචාර ධර්ම සහ සමාජ වගකීම් සඳහා ආයෝජනය කිරීමෙන් පාඩු සිදු නොවන අතර ලාභ උපදවයි.


මෙම අන්තර්ගතය CeFEnI/COSME විසින් පහසුකම් සපයන ලද අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කෝට්ටේ විසින් සකස් කරන ලදී.

Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X