spot_imgspot_img

ඩිජිටල් යුගයට අවතීර්ණ වීම: කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා මූලික පියවර 5ක්

වේගවත් තාක්ෂණික දියුණුව ආධිපත්‍යය දරන යුගයක කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ද තරගකාරී ව්‍යාපාර ලෝකයේ රැඳී සිටීමට නම් ඩිජිටල්කරණයට අනුගත විය යුතු වේ.

එම නිසා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් ඩිජිටල්කරණය පිළිබඳ සලකා බැලිය යුතු මූලික පියවර පහක් වෙත අවධානය යොමු කරමු.

මෙහෙයුම් පද්ධති ඩිජිටල්කරණය:

මෙහි මූලික පියවර වන්නේ ඔබේ මෙහෙයුම් හැකි තාක් ඩිජිටල්කරණය කිරීමයි. බිල්පත් සහ රිසිට්පත්, මානව සම්පත් කළමනාකරණය සහ වැටුප් ලේඛන, සැපයුම් දාම සහ කොටස්, විකුණුම් සහ බෙදා හැරීම්, ගිණුම්කරණ සහ මූල්‍ය මෙන්ම විගණනය වැනි ව්‍යාපාරයක් මෙහෙයවීමේ වඩා වැදගත් අංශ ඩිජිටල්කරණය කිරීම අත්‍යාවශ්‍ය වේ. මෙය මගින් මිනිස් ශ්‍රමයේ දැවැන්ත පිරිවැයක් කපා හරිනු ඇති අතර, එය අත්‍යාවශ්‍ය ආයෝජනයක් ලෙස සැලකිය යුතු වේ.

Cloud Computing වෙත යොමු වීම:

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඩිජිටල්කරණයේ දී තවත් එක් මූලික පියවරක් ලෙස Digital Computing වෙත අනුගත වීම හඳුනා ගත හැකි. Cloud සේවා මගින් දත්ත ගබඩා කිරීම, පරිගණක බලය (Computing Power) සහ මෘදුකාංග යෙදුම් (Software Applications) සඳහා ලාභදායී සහ ඵලදායී විසඳුම් ලබා දෙයි.

එමෙන්ම Cloud Computing මගින් තම මෙහෙයුම් ක්‍රමවත් කිරීම, සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ දත්ත වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඉහළ නැංවීම ද සිදු කළ හැකි.

Cloud වෙත සංක්‍රමණය වීමත් සමඟින් ව්‍යාපාරවලට තම යටිතල පහසුකම් පිරිවැය අවම කර ගැනීමට, දත්තවල ආරක්ෂාව සහතික කර ගැනීමට මෙන්ම දුරස්ථ ව වැඩ කිරීමේ අවස්ථාව ද හිමි වන අතර එමගින් ව්‍යාපාරයේ නම්‍යශීලී බව මෙන්ම කඩිසර බව ද වැඩි දියුණු කරනු ඇති.

ඩිජිටල් අලෙවිකරණ උපායමාර්ග:

මෙම ඩිජිටල් යුගයේ දී කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට තම ඉලක්ක ගත පාරිභෝගිකයන් හා සම්බන්ධ වීමට ශක්තිමත් මාර්ගගත (Online) බැඳීමක් තිබීම ඉතා වැදගත් වේ.

ඩිජිටල් අලෙවිකරණය සඳහා සමාජ මාධ්‍ය අලෙවිකරණය, සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය (SEO), විද්‍යුත් තැපැල් ප්‍රචාරණය (E-Mail marketing) සහ අන්තර්ගත අලෙවිකරණය (Content Marketing) වැනි උපාය මාර්ග රැසක් ඇතුළත් වේ. මේවා මගින් ව්‍යාපාරවලට පුළුල්  වපසරියක් තුළ ව්‍යාප්ත වීමට මෙන්ම පාරිභෝගික හැසිරීම් සම්බන්ධයෙන් ද අවබෝධයක් ලබා ගැනීමට උපකාර ලබා දෙයි. තම ගනුදෙනුකරුවන් වඩා හොඳින් අවබෝධ කර ගැනීම මගින් කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට සිය පාරිභෝගිකයන්ගේ පක්ෂපාතීත්වය සහ සිය සන්නාමය වර්ධනය වන ලෙසින් තම නිෂ්පාදන සහ සේවා හසුරුවා ගැනීමට හැකි වේ.

දත්ත විශ්ලේෂණ ක්‍රියාත්මක කිරීම:

දත්ත යනු කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට තීරණ ලබා ගැනීමට ඉතා වටිනා රන් ආකරයක් වැනි ය. දත්ත විශ්ලේෂණය කිරීම මගින් විශාල දත්ත ප්‍රමාණයක් තුළින් අර්ථවත් දත්ත හැසිරීම් රටා සහ ප්‍රවණතා හඳුනා ගැනීමට ව්‍යාපාරවලට අවස්ථාව හිමි වනු ඇති.  ව්‍යවසායකයින්ට මෙම තොරතුරු සිය මෙහෙයුම් ප්‍රශස්ත කිරීමට මෙන්ම, වෙළඳපොළ ප්‍රවණතා හඳුනා ගැනීමට සහ පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට ද භාවිත කළ හැකි.

විකුණුම් රටා හඳුනා ගැනීම, ඉල්ලුම් පුරෝකථනය කිරීම හෝ අලෙවිකරණ උත්සාහයන් පෞද්ගලීකරණය කිරීම වැනි අංශවල දී කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දත්ත මත පදනම් වී තීරණ ගැනීමට, කාර්යක්ෂමතාව සහ තරගකාරීත්වය ඉහළ නැංවීමට දත්ත විශ්ලේෂණය මගින් ඉඩ සපයනු ඇති.

සයිබර් ආරක්ෂණ පියවර:

ඩිජිටල් තාක්ෂණය කෙරෙහි වැඩි විශ්වාසයක් ඇති වීමත් සමඟ සයිබර් තර්ජන ඇතිවීමේ අවදානම ද ඉහළ යනු ඇති. තම සංවේදී තොරතුරු ආරක්ෂා කර ගැනීමට සහ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය පවත්වා ගැනීමට සයිබර් ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දීම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර මගින් අනිවාර්යයෙන් ම සිදු කළ යුතු වේ. ෆයර්වෝල් (Firewall), සංකේතනය (Encryption) සහ නිරන්තර ආරක්ෂණ විගණන ක්‍රියාත්මක කිරීම වැනි ශක්තිමත් සයිබර් ආරක්ෂණ පියවර ක්‍රියාත්මක කිරීම මෙහි දී අත්‍යාවශ්‍ය වේ.

ඇතිවිය හැකි සයිබර් තර්ජනවලට එරෙහිව දැනුවත් කිරීමේ සහ ඒවාට ඔරොත්තු දීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා සයිබර් ආරක්ෂණය පිළිබඳ සේවකයින් පුහුණුකරු කිරීම අත්‍යාවශ්‍ය වේ.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් ඩිජිටල් ලෝකයේ ඉදිරියට යන විට මෙම පියවර ව්‍යාපාරයේ තිරසාර වර්ධනය සහ සාර්ථකත්වය සඳහා මග පාදා දෙනු ඇති.


Content provided by: Content Commune – email: the.conent.commune@gmail.com

Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X