spot_imgspot_img

කොවිඩ්-19, ගමනාන්ත අලෙවිකරණය සහ ඔබ උත්සාහය නතර නොකළ යුත්තේ ඇයි?

කොවිඩ්-19 වසංගතයකින් බේරෙන්නේ කෙසේදැයි කිසිවෙකුත් කිසිවෙකුට ඉගැන්වූයේ නැත. එහෙත් වසර දෙකකට පසු, අපි තවමත් අපගේ උත්සහය අත් නොහැර හැකි සෑම අයුරකින්ම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටින්නෙමු. කෙසේ වෙතත්, මෙම ගෙවීගිය වසර දෙක මුළුල්ලේම විදේශ සංචාර සහ ගමනාන්ත අලෙවිකරණය කර්මාන්තය, කොවිඩ්-19 නිසා ලොව පුරාම පෙර නොවූ  විරූ ලෙස කඩාවැටීමකට ලක්වන්නේ, විදේශ ගමන්, නිවාඩු සහ සංචාර සියල්ලම කඩාකප්පල් වූ නිසාවෙනි.

යම් දිනක සංචාරකයන් නැවතත් පැමිණෙනු ඇතැයි සිතන්න

කලින් මෙන් ගමන් කිරීමට නොහැකි වීම නිසාවෙන් මිනිසුන් යම් තාක් දුරකට නැවතත් ඔවුන්ට පහසුවෙන් ගමන් කිරීමට හැකි වන්නේ කවදාදැයි නොඉවසිල්ලෙන් පසුවෙති. මෙම නිසාම, රටවල් සිය සීමාවන් නැවතත් විවෘත කිරීමත් සමගම මිනිසුන්ගේ ගමන් කිරීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇත. මෙම හේතුවෙන් වැඩිපුරම වාසි ලඟා කරගත් ව්‍යාපාරයන් වන්නේ, මෙම අභියෝගාත්මක කාළය තුල තම උත්සහයන් අත්නොහල ව්‍යාපාරයන්ය. උදාහරණයක් ලෙස ගතහොත්, ඩිස්නිලන්තය තම සියළුම පණිවුඩයන්හි ‘නැවතත් ඉක්මනින් හමුවෙමු’ යනුවෙන් භාවිතා කළේය. රටවල් විවෘත කිරීමත් සමගම මිනිසුන් ඩිස්නිලන්තයට රොක්විය. ඔබගේ පාරිභෝගිකයන්ට ඔබ අමතක වීමට ඉඩ නොතබන්න. උත්සාහය අත් නොහරින්න.

“සාමාන්‍යය” සාපේක්ෂිත වන අතරම “සාමාන්‍යය” නැවතත් පැමිණෙනු ඇත

සාමාන්‍යය සාපේක්ෂිත බව තේරුම් ගැනීමට මීට වඩා සුදුසු අවස්ථාවක් තවත් නොමැත. එමෙන්ම ඔබ, ගමනාන්ත අළෙවිකරුවෙකු ලෙස මෙම ‘සාමාන්‍ය’ තත්වය නැවතත් පැමිණෙන බව විශ්වාස කළ යුතුමය. කොවිඩ් වසංගතයට ප්‍රථම තිබූ ආකාරයේම තත්වයක් නැවතත් ඇති නොවීමට ඉඩ ඇති නමුත්, මේ වන විටත් මිනිසුන් මේ නව සාමාන්‍යට හුරුවෙමින් ගමන් ආරම්භ කර ඇත. ආර්ථිකය නැවතත් පණ ගැන්වෙනු ඇත.

ඔබගේ පාරිභෝගිකයන්ට ඔබ ඔවුන්ගේ සුරක්ෂිත භාවය සහ ආරක්ෂාව පිළිබඳව සිතන බව සහතික කරන්න

ඒ පිළිබඳව අපි කොතරම් කථාකළද, ඒ හා සම්බන්ධ ආරක්ෂාකාරී ක්‍රියා පටිපාටීන් නොසළකා හැරීම හෝ අමතක කිරීම වරදකි. එම නිසා ඔබ ඔබගේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පාරිභෝගිකයන් වෙත යවන පණිවිඩ වල නිතරම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබදව කථාකරන්න. සිය ආරක්ෂාව ගැන නොසිතන ව්‍යාපාරයක් සමග ගනුදෙනු කිරීමට කිසිදු පාරිභෝගිකයෙකු හෝ කැමැති නැත. එම නිසා මෙම කාල වකවානුව තුල ඔබ ඔවුන් සමග සම්බන්ධ වෙන අයුරු පිළිබඳව සැලකිලිමත් වන්න.

එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද?

අලෙවිකරණ හා ප්‍රවර්ධන අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දීම සඳහා සැලසුම් කිරීම දිගටම කරගෙන යන්න. ඔබට දැන් තිබෙන දේ ප්‍රයෝජනයට ගෙන ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න ගමනක නිරත වීමට මිනිසුන් දිරිමත් කරන්නේ කෙසේද යන්න ගැන සිතන්න. තරගකාරිත්වයට වඩා සහයෝගීතාවය ගැන සිතන්න. වඩාත්ම වැදගත් දෙය නම්, ව්‍යාපාර යථා තත්ත්වයට පත් වනු ඇති බවට ඇති බලාපොරොත්තුව තබා ගන්න.


Entrepreneur.com හි පලවූ ලිපියක් ඇසුරිණි. තවත් වටිනා ව්‍යාපාරික දැනුම සඳහා අපේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

ඡායාරූපය: නස්ලි අහමඩ් වෙතිනි.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X