spot_imgspot_img

ආයෝජන වෙනුවෙන් වූ ඔබේ තීරණ ඔබ ඇගැයීමකට ලක් කරන්නේ කෙසේද?

නව ව්‍යාපෘතියක්/ව්‍යාපාරයක් ආරම්භ කරන්නේද නැද්ද යන්න ගැන ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? ඔබේ ව්‍යාපාරය සඳහා එම තේරීම කෙතරම් නම් දුෂ්කර වී තිබේද?

මෙම තීරණ ඔබට පහසු කර ගත හැකි එක් ක්‍රමයක් වනුයේ මින් පෙර, ආයෝජන වෙනුවෙන් ඔබ ගන්නා ලද තීරණ ඇගැයීමකට ලක් කිරීමයි. ඔබේ තීරණවල ප්‍රතිඵල මඟින්, ඔබ වැඩි අවධානයක් යොමු කළ යුතු අංශ මොනවාද, ඔබට ඉදිරියට යා හැක්කේ කුමන අංශ ඔස්සේද යන්නත්, ඔබ කුමන ආකාරයේ ව්‍යාපාරවලින් වැළකී සිටිය යුතුද යන්න ගැන ද ඇඟවුම් කරයි. ආයෝජන තීරණවල ප්‍රතිලාභ සංසන්දනය කිරීම සඳහා ක්‍රම තුනක් භාවිත කෙරෙනු ලබයි.

පළමුවැන්න නම් පිලිගෙවුම් කාල ක්‍රමය වන අතර, ආයෝජනයක් එහි සමච්චේදක ලක්ෂයට ළඟා වීමට ගතවන කාලය ලෙස එය හැඳින්විය හැකියි. මූලික වශයෙන් ආයෝජනයක පිරිවැය නැවත අය කර ගැනීමට ගතවන කාලය ගණනය කිරීම, පිලිගෙවුම් කාලය ඇගැයීමේ පහසුම මාධ්‍යය ලෙස සැලකෙනවා. මෙම සංකල්පය තවදුරටත් ඉගෙන ගැනීමට අපි උදාහරණයක් ගනිමු. සිල්වා මහතාට තම ව්‍යාපාරය සඳහා සූර්ය පැනල පද්ධතියක ආයෝජනය කිරීමට අවශ්‍ය යැයි සිතන්න. අපි කවුරුත් දන්නා පරිදි සූර්ය පැනලවලට විශාල  මුදලක් වැය වනවා. කෙසේ වෙතත්, උදාහරණයක් වශයෙන් අපි සිතමු ඔහුගේ වියදම රුපියල්  12,000 ක් වන බව. මෙම ආයෝජනයෙන් පසු තමාට ලැබෙන විදුලි බිලෙන් ඉතුරුම් ගණනය කිරීමෙන් පසු සිල්වා මහතා මසකට රුපියල්  1,000 ක් ඉතිරි කරන බව සොයා ගත්තා. සරලව කිවහොත්, සූර්ය පැනලය සඳහා ඔහුගේ ආරම්භක පිරිවැය මාස දොළහකින්  ආවරණය වන බව ඔබට පැහැදිලි වනවා ඇති. (1,000×12).  එම සූර්ය පැනලවල ආපසු ගෙවීමේ කාලය හෙවත් පිලිගෙවුම් කාලය එයයි; මාස 12 ක්  නැතිනම් වසර 1 ක් ලෙස දැක්විය හැකියි.

මීළඟ ක්‍රමය වන්නේ ශුද්ධ වර්තමාන අගය (NPV)) වන අතර එය වර්තමාන මුදල් ගලා ඒමේ ප්‍රමාණය සහ යම් කාල සීමාවක් තුළ වර්තමාන මුදල් ගලා ඒම අතර වෙනස ලෙස දැක්විය හැකියි. එනම් අනාගත වර්ෂයන්හි ශුද්ධ මුදල් ප්‍රවාහවල වර්තමාන වටිනාකම් වල එකතුවයි.  මෙය සැබවින්ම ගණනය කිරීම තරමක් අසීරුයි. ඊට හේතු වන්නේ උද්ධමනයයි. වර්තමානය තුළ, රුපියල්   1000 නෝට්ටුවක් රුපියල්  1000 ක් වටී. කෙසේ වෙතත්, තවත් වසරක දී, රුපියල්  1000 හි වටිනාකම අද පවතින තත්ත්වයට සමාන නොවේ. අද රුපියල් දහසක වටිනාකම, වසරකදී ඊට වඩා අඩු වෙනවා, සරලව කිව හොත් අඛණ්ඩව මිල ඉහළ යාම හේතුවෙන් ඔබට නෝට්ටුව භාවිතා කර මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වනු ඇත. NPV උද්ධමන සාධකය අනුව ආයෝජන ප්‍රතිලාභ සකස් කරන අතර ඔබේ ආයෝජනයේ ප්‍රතිලාභ, ඔබගේ ආයෝජන කාල සීමාවෙහි අවසානය කරා ළඟා වන විට ඔබ වියදමට සාපේක්ෂව  වඩා වැඩි මුදලක් ලෙස ඔබට ලැබී ඇතිදැයි මෙයින් පරීක්ෂා කර බලනවා. ධනාත්මක ලෙසින් විග්‍රහ කිරීමේදී NPV යනු සෑම විටම යා යුතු මාර්ගය ලෙස දැක්විය හැකියි.  මෙය ගණනය කරන්නේ කෙසේද? ඒ සදහා තරමක් සංකීර්ණ සූත්‍රයක් පවතිනවා. කෙසේ වෙතත්, ඔබට පහසුවෙන් මාර්ගගත (online) NPV ගණකයක් ​​සොයා ගත හැකි අතර ඔබේ ආයෝජනය ශක්‍යදැයි බැලීමට ඔබේ ආයෝජන තොරතුරු එහි ඇතුළත් කළ හැකියි. මින් පෙර සිල්වා මහතාගෙන් ලබා ගත් උදාහරණයම නැවත ගෙන බලමු, ඔහුගේ ආයෝජනයට මාසිකව රුපියල් 1000 ක ප්‍රතිලාභයක් තිබේද? මාසික උද්ධමන අනුපාතය 10% ක් වන අතර සූර්ය පැනල භාවිතා කළ හැක්කේ මාස 10 ක් පමණි යැයි සිතා මෙය ගණනය කරමු.

පිරිවැය: රු. 12000.00

ඉතින්, ඔහුට නැවත පැමිණීනෙන මුල්‍යමය වටිනාකම සෑම මසකම 10% කින් අඩු වේ.

මාසය 1 =රු. 1000
මාසය 2 =රු. 900
මාසය 3 =රු. 800
මාසය 4 =රු. 700
මාසය 5 =රු. 600
මාසය 6 =රු. 500
මාසය 7 =රු. 400
මාසය 8 =රු. 300
මාසය 9 =රු. 200
මාසය 10 =රු. 100

උද්ධමනය මත සකස් කිරීමෙන් පසු මුළු ප්‍රතිලාභය =රු. 5,500

ලාභය / අලාභය = 5,500-12000 =රු. – 6500

එබැවින්,  පරිසර හිතකාමීව මෙම මහතාගේ ආයෝජනය NPV අනුව සෘණාත්මක වන අතර එය සුදුසු ආයෝජනයක් නොවන බව මෙහිදී පෙනී යනවා. ඉහත උදාහරණය NPV පිළිබඳ ඉතා සරල ගණනය කිරීමක් වන අතර සැබෑ තත්ත්වයන් තුළ ගණනය කිරීමේදී තවත් බොහෝ සාධක සමඟ මෙය සම්බන්ධ වෙනවා.

තෙවන ක්‍රමය වන්නේ ආයෝජන ප්‍රතිලාභ අනුපාතය (IRR) වන අතර එය පහත දැක්වෙන සමීකරණය අනුව පැහැදිලි කරන්නට හැකියි. මෙහිදී ශුද්ධ වර්තමාන වටිනාකම ශුන්‍ය වේ යැයි උපකල්පනය කිරීමත් සමඟ ඔබේ ආරම්භක ආයෝජනයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න පෙන්නුම් කරනවා. මෙය ඇත්ත වශයෙන්ම ඉතා කුඩා වෙනසක් සමඟ NPV ගණනය කිරීම සඳහා අප භාවිතා කරන සමීකරණයම වනවා.

ගණිතමය ප්‍රවේශයකින් ආයෝජන ප්‍රතිලාභ අනුපාතය යනු ව්‍යාපාර සමච්ඡේදනය උදෙසා උද්ධමනය පවත්වාගෙන යා යුතු අනුපාතයයි. දැනටමත් ඔබ මෙහි සංකීර්ණ බව ගැන කල්පනා කරනවාද? ඇත්තෙන්ම ඒ ගැන ඔබ කරදර විය යුතු නැහැ. මෙම කාර්යය ඔබ වෙනුවෙන් කරන online මෙවලම් ඕනෑ තරම් තිබෙනවා. ඒවා පහසුවෙන් අත්හදා බලන්නට ඔබට හැකියි. මේ වනවිට ඔබට යම් වෙහෙසකාරි ගතියක් දැනෙනු නොඅනුමානයි. කෙසේ වෙතත් මේවා සංකීර්ණ න්‍යායන් කිහිපයක් බව සැබැවි. එනමුත් මේ සබැඳිව වැඩිදුර කියැවීම් ඔස්සේ ඔබට සෑම විටෙකම ඔබගේ ආයෝජන සැලසුම්කරණය වෙනුවෙන් ඒවා යොදවාගත හැකියි.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X