spot_imgspot_img

කොටස් මූල්‍යකරණය

කොටස් මුල්‍යකරණය යනු කොටස් විකිණීම හරහා මුදල් රැස් කිරීමයි. කොටස් විකිණීම යනුවෙන් අදහස් වන්නේ සමාගමේ අයිතිය මුදල් වෙනුවට හුවමාරුකර ගැනීමකි. විවිධ වූ හේතූන් නිසාවෙන් සමාගම් විසින් මෙම ක්‍රමය භාවිත කරනවාක් මෙන්ම ඉන් විශාල වත්කම් මිල දී ගැනීම සඳහා අරමුදල් රැස් කිරීමද සාමාන්‍ය දෙයකි. කොටස් මුල්‍යකරණය බොහෝ විට ව්‍යවසායකයාට සම්බන්ධ  වන විවිධ ප්‍රභවයන්ගෙන් පැමිණිය හැක. කොටස් මුල්‍යකරණයට පෙර නිසි වෘත්තීය පුහුණුවක් ලබාගැනීම ඉතා වැදගත් වේ. “කොටස් මුල්‍යකරණය” යන යෙදුම හුවමාරුවක ලැයිස්තුගත කර තිබෙන (listed on an exchange) “පොදු සමාගම්” සඳහා භාවිතා වන නමුත්  පෞද්ගලික සමාගම් සඳහා ද භාවිතා කළ හැකියි.

ඔබේ ව්‍යාපාරය නිසි පරිදි  තක්සේරු කිරීම කොටස් මුල්‍යකරණය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වැදගත්ම කොටසයි. මෙහි ගැටළුවක් පවතී.එනම්, ඇතැම් විට ව්‍යාපාරයක් තක්සේරු කිරීම සඳහා බොහෝ ක්‍රම භාවිතා කර තිබුණද එය කිසි විටෙක නිවැරදිව තක්සේරු වී නැති බව ඔබට දැනෙනු ඇත. මෙනිසා ඔබගේ ව්‍යාපාරය තක්සේරු කිරීමට ක‍්‍රමවේදයන් කිහිපයක්ම භාවිත කිරීම වඩා උචිතය. එමෙන් ම හොඳින් මතක තබා ගත යුතු කරුණක් වන්නේ ඔබගේ ව්‍යාපාරයේ නියම තක්සේරුව ලෙස ආයෝජකයා අවසාන වශයෙන් ඔබගේ ව්‍යාපාරයට ගෙවීමට කැමති වන මුදල සැලකිය හැකි බවයි. එබැවින්  පිටස්තර කෙනෙක් තමන්ගේම තක්සේරුවක් කරන්නේ කෙසේදැයි කියල ඔබ දැනගැනීම  වැදගත්.  සාමාන්‍යයෙන් මෙය දෙයාකාර වේ. පළමු ක්‍රමය  සියලු වත්කම්වල වෙළඳපොළ වටිනාකම එකතු කිරීමයි. දෙවන ක්‍රමය නම් අනාගත ලාභය තක්සේරු කිරීමට උත්සහ කිරීමයි. ඔබ සැළකිය යුතු ආයෝජනයක් අපේක්ෂා කරන්නේ නම්, වෘත්තීය උපදේශකයෙකුගේ සහය පැතීම වඩාත් සුදුසුය. බැංකු මෙන් ම අනෙකුත් මුල්‍ය උපදේශන, වෙළඳපොල පර්යේෂණ ආයතන විසින් ද මෙම සේවාවන් සපයනු ලබයි. ඔබේ අනාගත ආයෝජකයින්, විශේෂයෙන් ඔවුන් ආයතනික ආයෝජකයින් නම්, ඔවුන්ගේම විශ්ලේෂණයක් කිරීමට ඉඩ තිබේ. කෙසේ වුවත්, ඔබේ ශක්තින් හා දුර්වලතා ගැන හොඳ අවබෝධයක් ලබාගැනීම ඔබේ යහපතට හේතුවනු ඇත. එම අවබෝධය අවසානයේදී ඔබට කේවල්කරණයේ යෙදෙන විටදී ඉතා වැදගත්  විය හැකියි.

මේ සියල්ල තාර්කිකව න්‍යායාත්මකව විග‍්‍රහ කළ හැකි වුවත් අවසානයේ සියල්ල රඳා පවතින්නේ ඔබේ කේවල්කරණ හැකියාව මත වේ. ඔබ තුළ පවතින, තවත් අයෙකු තමන් වෙත පොළඹවා ගැනීමට ඇති හැකියාවත්, විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට ඇති හැකියාවත්, ඔබේ අනාගත ආයෝජකයින් හමුවීමට යාමේදී හොඳින් සුදානම් වීමටත් වග බලාගන්න. කොටස් මුල්‍යකරණය යනු අරමුදල් සඳහා ප්‍රතිලාභ ලෙස පාර්ශව දෙකක් කොටස් වෙළඳාම් කරන හුදු ක්‍රීඩාවක් නොවන බව ඔබට අමතක විය හැකි යි. එහි දී ක්‍රියාත්මක වන තවත් සාධක තිබෙනවා. නිදසුනක් ලෙස, කොටසක් මිලට ගත් පසු ආයෝජකයාට ඡන්ද අයිතිය, ලාභාංශ සඳහා අයිතිවාසිකම් හා අනාගත කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් වෙනස් කිරීමේ අයිතිය පවා හිමිවෙනවා. මෙයින් අදහස් කරන්නේ ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය ගැන ප්‍රකාශ කිරීමට  ආයෝජකයාට හැකියාවක් තිබෙන බවයි. ඉහළ වටිනාකමක් ඇති ව්‍යාපාරයක පාලනය කළ නොහැකි කොටස් හිමිකමක් හෝ ඊට සාපේක්ෂව කුඩා ව්‍යාපාරයක පාලන හිමිකම ලබාගන්නවා ද යන්න තීරණය කිරීමට ඔබට අවස්ථාව තිබිය හැකියි.

පරිපූර්ණ ගිවිසුමක් (Perfect Agreement) ඇතිකර ගැනීමත් එක්තරා ආකාරයක උපායශීලි කටයුත්තකි. ප්‍රධානම කාරණය වන්නේ, සෑම දෙයක්ම දෙවරක් පරික්ෂා කර බැලීමයි. ඇතැම් අවස්ථාවල තුන්වැනි වරටත් ඔබගේ නීති උපදේශක කණ්ඩායම සමග එම ගිවිසුම පරීක්ෂා කර බලන්න. එහිදී එම ගිවිසුමට අදාළ පරිදි සියලුම අතිශය වැදගත් වගන්ති ඇතුළත් කර ඇත්දැයි සහතික කර ගැනීමට වග බලා ගන්න. ව්‍යාපාරයේ හිමිකාරිත්වයේ සාධාරණ අනුපාතයක් සමඟ අරමුදල් මට්ටමට ගැලපෙන පරිදි ගිවිසුම සකස් කළ යුතුය. මෙහි ප්‍රතිඵලය වන්නේ  මුදල් භාරදීමයි. ගිවිසුමට ව්‍යාපාර උපදෙස් හෝ ආයෝජකයා විසින් සපයනු ලබන වෙනත් ව්‍යාපාර ආධාරක කාර්යයන් සඳහා ප්‍රවේශය ඇතුළත් විය හැකි අතර ඒවා මුදල් තරම් වටිනා විය හැකිය.  මෙම ගිවිසුම් අංශයෙන් අංශයට වෙනස් විය හැකි නියාමන අවශ්‍යතාවලට අනුකූලව සැකසිය යුතුයි

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X